කෙහෙළියට ඇත්තටම මොකද වුණේ? කෙහෙළියට ඇත්තටම මොකද වුණේ කියන එක දැනගන්න අපේ රටේ බොහෝ දෙනෙක් හරිම කැමැත්තෙන් ඉන්නේ. ඒකට හේතුව දැන් අපි දන්නවා. කෙහෙළිය බන්ධනාගාරගත කරනවා ඔහුට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්.(Sri Lanka Latest News) එම චෝදනාව තමයි ඖෂධ සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලු. සමහර අය මේකට හොර බෙහෙත් කියනවා. තවත් සමහර අය මේකට ප්‍රමිතියෙන් තොර බෙහෙත් කියනවා. විවිධාකාරයෙන් බෙහෙත් අර්බුදයක් නිසා ඔහු බන්ධනාගාරගත කරලා ඉන්නේ.
හැබැයි බන්ධනාගාරගත වුණාට පස්සේ අපට කෙහෙළිය සම්බන්ධයෙන් නිතරම අහන්න ලැබෙන්නේ ඔහු අසනීපෙන් ඉන්නවා, රෑ තිස්සේ හුස්ම ගන්න බැරිව යනවා, බෙහෙත් ඉල්ලනවා, බෙහෙත් ප්‍රතික්ෂේප කරනවා වගේ කතන්දර. ඇත්තටම ලංකාවේ මේ විදියට බන්ධනාගාරගත වුණාම ඔවුන් හැරෙන තැපෑලෙන් කරන්නේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන එක. මේක හරිම සාමාන්‍ය දෙයක්. මොකද ඒකට හේතුව රටක් ඇතුළේ ඉද්දී බන්ධනාගාරගත වෙන වැරැදිකරුවෙක්ට සැපටම ඉන්න පුළුවන් තැන තමයි බන්ධනාගාර රෝහල. ඒ සඳහා බන්ධනාගාර රෝහල් හදලා තියෙනවා. බන්ධනාගාර රෝහල ඇතුළේ හොඳ පහසුකම් ටිකක් ගන්න පුළුවන් විදියට පොඩි පොඩි සෙප්පඩ විජ්ජා ටිකක් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවා අපට ඇහිලා දැනිලා තියෙනවා.
කෙහෙළිය කරන්නේ මේ වගේ සෙල්ලමක්ද? කෙහෙළිය දැන් රෝහල්ගත කරලා ඉන්නේ බොරුවටද? ඇත්තටමද? අපි සූදානම් වුණා කෙහෙළිය බන්ධනාගාර රෝහල තුළ ඇත්තටම කරන්නේ මොනවද කියන එක ගැන හොයන්න. ඒක හෙව්වේ කොහොමද, අපි ඇතුළට ගියේ කොහොමද, කවුද අපට මේ තොරතුරු ලබාදුන්නේ කියන එක ගැන කිසිවක් අපි හෙළිකරන්නේ නැහැ. නමුත් කෙහෙළිය මේ රෝහල ඇතුළේ ඉඳගෙන කරන්නේ මොනවද කියන එක නම් අපි මෙතැන් සිට එකිනෙක හෙළිකරන්නටයි සූදානම් වෙන්නේ. කිසිවෙක් අමනාප වෙන එකක් නෑ මේ වගේ කාරණාවක් අපි හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම මාධ්‍යවේදීන් විදියට අපි නිරන්තරව අවදියෙන් සිටි මාධ්‍යවේදීන්.
ඒ නිසා අපට වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේවා ගැන හොයලා බලන්න. එතකොට කෙහෙළිය අසනීප වෙනවා කියලා කියන්තේ ඇත්තටමද? කෙහෙළියට ඇත්තටම ශ්වසනාධාර සවිකරලද තියෙන්නේ? මේවා හොයන්න අපි තීරණය කළා. මොකද, ජනතාවගේ බදු මුදලින් යැපෙන දේශපාලකයන්ට හිතුවක්කාර විදියට බන්ධනාගාරගත වෙලා, බන්ධනාගාර ඇතුළේ සැප විඳින්න පුළුවන් නම් සාමාන්‍ය අහිංසක මිනිහෙක්ටත් බන්ධනාගාරයට ගියාට පස්සේ සැප විඳින්න අවස්ථාව ලබාදිය යුතුයි. ඒ කාරණාව ගැන හිතලයි අපි මේ කාරණාව මතු කරන්නේ. එහෙම නැතුව කිසිම හේතුවක් නිසා ඔබ වැරැදියට අවබෝධ කරගන්න එපා, අපිට කෙහෙළිය ගැන උදම් අනන්නට, කෙහෙළිය වීරයෙක් කරන්නට, කෙහෙළිය මාර පොරක් කරන්නට කිසිම අවශ්‍යතාවක් අපට නෑ.
