• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාරක ළිඳේ ගමන සිහිගන්වන ලංකාවේ හයිවේ I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive, Politics
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගමනක් යන්න ගෙදරින් එළියට බැස්සම ඒ ගමන කෙටි කාලසීමාවක් ඇතුළත ඉවරයක් කරගන්න අපි කවුරු වුණත් කැමැතියි. ගමන යන්නේ පොදු වාහනයකද තමන්ගෙම කියන වාහනයකද කියන කාරණය කොයික වුණත් යන ගමනට අඩු කාලයක් වැයවෙන එක හිතට වගේම ඕනෑම කෙනකුගේ ඇඟටත් හොඳයි කියන එක විවාදයක් නැතුව කොයි කවුරුවත් පිළිගන්න එක සහතික කරන්න පුළුවන් ඇත්තක්. හයිවේ එකට අපේ මිනිස්සු හුරුවෙලා තියෙන හුරුවිල්ල තමයි ඒකට තියෙන හොඳම සාක්ෂිය.(Sri Lanka Latest News)

පාරට බැස්සම වුණත් ඒක හොඳින්ම දකින්න පුළුවන්. ඔෆිස් යන්න ට්‍රාන්ස්පෝට් එක තෝරනකොටත් හැමෝම තෝරලා බේරලා හොයන්නේ හයිවේ එකේ යන වාහනයක්. ගෙදර තියෙන කප්පරක් වැඩ ඉවර කරලා අන්තිම තත්පරයට ඔෆිස් යන්න තමන්ගෙම පුද්ගලික වාහනයට නගින අයත්, කීයක් හරි වැඩිපුර වැයවුණත් යන්නේ හයිවේ එකේ. ඇයි ඉතින් ට්‍රැෆික් එකක් නැතුව ‘සිං’ ගාලා පවනේ යන්න පුළුවන් නේ.

තමන්ගේ අවසාන ගමන යනකොට ‘සනත් නිශාන්ත’ මන්ත්‍රීවරයත් හිතන්න ඇත්තේ එහෙමයි. නැත්නම් ඉතින් මහ රෑක ට්‍රැෆික් එකක්වත් නැති වෙලාවක එයාගෙම වාහනයක අගේට සාමාන්‍ය පාරක තමන්ගේ ගෙදරට එන්න පුළුවන් ගමන ඔහු මොන එකකට හයිවේ එකේ ගියාද? උන්නැහේටත් ඕනෑ වුණේ පැයක් හමාරක් යන ගමන ඊට වැඩිය අඩු වෙලාවකින් ඉක්මනටම යන්නයි.

ඒ කියන්නේ එතැන වැරැදුණේ ඉක්මන කොට වෙච්ච එකද?

නැහැ, එතැන වරදට හේතු වුණේ හයිවේ එක පුරා තිබුණු අඳුරය. සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ මාරක රිය අනතුර සිද්ධ වෙලා දවස් කිහිපයයි ගියේ. ඔන්න තවත් බිහිසුණු අනතුරක් වෙලා. අනතුර සිද්ධ වෙලා තියෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ. ඒ අනතුරටත් හේතු වෙලා තියෙන්නේ හයිවේ එකේ තියෙන දුර්වල තත්ත්වයේ පවතින වීදි ආලෝකය කියලයි ආරංචි මාර්ග පවසන්නේ. කොහොම වුණත් හයිවේ එකේ සිද්ධ වෙන බොහොමයක් අනතුරුවලට අධිවේගී රිය පැදවීමද බලපාන බව මෙහිදී සඳහන් කරන්න ඕනෑ.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ රියැදුරු වූ ප්‍රභාත්ද පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ යාබද අසුනේ උන් තම හාම්පුතාටද ඉක්මනින් නිවෙසට යෑමේ හදිසිය සහ කැමැත්ත තිබූ බවයි. මාරාන්තික රිය අනතුර සිදුවන මොහොතේද රියැදුරා පැයට කිලෝමීටර් 150ක අධික වේගයෙන් රිය පදවා ඇති අතර, සමහර තැන්වලදී එම වේගයද ඉක්මවා ගිහින් ඇති බවද කියැවෙනවා. අධික වේගය මරු කඳවන බව ඇත්තක්. නමුත් අධිවේගයේ වීදි ආලෝකය නියම විදියට අවැසි තරමට තිබුණා නම් රිය අනතුරක් වළක්වා ගැනීමේ පියවර ගන්නට තිබුණා නොවේදැයි සිතන්නට බැරිද?

සනත් නිශාන්තගේ රිය අනතුරෙන් පසුව පසුගිය සතියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරි රථයක්ද පෙරළී ගිහින් තියෙන්නේ හද්ද කළුවරේය.

