• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු සෝබන නරි නාටක පිස්සුද බම්බූ කුසලානය එපා කියලා රට්ටු හිනැස්සූ I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක අපි දැක්කා වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ එහෙට මෙහෙට යනවා, අජිත් රෝහණ මහතා අතින් කුසලානයක් ගන්න අකැමැති වෙච්ච තරුණයෙක් ගැන. මෙහෙම කුසලානයක් ගන්න අකැමැති වීම ගැන බොහෝ දෙනා සතුටින් උද්දාමයෙන් ඉතා ගෞරවයෙන් කතාබහ කරලා තිබුණා. අපිට පේන්න තියෙන්නේ මේක පාපැදි තරගයක් බව. අජිත් රෝහණ මහත්තයාව ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විදියට කැඳවලා, ඔහු අතින් ත්‍යාග ප්‍රදානය කරනවා වගේ එකක් තමයි අපට දැකගන්න ලැබුණේ. ඇත්තටම ප්‍රධාන ආරාධිතයා ඔහුද, එහෙම නැත්නම් වෙන කෙනෙක්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ.(Sri Lanka Latest News)

හැබැයි අපට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ පුද්ගලයෙක්ව ප්‍රධාන ආරාධිතයෙක් විදියට කැඳවලා ඔහු අතින් සම්මාන හෝ කුසලානය නොගෙන ඉන්නකොට ඔහුට සිද්ධ වෙන්නේ බරපතළ අවමානයක්. ඇත්තටම එහෙම අවමන් කරන්න නම් පුද්ගලයන් කැඳවාගත යුතුද උත්සවවලට? අපිට ඔවුන්ගේ තරාතිරම ගැන වැදගත් නෑ. මොකද ඔහු දේශපාලකයෙක් නෙවෙයි. පැහැදිලිවම අපි දන්නවා ඔහු දේශපාලකයෙක් නෙවෙයි. දේශපාලකයන්ගේ ජඩකම්, තක්කඩිකම් ගැන කලකිරුණු අය මේ විදියට සම්මාන ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් සම්මාන ප්‍රතික්ෂේප කරනවා නම් නම කිව්වම වේදිකාවට නොපැමිණ ඉන්න පුළුවන්. එහෙම දේවලුත් තියෙනවා. හැබැයි ඒක වෙනම කතාවක්.

හැබැයි අජිත් රෝහණ කියලා කියන්නේ නිල ඇඳුමක් අඳින ලද පුද්ගලයෙක්. මේ නිල ඇඳුම අජිත් රෝහණ මහත්තයාගේ නෙවෙයි. මේ නිල ඇඳුම ශ්‍රී ලංකා පොලිසිය විසින් ඔහුට ලබාදුන් එකක්. මේ අගෞරව කරන්නේ නිල ඇඳුමට නම් මේ නිල ඇඳුම සම්බන්ධ ප්‍රශ්නය වෙනම එකක්. හැබැයි නිල ඇඳුමට පණ නෑ. නිල ඇඳුම හුස්ම ගන්නේ නෑ. නිල ඇඳුමට හිතක් පපුවක් නෑ. අජිත් රෝහණ මහත්තයට හිතක් පපුවක් තියෙනව. අජිත් රෝහණ කියලා කියන්නේ මනුස්සයෙක්. ඔහු මේ ස්ථානයට එන්නේ ආරාධනා කළාට පස්සේ. ඒ විදියට ආරාධනා කරලා කුසලානය ගන්නේ නැතුව ඉඳලා ගොං පාට් එකක් දාලා ඒ මනුස්සයවත් අපහසුතාවට පත්කරලා පොඩි වෙන තත්ත්වයක් හදාගන්න උත්සාහ කිරීම අපේ රටේ රැල්ලක් බවට පත්වෙමින් යනවා.