අපිට කිසි දිනෙක අමතක වෙන්නේ නෑ කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී කියපු කතාව. රෝහල්වල රෝගීන් මියයෑම හරිම සාමාන්‍යයි. ඒ නිසා තමයි රෝහල් ඉස්සරහා මල්ශාලා තියෙන්නේ කියලා ඔහු කිසිම විළිසංගයක් නැතුව කටේ දිවේ නොගෑවී කියලා දැම්මා. එහෙම මිනිහෙක්ට අනෙක් මිනිහෙක්ගේ දුක වේදනාව දැනෙන්නේ නැති බව අපි ඉන්තේරුවෙන්ම දන්නවා. ඒ නිසා කෙහෙළිය රඹුක්වැල්ල වගේ මනුස්සයෙක් කිසිසේතම දේශපාලන ලෝකයේ වීරයෙක් කරන්න අපට අවශ්‍ය නෑ.
නමුත් ඔහුට වෙලා තියෙන දේ ඇත්තටම අපි ඔබට කියන්නේ එක්කෝ ඔබ හිතන්න මේ තමයි මේ ආත්මයේදීම ඵලදීමේ ක්‍රමවේදය කියලා. එහෙම නැත්නම් ඔබ හිතන්න මේ තමයි දිට්ඨධම්මවේදනීය කර්මය කියලා. එහෙමත් නැත්නම් ඔබ හිතන්න මේ තමයි ඇත්ත මනුෂ්‍ය ජීවිතය කියලා. නැත්නම් ඔබ හිතන්න ඔහු කරන්නේ වංචාවක් කියලා. හිතන දේ ඔබ සතුයි. මේ කතාව හෙළිදරව් කරන එක අප සතුයි. මෙතැන් සිට අප සිදුකරන්නට බලාපොරොත්තු වන්නේ අන්න ඒ හෙළිදරව් කිරීමයි.
වැලිකඩ බන්ධනාගාරයට කෙහෙළියව ගෙනිච්චට පස්සෙ ඔහුට හැරෙන තැපෑලෙන්ම අසනීප වෙනවා. ඒක අපි දිගින් දිගටම කියන විදියට සාමාන්‍යම දෙයක්. ලොකු ලොකු අය හිරේ ගියාට ඔවුන් සාමාන්‍යයෙන් ඉන්නෙ රෝහලේ. අසනීපයි කිව්ව කෙහෙළියටත් PH එකට (බන්ධනාගාර රෝහලට) යන්න වාසනාව උදාවෙනවා.
3 වැනි වාට්ටුවට තමයි කෙහෙළියව වැටෙන්නෙ. ආරංචි විදියට දුමින්දත් මෙයාව ගණන් අරගෙන නෑ කෙහෙළිය අඬනවා නිතරම ඔව්වා ගැන කියවමින් කියලයි ආරංචි. ඔය අස්සෙ ‘මාව එල්ලුම් ගහට යවන්න’ කියලා දවසක් කෑගහලා එකපාරටම. ඒ වෙලාවෙ දුමින්ද එක්කත් පොඩි වලියක් එහෙමත් ගියාලු.
මුලින් මුලින් නම් යාළුවො ආවා ලු. ඒත් දැන් බලන්න එන්නෙ නෑලු. කොහොම වුණත් කෙහෙළිය රෑට ඔක්සිජන් ගහගෙන නිදාගන්නව කියලයි කියන්නෙ. ඒ අස්සෙ මේ හාදයට ටොයිලට් යන්නත් අමාරුයි කියලා අහල පහළ ඉන්න අය කියනවා.
අනේ මන්දා ඕවා ඉතිං….
තව තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් ලු ආයුබොවන්ඩ.
ඒ වුණාට මතක තියාගන්න ඕනෙ ගම්වල පොඩි කතාවක් තියෙනවා හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියලා. ඒ වගේම තියෙනවා නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා කතාවකුත්. ඒ නිසා ඉස්පිරිතාලෙ ඉන්නෙ කෙහෙළිය මහත්තයට ඉක්මනටම සනීප වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. නැත්තම් එයා පව්නෙ. එයාලා මැති සභාවල පිස්සු කෙළියට මේ විදියට හිර ගෙවල්වල පිස්සු කෙළින්න ඉඩ දීලත් බෑනෙ. මොකද එයා සියුමැලියිනෙ. අව්වට වේළිලා වැස්සට තෙමිලා හුරුවක් නෑනෙ. ඒ වගේම තැලිලා පොඩි වෙලත් නෑනෙ.

ජීවන පහන් තිළිණ










