• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම කොහෙ නැති කරන්නද? පසුගිය කාලේ අමු දූෂිත ගනුදෙනු කරපු කොම්පැනි අසාදු ලේඛන ගත කරලා නෑ… උන් ඔක්කොම හොරකම් කරනවා මල්ලි I Sri Lanka Latest News

February 24, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජනරජයේ වාර්ෂික වියදමෙන් 25%ක් හෙවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ක් පමණ ප්‍රසම්පාදන (භාණ්ඩ සහ සේවා සපයාගැනීම සඳහා) වැයකෙරෙන බවත්, එසේ වෙන් කෙරෙන ප්‍රතිපාදනවලින් දළ දේශීය නිෂ්පාදනයෙන් 1%කට සමාන මහජන මුදල් සම්භාරයක් වංචා කෙරෙන බවත් වෙරිටේ පර්යේෂණායතනයේ පර්යේෂකයන් පිරිසක් පවත්වන ලද ආර්ථික පර්යේෂණයක වාර්තාවකින් අනාවරණ කර තිබේ. එහෙත් එසේ යොදවන මුදල් අවභාවිත කරන්නන්ට එරෙහිව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව අවම බවත් ඒ වාර්තාවේම සඳහන්ය.(Sri Lanka Latest News)

සුභාෂිනී අබේසිංහ, බුලනි වීරවර්ධන, ඉෂිනි රංදෙණිය, ආරති සිරිනිවාසම්, මතිශා අරංගල සහ ජේසන් හින්ගර්ට් යන පිරිස පර්යේෂණය පවත්වා වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ වාර්තාවේ සඳහන් කර ඇති අන්දමට එදා මෙදාතුර ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කෙරෙන මුදල් අවභාවිත සහ දූෂණ වැළැක්වීම සඳහා මෙන්ම ඒ දූෂිත ක්‍රියාවලට සම්බන්ධ ආයතන අසාදු ලේඛනගත කිරීමට තරම් නීතිමය ප්‍රතිපාදන දැනට ක්‍රියාත්මක කෙරෙන ප්‍රසම්පාදන නියාමන ව්‍යුහ සීමාවට ඇතුළත් නොවන බැවින් නියාමන පද්ධතිය අසාර්ථක එකක්වී ඇති බවද පැවැසේ. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා වහා පිරවිය යුතු හිදැස් දෙකක් ඇති බවද වාර්තාවේ නිර්දේශ කර ඇත.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කෙරෙන මුදල් අවභාවිත සහ දූෂණ වැළැක්වීම සඳහා පිරවිය යුතු හිදැස් දෙකෙන් පළමු වැන්න නීතිමය හිදැසයි.

තත්කාර්ය උදෙසා වෙන්කළ මූල්‍ය සම්පත් අවභාවිතය (දූෂණ) කළ සේවා සපයන්නන් හෝ කොන්ත්‍රාත්කරුවන් හෝ අසාදු ලේඛනගත (Blacklist) කිරීම සඳහා ක්‍රමවේදයක් මෙතෙක් ස්ථාපනය කර (සඳහන් කර) නැත.

කාර්යභාරය ඉටුකිරීමට ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරුවන් හෝ සේවා සපයන්නන් හෝ එකඟවූ කොන්දේසි උල්ලංඝනය කෙළේ නම් පමණක් ඊට එරෙහිව කටයුතු කිරීමට ඇති නීතිමය ප්‍රතිපාදනය විශාල මහජන මුදලක් යෙදවූ ව්‍යාපෘතිවලදී කෙරෙන යථෝක්ත අවභාවිතා හෝ දූෂණ වැළැක්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

දෙවැන්න ඉටුකිරීමට ගිවිසුම් මත පැවරුණු කාර්යභාරය යථා තත්ත්වයෙන්ම ඉටු නොකිරීම සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගතහැකි ක්‍රියාමාර්ගය සම්බන්ධව පැනනගින ගැටලුසහගත තත්ත්වයයි.

මේ කරුණද පළමුවැනි කරුණ (හිදැස) සේම නීතිමය ගැටලුවකි. මෙවැනි අවස්ථාවකදී (නිවැරදිව කාර්ය ඉටු නොකිරීම) දඬුවමක් පැනවීමේ ඇති නොහැකියාවයි.

