• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩෝ…ඕ…ඕ… පූසිගෙ පුතා…ආ… I Sri Lanka Latest News

February 18, 2024
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සූර් වෙච්චාම හෙවත් පදම වැඩිවී රතු කට්ට පැන්න විට ඇතැම්හු සූරයෝය. ඔවුනට වැඩිය වීරයෝත් කෙරුම්කාරයෝත් පැත්ත පළාතේ තියා රටේවත් නැත්තෝය. රතු කට්ට පනින්නට ඒ තරම් ඕනෑ වෙන්නේත් නැත. බෝතලේ මූඩිය පෑගීම පමණක් ඉහටත් උඩින්ය.(Sri Lanka Latest News)

ඔය පුරාවෘත්තයට සමගාමී තැනැති කීම හෙවත් ආප්තෝපදේශය “රා බීපු මීයා වගේ“යන්නය. මන්ද?දවසක් ගෙදරක තිබූ රා මුට්ටියක් දුටු මීයෙක් ඒකෙන් නහුතෙට ගැහුවේය. ඌට කෙළින් ඉන්නත් බැරි තරංය. අඩ්ඩ ගැසූ විට අපේ ඇතැම් උන්නැහේලාට හැදෙන වලිප්පුව ඌටත් හැදුණේය. ඒ පරණ කෝන්තර ඇද ගැනීමය. තරහකාරයන් මතක් වීමය.

අපේ මේ මූසිකතුමාට හෙවත් මීතුමාට වහාම උගේ ෆයිටර් සිහිපත් විය. ඒ නිසා ඌට ලෙල්ලට තද වුණේය. ඕකා මට අහුඋනොත් මව් දේවින්නාන්සේට කකා ඉන්න හුරුල්ලන් පන්සීයක් අරන් දෙනවා කීවේ නැත. ඒ වෙනුවට ඕකා දෙකට කැඩෙන්න ගහනවා යැයි කීවේය. එසේ සිතමින් ඌ නිවෙසේ මුළුතැන්ගෙට ගියේය.

බළල් උන්නහැහේගේ බෙඩ්රූම් එක ලිප් බොක්කය. ඌ එතෙන්ඩ ගියේය. එසේ ගියත් බඩ්ඩට ප්‍රශ්නයක් ඇතිවිය. බළලා දුටු ගමන්ම උඹට මම ගහනවා යැයි කියන්නත් බැරිය. ඒ නිසා ඒකට ඌ සමග වලියක් ඇදගත යුතුය. ඒ වෙනුවෙන් කුමක් කළ යුතුදැයි හෙතෙම කල්පනා කෙළේය. ඌට ඌරු ජුවල් යන දෙයක් කිවහොත් වැඩේ හරිය. ටිකක් කල්පනා කරන විට අයිඩියා එකක් ඔළුවට ආවේය. ඌ කුප්පමේනියා (ඖෂධ පැළෑටියක්) කන්නේය.

හරි ඇට්ටි හැලෙන්න බළලාට බැන්න හැකිය. මීතුමා ලිප මුල්ල දෙස බලා “අඩෝඕ….. ඕ.කුප්පයා..ආ..ආ” කීවේය.

උහු වෛරක්කාරයා ගණන් ගත්තේ නැත. ඌ අනිත් පැත්තට හැරී නිදාගත්තේය. ඒකා මට බයයි තමයි. ඒක තමයි සද්දයක් නැතුව නෑහුණා වාගෙ අනිත් පැත්ත හැරුණෙ. තවත් මොකක් හරි කියල ඕකට නග්ගන්න ඕනෑ.

පූණකුට්ටිට (බළලා) ඕකගෙ අම්ම මතක්කරල බණින්න ඕනෑ. හරි අපේ පරම්පරාවෙ කට්ටිය බැණල තියෙන්නෙ එහෙම. මාත් එහෙම බණින්න ඕනෑ. අඩෝඕ…..ඕ. පූසිගෙ පුතා..ආ..ආ” මීයා බෙරිහං තැළුවේය.