‘ලංකාවේ හයිවේ එකක රෑට වාහනයක් එළවනවා කියන එක අද මාරක ළිඳේ යනවා වගේ අවදානමක් වෙලා’

සමාජ ජාල වෙබ් අඩවියක මෙම රිය අනතුරු ගැන කෙරුණු සඳහනකදී එහි සිරස්තලය පළවුණේ ඒ විදියටයි. ඇත්තෙන්ම කියනවා නම් අධිවේගී මාර්ගයක්, එහෙමත් නැතිනම් හයිවේ එකක් යනුවෙන් සඳහන් වෙන්නේ ටොප් එකට හරි නූලට ෂපාන් එකේ මහ රෑක වුණත් වාහනයක් පදවාගෙන ගිය හැකි ගමන් මාර්ගයක් ගැන නොවේද? මහ රෑකද අමු දහවලක වාගේ යන්නට එහි වීදි ආලෝකය තිබිය යුතුය. නැත්නම් එයට හයිවේ එක යන සුවිශේෂ නාමය හිමිවන්නේ නැත. මහ රෑට කට්ට කළුවරේ කණාබල්ලන් ගහන තාලෙට වාහනය පදවාගෙන යන තත්ත්වයට එය වැටෙයි නම් හයිවේ කියන සුපිරි නම එයට ගැළපෙන්නේ නැත.

සනත් නිශාන්තගේ අකල් මරණයෙන් පසුව හයිවේ එකේ වීදි ආලෝකය පිළිසකර කරන්නට සූදානම් වෙන බව සියලු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල මහ විශාලෙට ප්‍රචාරය වන්නට ගත්තේ හෝගාන සෙයියාවටය. එහි අදහස වන්නේ ඉතාම අවැසි කටයුත්තක් අනිවාර්යයෙන් කළ යුතු යමක් පවතින රජයෙහි නොසැලකිල්ල නිසා මඟහැර දමා තිබූ බවකි. කඩිමුඩියේ හයිවේ එකේ වීදි ආලෝකය පිළිසකර කරන්නට තක්කු මුක්කු වූ සංසිද්ධිය හරහා පසක් වන තවත් කාරණයක් වන්නේ ආණ්ඩුවේ බලපුළුවන්කාරයකුගේ මරණය සිදුවන තුරුම වගකිව යුත්තන්ට ඒ ගැන කිසිම වගක් තිබුණේ නැති බවය.

සමහර විටෙක රටේ සාමාන්‍ය පුරවැසියකුට සනත් නිශාන්තට සිදුවූ රිය අනතුර සිදුවුණා නම් හයිවේ එකේ වීදි ආලෝකය අඩපණ වූ තත්ත්වයක තියෙන බව කිසිවකු අද වනතුරුවත් ප්‍රසිද්ධියේ දැනගන්නේද නැත. දැනගත්තත් වීදි ආලෝකය පිළිසකර කිරීමක් කෙරෙහි රජය සැලකිල්ලක් දක්වන්නේද නැත. වරද ප්‍රමාද වී හෝ නිවැරැදි කරගන්නට ඔවුන් පෙලඹුණේ ඔවුන්ගේම කෙනෙක් ආණ්ඩුවේ ලොකු මිනිහෙක් මරණයට පත්වූ නිසාය.

අනෙක් කාරණය වන්නේ හයිවේ එකේ කලින් කලට වැඩිවන අයකිරීම්ය. ඒ ගැන පමණට වැඩිය දොස් කියන්නට දෙයක් නැත. එහෙම කියන්නේ හයිවේ එකේ යන්නේ එන්නේද ඒ මුදල ගෙවන්නට හැකියාව තියෙන මිනිසුන් නිසාය. නමුත් එහෙව් ගෙවීම්වලට සරිලන ආකාරයට හයිවේ එකේ තත්ත්වයද එලෙසම තිබිය යුතු නොවන්නේද? හයිවේ එකේ වීදි ආලෝකය තවමත් පිළිසකර කර නැතිය කියලා එහි යන අය වෙතින් අයකරනු ලබන ගෙවීම්වල වෙනස අඩුවක් මෙතෙක් සිදුව නැත.

මැති ඇමැතිවරුන්ට කෝටි ගණන් සුපිරි වාහන ගෙන්වන රටක ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝලබාලයන් හෝල් සේල් ගානට පිටරට සවාරි යන රටක මහජනයා ගෙවීමක් කරමින් ගමන් ගන්නා හයිවේ එකෙහි විදුලි ආලෝකය අලුත්වැඩියා කරන්නට සල්ලි නැති එක පුදුමාකාරය. මහ රෑ මුහුද මැද ජෝගි නටන්නට වියදම් කරන්න ලක්ෂ ගණන් තිබුණා නම්, ඒ වීදි පහන් ආලෝකය යථා තත්ත්වයට ගෙන එන්නට රජයට මුදල් තිබුණේ නැද්ද?

වරද සිදුවූයේ කොතැනද? අහන්නේ කාගෙන්ද?

තම තමන්ගේ වගකීම් අමතක කොට එකිනෙකාට බෝලෙ පාස් කරමින් සිටින ආණ්ඩුවකට මේ කරන චෝදනාවලින් ඵලක් වෙයිද?

ඒ සියල්ල දන්නේ උඩ ඉන්නා දෙවියන්ම පමණය.

‘දෙව් ලොව දෙවියනේ මගෙ දෙව් සාමිනේ ලංකාවට මොකද මේ වුණේ…?’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව වැඩිහිටි-ආබාධිත-වකුගඩු දීමනාව වැඩි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 85ක් වෙච්ච හිටපු මුදල් ඇමැති අත්අඩංගුවට ගත්තා… මැලේසියාවේ නම් පැන්ඩෝරා හොරු ඇල්ලුවා තට්ටු 60ක ගොඩනැගිල්ලකුත් රජයට පවරා ගත්තා… ලංකාවේ මොනවා වෙයිද? I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.