ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකය පිළිබඳ කරන ලද සමාලෝචනයන් තුළ සාර්ව ආර්ථික ස්ථායිතාව පිළිබඳ පමණක් සලකා බලන රාමුවක අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය ජනතාව කොතරම් පීඩනයකට ලක්ව ඇද්ද යන්න ගැන විශ්ලේෂණය නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මධ්‍යමපාන්තික පවුල්වලින් විශාල පිරිසක් දරිද්‍රතා මායිමෙන් පහළට ඇදවැටී ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම මෙම මධ්‍යමපාන්තික පවුල්වල වියදම් රටාව පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ගේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහන, දුරකතන, විදුලිය, ජලය වැනි බිල්පත් ගෙවීම සඳහා වැය කරන බව සඳහන්ය.
මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍ය ආදී කරුණුවලට වියදම් කිරීමට ඔවුන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව හෙළිව ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ රටට වඩාත් ගැළපෙන ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද දැඩි අපහසුතාවකින් ජීවත්වන බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට රජය විසින් බදු ප්‍රතිසංස්කරණ තුළින් විශාල ආදායමක් අපේක්ෂා කළත් එම ඉලක්කයට යෑම සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක නොවන බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඉහළ ආදායම්ලාභී පවුල් නිවැරැදිව හඳුනාගෙන බදු පදනම පුළුල් කිරීම තුළින් රටේ ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුවාක් මෙන්ම වක්‍ර බදු සැලකිය යුතු ලෙස පහත දැමීම සඳහා රජය ක්‍රියා කළ යුතු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
ඒ තුළින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළීම මගින් ජනතාවට සහන සැලසීමට හැකියාව ඇති බවද වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න