දකුණු ආසියාවේ වෙනත් රටවල් සමග සංසන්ධනය කර බලන විට ශ්‍රී ලංකාව ඉතාම පසුගාමී මට්ටමක සිටින බව වාර්තාව කියයි. මේ අන්දමින් වෙනත් රටවල ගිවිසුම් උල්ලංඝනය කරන්නන් (මහජන දේපොළ ගසා කන්නන්) අනාවරණ වූ කල්හිම ඔවුන් අසාදු ලේඛනගත කරනු ලැබේ.

මහා පරිමාණයේ (යන්ත්‍රසූත්‍ර) සිට ලිපිද්‍රව්‍ය වැනි භාණ්ඩ මිලදී ගැනීම දක්වාද, පාසල් ගොඩනැගිල්ලේ සිට මහා පරිමාණයේ ගුවන්පථ ඉදිකිරීම දක්වාවූ ඉදිකිරීම්ද, රෝහල් පිරිසිදු කිරීමේ සිට ගුවන් තොටුපොළ පිරිසිදු කිරීම් දක්වා වූ සේවා සැපයීම දක්වාද පෞද්ගලික අංශයට පැවරෙන ප්‍රසම්පාදන කටයුතු වේ. මේ සඳහා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ප්‍රමාණයෙන් ද යෙදවේ.

යථෝක්ත ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් අපේ රටේ (ශ්‍රී ලංකාවේ) දළ දේශීය නිෂ්පාදනයෙන් 15% සිට 30% දක්වා තරමේ මහජන මුදල් කන්දරාවක් වාර්ෂිකව වෙන් කෙරෙන බව ඇස්තමේන්තු අනුව පැහැදිලිය. ඒ අන්දමින් යෙදවෙන මුදල් සම්භාරයෙන් 10% සිට 25% දක්වා ප්‍රමාණයක් වාර්ෂිකව නැතිභංගස්ථාන (LOSS) වේ. මේ අනුව ගණනය කර බලන කල්හි සෑම වර්ෂයකදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක ප්‍රමාණයක් අවභාවිත කෙරෙන බව වාර්තාව කියයි.

මේ අන්දමින් 2023 ඇස්තමේන්තුවලට අනුව අහිමිව ඇති මුදල ලංකා රුපියල් බිලියන තුන්සියයක් හෙවත් රුපියල් කෝටි තිස්දාහක් බව වාර්තාව පෙන්වා දී තිබේ. තවදුරටත් පැහැදිලි කරන විට ඒ 2023 ඇස්තමේන්තු කළ මුදලට වඩා අවභාවිතය දෙගුණයක් වන අතර, සෙඛ්‍ය පහසුකම් (Public health care system) සඳහා වෙන්කළ මුදලට සමාන වේ.

මේ කරුණ කෙටියෙන් පැහැදිලි කරනු ලබන්නේ නම් කිවයුත්තේ මේ රටේ සෑම වර්ෂයකදීම දළ දේශීය නිෂ්පාදනයෙන් 1%කට සමාන මුදලක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා රටේ ණය බරට (මහජනයා මතට) එකතු වන බවයි. මේ දූෂිත තත්ත්වය වළකා ගැනීමට ඇති එක් යාන්ත්‍රණයක් නම් ඊට ඈඳුණු (සම්බන්ධ) සෑම ආයතනයක්ම (ප්‍රසම්පාදිත) අසාදු ලේඛනගත කිරීමය.

මෙරට (රජයේ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරෙන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලද 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට (Procurement Guidelines) සහ ඒ වසරේම (2006) ප්‍රසම්පාදන අත්පොත (Procurement Manual) අනුවය.

යථෝක්ත ප්‍රසම්පාදන නීතිරීති පද්ධතිය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කළයුතු බව උපරිමාධිකරණයෙන් (Apex Court) අනුදැන ඇත. එහෙත් ප්‍රස්ම්පාදන ක්‍රියාවලියේදී සිදුවිය හැකි නාස්ති දූෂණ අවභාවිත වැනි මහජන මුදල් නාස්ති වළකා ගතහැකි හෝ අවම කරගත හැකි ක්‍රමවේදයක් හෝ යථෝක්ත ක්‍රියාවලියට අන්තර්ගත නොවන බව වෙරිටේ පර්යේෂණායතනයේ පර්යේෂකයන් විසින් පවත්වන ලද ආර්ථික පර්යේෂණ වාර්තාවේ අවධාරණය කර තිබේ.