මේ විදියට ටේ‍රන්ඩ් හදන එක ඉතාම වැරැදියි. ඒකට හේතුව තමයි යම් පුද්ගලයෙක් වැරැද්දක් කරලා තියෙනවා, දේශපාලකයෙක් වැරැද්දක් කරලා තියෙනවා නම් ඔහුව ගෙදර යවන්න අපට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව පාවිච්චි කරලා ඔහුව ගෙදර යවන්න. පොලිසිය සම්බන්ධව විශාල අප්‍රසාදයක් අපි සතුව තියෙනවා. ඇත්තටම ඒ පොලිසිය මොන වැරැද්ද කළත් පොලිසිය සම්බන්ධයෙන් අප්‍රසාදයක් සමහර අයට සමහර අවස්ථාවල තියෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ පොලිසිය කියන ආයතනය පොදුවේ ගත්තාම වැරැදි කරන මිනිස්සුත්, හොඳ මිනිස්සුත් දෙවර්ගයක් ඉන්න තැනක්.

වෛද්‍යවරු අතර ඉතාම නරක, ජඩ, මුදල් පස්සේ යන අය ඉන්නව වගේම, අනතුරක් වුණාම, ප්‍රශ්නයක් වුණාම ගෙදර හිටපු ඇඳුම පිටින් දුවගෙන ඇවිල්ලා ඉස්පිරිතාලේ රෝගීන්ට බෙහෙත් කරන වෛද්‍යවරුත් ඉන්නවා. එතකොට මේ වෛද්‍යවරයා කියන වෘත්තිකයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියලා ඉරි ගහලා වෙන් කරන්න හරිම අමාරුයි. ඒ වගේම ගුරුවරු අතරත් ඉතා නරක ගුරුවරු ඉන්නවා. ඒ වගේම මාධ්‍යවේදීන් අතර ඉතාම නරක මාධ්‍යවේදීන් ඉන්නවා. මේ සෑම වෘත්තියකටම මේක පොදුයි.

ඒ නිසා පොලිසිය සම්බන්ධව තියෙන අප්‍රසාදය පළකරන්න එක පුද්ගලයෙක් අල්ලගෙන ඔහුගේ අතින් කුසලානය නොගෙන ඉඳලා ඔහුව අපහසුතාවට පත්කරලා ඔහු සම්බන්ධයෙන් වීඩියෝ හදලා ඒක සමාජ මාධ්‍යයට දාලා එහෙම කරන එක වැරැදියි. ඒකට හේතුව අපි දන්නා තරමට නම් අජිත් රෝහණ කියලා කියන්නේ එහෙමටම කුණු ගාගත්ත මිනිහෙක් නෙවෙයි. නමුත් ඔහුට තිබුණු ප්‍රශ්නය තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදියට එක්තරා කාලයක් ආණ්ඩුවේ කුණු හෝදන්න ඔහුට සිද්ධ වීම. ඒක ඔහුගේ වෘත්තිය. ඉතින් ඔහු ඒ දේ කරපු එක ගැන දුක් වෙනවද, පසුතැවිලි වෙනවද කියන එක අපි දන්නේ නෑ. ඒ ගැන සාකච්ඡා කළ යුතුයි.

ඔහුව මේ විදියට අපහසුතාවට පත්කළාම ඔහුට ඔහුගේ මවුපියන්ට ඔහුගේ පවුලේ අයට ඔහුගේ ඥාතීන්ට පවා මේක දැන් පේන්න පටන් අරගන්නවා. ඔහුගේ දරුවන්ගේ යාළුවෝ මේක බලනවා. ඔහු සම්බන්ධයෙන් ඔහුගේ දරුවන්, ඔහුගේ පවුලේ අයගේ හිතවතුන් මේක බලනවා. ඔහු ගැන වෙන වෙන තැන්වලදී කතාබස් කෙරෙනවා. මේ වගේ දේවල් සංවිධාන කරනකොට එහෙම නම් අපි තේරුම් අරගන්න ඕනේ මේ වගේ පුද්ගලයෝ නරකයි, ඒ අය ඕනේ නෑ, ඒ අයව අයින් කරලා දාන්න. මොකද ඒකට හේතුව මෙවැනි නිලධාරියකුට ආරාධනා කරනකොට එක්කෝ අපි සැලසුම් කරන්න ඕනේ මේ විදියේ ප්‍රශ්න තියෙනවා, මේ විදියේ අදහස් තියෙන අය මෙතැන ඉන්නවා කියන එක තේරුම් අරගනෙ.