ඔය වෙලාවේ ගෙදර ළමයෙක් කුස්සියේ සිටියේය. අවේලාවේ කුස්සියේ සවරං ගහන මීයෙකු දුටු ළමයා මීයකු මෙන් හයියේන් “ඤා..ආ..ව් ඤා..ආ..ව්” ගෑවේය

“අනේ බුදු රාළහාමි කාපුබීපු වෙලාවට කියන දේවල් ගණං ගන්න එපා” කී ඒකා අපේ ඇතැම් ජනාධිපතිලා රටින් පැන දිවූ තරම් වේගයකින් නොවුණත් පණ එපා කියමින් පැන දිවූ බව පොත පතේ සඳහන්ය. තවත් තැනෙක ඔය කතාව වෙනස් ආකාරයට තිබේ. ඒ බළලා විසින් මීයා ගිලදමන ලද බවය.

වෙරිමතින් පිස්සු නැටූ පරණම කතාව මා ඇසුවේත් කියෙව්වේත් උම්මග්ග ජාතක පොතෙනි. එහෙත් ඒ නමින් කතා වස්තුවක් ජාතක පොත් වහන්සේගේ නම් නැත. එසේම පන්සිය පනස් ජාතක පොත් වහන්සේ යැයි කීවාටද එහි ඇති කතා සංඛ්‍යාව පන්සිය හතළිස් හතකි.

මොනවා වුවත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට අත් නොහැරී ඒ කතා පරිශීලනය කෙරෙන බව නම් සැබැවින්ම සැබැවි.

මහෞෂද පණ්ඩිතයාණන් වහන්සේගේ බොස් වූ වේදේහ රජ්ජුරුවෝ දවසක් කෑමට පෙර බෝතලය සොලවා දෙකක් දාගෙන දවල් මේ නිමවා (ආහාර සප්පායම් වී) සිරියහන් ගබඩාවේ මඳක් සැතපී (නිදා) සිටි විට මහාකංකරච්චල් කාලඝෝස්ටියක් ඇසුණෙන් උඩගොස් බිම වැටුණු සේ අවදිව “මේ මොන මඟුලක්”දැයි දැනගනු රිසින් සී(සිව්)මැදුරු කවුළුවෙන් බැලූ කල්හි බූරුවෝ බ්‍රේක් ඩාන්ස් දමන්නාහු යැයි දැක ඒ කුමන හේතුවක් නිසා දැයි ඇමතියන් බණවා පුළුවුසූහ.(විමසූහ)

ඒ බසට ඇමැතියන් කියන්නේ “දේවයන් වහන්ස මාලිගයේ සෛන්ධව කුලයේ අසුන්ට ගාන්ධාරයෙන් ගෙනා මිදි කොටා මිරිකා පැන් මුසු නොකොට පොවා ඉතුරු රොඩුවලට පැන් දමා මිරිකා දුනෙන් උන් මත්ව මෙසේ දුවපැන විකාර කරන්නේ යැයි පැවැසූහ. එවිට රජ්ජුරුවන් මාගේ මංගල අස්හු කුමක් කෙරෙත් දැයි විමසූ කල ඔවුන් ඉස්තාලයේ නිසොල්මන්ව යව (අශ්ව ආහාර සඳහා වන ධාන්‍ය වර්ගයක්) බුදිමින් සිටින බව ඇමෑත්තයෝ කීහ.

මේ බූරු කතාව සිහිකරන්නට යෙදුණේ අපේ වජිර අබේවර්ධන ඇමෑත්තතුමා ඊයෙ පෙරේදා කරන ලද්දාවූ තඩි පොරකාසයක් කරණ කොට ගෙනය.

අපේ ගරු ලොක්කා නොහොත් බොසා මහතා මැලේසියාවේ මහතීර් මහම්මදු, (මොහමඩ්) සිංගප්පූරුවේ ලීක්වාන්යූ, රුසියාවේ පුටිං කියන තුන් කට්ටුව සමග එකට ඈඳන්නට පුළුවන් බව කීම නිසාය. ඒ තුන්දෙනා සමග එක පෝලිමට තිබ්බොත් අපේ බොසා කලාතෙට ඉතාම උචිත බව පැවසෑමය. මක්නිසාද යත් කලාතෙට ගැළපෙන්නේ හොඳට ජවේ, විසේ තියෙන ගොයියලා බැවිනි.