කාර්යභාරය ඉටුකිරීමට ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරුවන් හෝ සේවා සපයන්නන් එකඟවූ කොන්දේසි උල්ලංඝනය කෙළේ නම් පමණක් ක්‍රියා කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත් එය යථෝක්ත මහජන මුදල් නාස්තිය අවම කරගැනීමට ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා එවැනි ආයතන හෝ පුද්ගලයන් නොවළහා අසාදු ලේඛනගත කළ යුතු බව වාර්තාව නිර්දේශ කරයි. ගිවිසුමේ කොන්දේසි කඩකිරීම පමණක් අසාදු ලේඛනගත කිරීමට නිර්දේශ කිරීම නොසෑහෙන බවද ප්‍රසම්පාදනය (කොන්ත්‍රාත්තුව හෝ සේවා සැපයුම) ඉල්ලුම් කරන අවස්ථාවේ (BID) වුවද අසාදු ලේඛනගත කළ යුතු බවද තුන් වසරකට (ඉල්ලුම හෝ සැපයුම) තහනම් කළ යුතු බවද නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.4.4 ඡේදයේ දක්වා ඇති පරිදි කිසියම් සැපයුම්කරුවකු හෝ කොන්ත්‍රාත්කරුවකු හෝ (බලධාරියකු) නතුකර ගැනීමට කිසියම් බලපෑමකට ලක්කරගත හැකි අන්දමේ ත්‍යාග පිරිනැමීමක් හෝ පෙළඹවාගත හැකි යමක් හෝ (gift or infucement) ඉල්ලුම් කරන අවස්ථාවේ දීමට තැත්කිරීම නුසුදුසුකමක් වීමට හේතුවක් බව දක්වා ඇතත් අසාදු ලේඛනගත කිරීමට කරුණක් බව පෙන්වා නැතැයි නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

ජාතික ප්‍රසම්පාදන කොමිසම ප්‍රසම්පාදන කටයුතු සඳහා 2019 දී සකස් කළ කෙටුම්පත ගැසට් කර ඇතත් මේ දක්වාම පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලැබී නැත.

කොන්ත්‍රාත්කරුවකු හෝ සේවා සපයන්නකු හෝ කිසියම් අක්‍රමිකතාවට ලක්වූයේ නම් උහු (ඒ තැනැත්තා) අසාදු ලේඛනගත කළ යුතුද? නැද්ද?යන්න තීරණය කිරීම බලධාරීන්ට පවරා තිබීම හාස්‍යයට කරුණක් බව ද කියයි.

ලෝකයේ වෙනත් රටවල මෙන්ම දකුණු ආසියාවේ බංග්ලාදේශය, බූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පාකිස්තානය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසියම් අයකු හෝ ආයතනයක් හෝ දූෂිත ක්‍රියාවකට සම්බන්ධ බව අනාවරණ කරගත් වහාම අසාදු ලේඛනගත කිරීම සිද්ධාන්තය වුවද ඒ අයුරින් සසඳා බලන කල ශ්‍රී ලංකාව විශාල වශයෙන් පසුගාමී බව වාර්තාව කියයි.

දූෂණයෙන් තොර කාර්යක්‍ෂම, ඵලදායී සහ මහජන හිතකාමී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ව්‍යවස්ථාමය මූලික ක්‍රමයක් වහාම සකස් කළ යුතු බව වාර්තාව නිර්දේශ කර තිබේ. සියල්ලෙහි ඉලක්කය විය යුත්තේ දූෂණය වංචාව නැති කිරීමටය. ඒ සඳහා අත්‍යන්තයෙන්ම ඉහතින් දක්වා ඇති හිදැස් ද්වය (2) පිරවිය යුතුය.

එහෙත් එපමණකින්ම සියලු fදාස් නිවාරණය නොවන බවද සැලකිල්ලට ගත යුත්තකි.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කුඩුකාරයො අල්ලනවා! ජැක්සන්ලා අල්ලනවා! යුක්තිය දැන් හරක් හොරු පස්සේ පන්නනවා! Sri Lanka Latest News

Next Post

ආමි එකේ 25000ක් සොයා පොලිසිය රටම පීරයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.