එහෙම දෙයක් ගැන හිතන්නවත් අඩුම තරමේ පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තරගයට සහභාගි වුණා නම්, උත්සවයට සහභාගි වුණා නම්, ජයග්‍රාහකයෙක් බවට පත්වුණා නම්, අපි ටිකක් හිතන්න ඕනේ මේ තරග සංවිධායකයෝ මොහුව ගෙන්වාගන්නේ ඔවුන් අතර තියෙන සම්බන්ධතාවක් නිසා කියලා. එතකොට එහෙම තත්ත්වයකදී මේ වගේ පුද්ගලයෙක්ව ස්ටේජ් එකට ගෙනල්ලා අපහසුතාවට පත්කළාම ඒ මනුස්සයගේ පෞරුෂයට සිද්ධ වෙන හානිය ගැන අපි කවදාවත් හිතන්නේ නෑ. විරෝධතා පළකරන්න පුළුවන්. ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන්. විරෝධයක් එල්ල කරන්න පුළුවන්. ඔහු සම්බන්ධව අපි දරන මතය ඉතා නරක බව කියන්න පුළුවන්. මේ සියල්ල ඇත්ත. හැබැයි අවසාන වශයෙන් මෙහෙම දේකුත් ලියන්න ඕනේ.

ශ්‍රී ලංකා පොලිසියට එදා සිදුවුණු මේ සිදුවීම හොඳ පාඩමක්. මිනිස්සු පොලිසියට මෙච්චර අකැමැතිද කියන එක. මොකද ඒ වගේ දේවල් නොකර ඉන්න අපි වගබලා ගන්න ඕනේ කියන එක වෙනම කතාවක්. හැබැයි පොලිසියටත් මෙතැනදී පාඩමක් උගන්වනවා. ඒ තමයි පොලිසිය සම්බන්ධව මිනිස්සුන්ගේ තියෙන අප්‍රසාදය. පොලිසියට මිනිස්සු අකැමැතියි. ඒකට අජිත් රෝහණද, නියෝජ්‍ය පොලිස්පතිද, වැඩබලන පොලිස්පතිද, හිටපු පොලිස්පතිද කියන එක අදාළ නෑ. මිනිස්සු පෙන්වන්නේ තමන්ගේ විරෝධය.

එහෙම වුණේ ඇයි පොලිසියට? ඒකත් හිතන්න ඕනේ. අපි කෙළින්ම ඇඟිල්ල දික්කරනවා මේ වගේ දේවල් කරන්න එපා, ඒවා ගොං පාට්, මේ වගේ මෝඩ වැඩවලින් ලැබෙන දෙයක් නෑ, මිනිස්සු අපහසුතාවට පත්වෙනවා විතරයි කියලා අපි කියන අතර, අපි ඊළඟට කියනවා පොලිසියත් මේ ගැන හිතන්න ඕනේ කියලා. මොකද පොලිසියට මේ විදියට මිනිස්සු ප්‍රතිචාර දක්වන තැනට රට පත්වුණාට පස්සේ එතැනින් එහාට කතාකරලා වැඩක් නෑ. මොකද මේ දේශපාලකයෙක් නෙවෙයි. දේශපාලකයා එක්ක තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න සහ දේශපාලකයාගේ තියෙන්නේ පුද්ගලික අමනාපකම්. ඒ වගේම දේශපාලකයන්ගේ පුද්ගලික වැරැදි. හැබැයි මේ තියෙන්නේ පුද්ගලික වැරැදි නෙවෙයි, පොදු වැරැදි. ඒක නිසා මේක හොඳට තේරුම් අරගන්න ඕනේ ලංකාවේ පොලිසියත්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ පට්ට වචන 4යි රන්ජන් ආයෙත් ගේමට සෙට්වෙයි I Sri Lanka Latest News

Next Post

සල්ලි නැහැ කියලා ඡන්ද කල් දාන්න බැහැ – හිටපු මැතිවරණ කොමසාරිස් කියපු කතාව I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.