ඔය කතාව වගේම අපේ මනුස්සයා කලට ඔබින අන්දමට රෙපෙයාර් කර නැතහොත් ගාණට තෙම්පරාදු කරගත යුතු බව කීවේ වජ්‍ර බබේ අයියා පමණක් නොවේ.

ඊට සරල සමාන්තර අන්දමේ බද්ධ නොහොත් ඒකාබද්ධ කිරීමක් ගැන අපේ උපකුලපති තැන්පත් මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ ද කීවෝමය. (ඇත්තට හැබෑවට අනේ අම්මපා ඒ ස්ථවිරයො දැන් ඉන්නෙ කොයි දේසදීපංකරේද? කොහාට ඍද්ධි වෙලාද? කියන්න නම් “තෙරිය ඉල්ලේ”ය. (දන්නේ නැත)

හැබැයි ඔය බද්ධ කිරිල්ල ගැන එංගලන්තයේ බර්නාදෙත් (සිංහල භාෂා වියතුන්ගේ වචනය) ෂෝ හෙවත් බර්නාඩ් ෂෝ ඔහුගේ කෑල්ල හෙවත් ලව් එක වූ හෙලන් නමැති නැට්ටුක්කාරිට (නළඟන) දුන් පිළිතුර නම් ටොප්ස්ය. හෙලන් ඉරට කූරක් වගේ වුවත් හොඳට දස්ටදිස්ටිය (පෙනුම) ඇති බඩ්ඩකි. නටන කොට දැං දෙකට කැඩිල කෑලි දෙක දෙපැත්තට විසික්ක (වීසි) වෙයි යන තරම් ස්පීඩ් එකය. හැබැයි බරනෙ ඉතා නෝන්ජල් ටයිප්ය. පෙනුමත් ටිකක් පෙරේතයා පොළොවේ ගැහුවා හා සමාන වුවත් රත්තරං නොව ප්ලැටිනම්වලටත් වඩා වටිනා බඩුවක්ය. ඒ මොනවා වුවත් හෙලන්ට නම් එයා පැණි පට්ටේය. madly loveය. ඇතැමුන් blindl is love කියන්නේත් ඕං ඕකට නොව.

“ඉතිං ෂෝ අපි දෙන්න ඉක්මනටම බඳිමුකො, එහෙම බැන්දාම අපට ලැබෙන බබාට ඔයාගෙ බුද්ධියයි මගේ ලස්සනයි ලැබිච්චාම එයා කොච්චර වාසනාවන්ත කෙනෙක් වෙයිද? කියල හිතන්ඩකෝ…ඕ” යනුවෙන් ඇය කීවාය.

“ඩකෝ..ඕ..ඕ.. අනේ මොට්ටියෙ මගේ මූණත් තහඩුවයි,ඔහේගෙ මැටි මොළෙයි එහෙම ලැබිල ඒකි හරි ඒක හරි ඉපදුණොත් කෙහොම වෙයිද?” කියල ඇහුවලු.

අපට දෙලොව යහපත උදෙසා ඔය වාගෙම තවත් උන්නාන්සෙ කෙනකුන් දිමිගෝඨාතුමා පුටුවට නැග්ග මුල් කාලෙම “ඔහොම සිල්සමාදං වෙලා වාගෙ ඉඳල බෑ හිට්ලර් කෙනෙක් වාගෙ වෙන්ඩ” කියල වැදෑරුවලු. ඇත්තට හැබෑවට මුන්වහන්සේලා දානෙ කියල වලඳන්නෙ බත්ද කියලත්” විමසනු වටී. අපේ ගෝඨාද සිංගප්පූරුව සංවර්ධනය කළ ලීක්වාන්යූ වගේම යැයි විමල් වීරවංශ මලයාත් ඒකාලයේ කීවාසේය.

