පෙබරවාරි මස 04 වැනිදාට යෙදෙන 76 වැනි නිදහස් දිනය උළෙල වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදුකරන පෙලපාළිවල පෙර පුහුණුවීම් කටයුතුවලට ඉඩ ලබාදීම සඳහා ගාලුමුවදොර පිටිය ආශ්‍රිත මාර්ග කිහිපයක් ජනවාරි 29, 30, 31 පෙබරවාසි 01 සහ 02 යන යන දිනවල තාවකාලිකව වසා තබන බව පොලිසිය නිවේදනය කරනවා. (Sri Lanka Latest News)
එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග හඳුන්වා දී ඇති බවයි අද (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිසිය සඳහන් කළේ.