ලියෝ ටෝල්ස්ටෝයි ලේඛකතුමාත් දෙවැනි ලෝක යුද්ධෙට වර්ෂයකට පමණ පෙර ජර්මනියේ සංචාරයක යෙදී සිය රටට ගොස් ජාත්‍යන්තරයට පැවසුවේ තමන්ගේ රට සංවර්ධනයට කැමැත්ත ඇති රාජ්‍ය පාලකයකු ඇත්නම් ඔහු මේ මනුස්සයා (හිට්ලර්) මේ හැම කෙනාම අහවල් රටේ අහවලා, අහවල් රටේ අහවලා අනුගමනය කළ යුතු යැයි කීවත් අපේ රටේ පරාක්‍රමබාහුලාගේ, අග්බෝලාගේ කෘෂිකාර්මික රාජ්‍ය පාලනය අනුගමනය කළ යුතු යැයි කියන්නට කෙනකුන් නැත.

සිරිලක දේ සිරිසැප දේ යන්න සමාජ ගත කිරීමට කෙනකු නැත. ඒ කටේ පුත්තලං හොරි හැදේවි යැයි යන භීතිය නිසා විය හැකිය. අපට පහළ වූ නායකයන් වනාහි කළේ ගොයං කපද්දී, ලූනු ගලවද්දී (අස්වැන්න නෙළනු බල බලා) නැව් දුසිං ගණනින් ආනයනය කිරීමය. වී ටික, මිරිස් ටික, ලූනු ටික විකුණා ගත නුහුණු ගොවියන් මහාමාර්ගයට බසිද්දී මහජනයාට හිරිහැරවන අන්දමින් හැසිරුණාය යන චෝදනාව යටතේ කුදලා හිරේ විලංගුවේ දැමීමය.

අපේ නායකතුමාත් හිට්ලර්, ක්වාන්යූ, පුටිං, මහතීර් මහම්මදු යන අයගේ ගමන් මාර්ගයේම යන ලෙසට අපට අර්ථ, ධර්ම, කාම, මෝක්‍ෂයන් සිව් පසයෙන් අවවාද, අනුශාසනා පවත්වන උන්නාන්සේලාත් ගිහි පින්වතුනුත් දෙසා බාන්නේ කවර අර්ථයක පිහිටf දැයි යන්න නම් උභතෝකෝටිකය. හුණු නැති කිල්ලෝටයක් නැති බව පැරැන්නන්ගේ මතයයි. එහි තේරුම සෑම කිල්ලෝටයකම හුණු ඇති බවයි. රටක පාලනය අතට ගත් සෑම කෙනකුම පාහේ සාධාරණ අන්දමින් ඒ කටයුත්ත කළ බවට කරුණු කාරණා නැති බව ඉතිහාසය සාක්‍ෂි දරයි. ඇතැම් ආගමික නායකයෝ තම ලබ්ධිය (ආගම) දේශනා කිරීමට ආයුධ ගත්හයි නොකියමි.

බුදුන් ධරමාන (ජීවමාන) කාලයේ වුසූ කෝසල රජතුමාද උන්වහන්සේගේ සමීපතම දායක උවැසුවෙකි. කෝසල සංයුක්තය යනුවෙන් ඔහු අරබයා සංයුක්තයක්ද තිබේ. එහෙත් උහුගේ ක්‍රීයාකාරකම් අහසට පෙළොව මෙනි. ඇතැම් ලබ්ධික (ආගම් ඇදහූ) පාලකයෝ තම ලබ්ධිය සමාජගත කිරීම උදෙසා පාලකයෝ අවි අතට ගත්හ. කුරුස යුද්ධ, ආගමික යුද්ධ ඇතිවූයේ එහෙයිනි.

ලංකාව එක්සේසත් කළ බව කියන දුටුගැමුණු මහ රජාණන් මතුබුදුවන බව කියති. ඔහු ඇටි කෙසෙල් දල්ලක් වන් සිය අසිපත තුන්හිරියා පන් පතක් සේ වනතුරු සතුරන් නැසූ බව ඉතිහාසගත හා මුඛපරම්පරානුගත කතාවල සඳහන්ය. එතුමාගේ මුඛ්‍ය පාඨය මේ ව්‍යායාමය රජසැප පිණිස නොව බුදුදහම ආරක්‍ෂා කිරීම සඳහා බවද ලිඛිත සාක්‍ෂිවල තිබේ. ඒ වෙනුවෙන් කළ ප්‍රාණඝාතය පාපකාරී එකක් නොවන බවටද නොසඳහන්ය. ඒ සතුරන් අතර පංචශීලයේ එක් පදයක් ආරක්‍ෂා කළ අයකු සිටි බවද කියති. එහෙත් එක් එළු දෙනකගේ බෙල්ල කැපූ පාපයෙන් ඒ කාන්තාව ඇගේ සිරුරේ ලෝම ගණනේ හිස් කැපුම් ලැබූ බව දහමෙහි පර පණ නැසීමේ විපාක ගැන කියන විට දැක්වේ. (පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා-ඇගෙ ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා)

අපේ රටේ පාලනයට බට විදේශිීය ජාතින්ගේ ප්‍රතිපත්තිය ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් සඳහන් කර ඇත්තේ If the flag followed the trade the cross was not far behind වෙළෙඳාම පසුපස ධජය (යටත් විජිතය) ගියේ නම් කුරුසිය ද ඈතක නොවේ.) ඒ කුරුසිය යට ගිනි අවියද තිබුණේය.

මේ සරල උදාහරණ බලයේ නිවුන් සෙහොයුරා අපරාධ බව පෙන්නීමටය. අපරාධද රහිතව බලයට පත් මහා රජාණෝ තුන්ලෝකාග්‍ර බුදුන් වහන්සේ පමණි)

ඉදින් අපේ උන්නැහේලා මහතීර් මොහෝමදු, ලීක්වාන් යූ සහ පුටින් ආදර්ශය ආදේශකර ගැනීමට පෙන්වන්නේ කොයි කටයුතුදැයි නොකියන්නේය. ඔය කියන කොයි නායකයාත් බලයට එන්නට මහ මගෝඩි වැඩ කළෝය. බලයේ නිවුන් සොහායුරා අපරාධයයි. ඇවැස්ස නෑනණ්ඩිය දාමරිකකමයි. යථෝක්ත තිදෙනා හිට්ලර් මෙන් විපක්‍ෂය මෙන් විරුද්ධවාදීන් මර්දනය කළෝය. පුටින් තම විපක්‍ෂයේ කෙනකුට හෝ ඊළඟ බලයට එන්නට සිටි තැනැත්තාට හෝ වස දුන් බවක් කියැවිණි. පුටින්ගේ පරණ කියුම් කෙරුම් අවශ්‍ය නැත. ලෝකය එපා කියැද්දීත් යුක්රේනයට ගහන ගැහිල්ලම ප්‍රමාණවත්ය.

මාධ්‍ය මර්දනයද එසේමය. පාරකට බහින්න දුන්නේ නැත. කටක් අරින්න දුන්නේ නැත.
මහතීර් ද ලී ක්වාන් යූද ඒ මගම ගියාහු වෙත්.

ඉදින් අපේ මහත්තුරු කියන්නේ කොයි මග යන්නද? අපේ ලොක්කා මාධ්‍ය මර්දනය ආදිය අරබයා නටන නෙයියාඩගම ඉහටත් උඩිංය. තවත් කාගෙන්වත් උපදෙස් අවශ්‍ය නැත. පනත සම්මත කරගත්තේ මාධ්‍යයට තව දුරටත් ලියනවා තබා කටක් හොල්ලන්නට නොවේ.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බන්ධනාගාර රෝහලත් හවුස් ෆුල්! Sri Lanka Latest News

Next Post

කඳානේ මාවත්වල සැරිසැරූ මරියතුමියගේ හැඩරුව ඇති තරුණියගේ ඇත්තම කතාව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.