• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහත්වරුනි ‘කෝවාඩිස්’ (Sri Lanka Latest News)

January 28, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
මහත්වරුනි ‘කෝවාඩිස්’ (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැලළිහිණියේ කාන්තා අංගෝපාංග වර්ණනා කරන කල්හි ඔවුනට අපහාසයක් සහ සුන්දරත්වයට හානියක් නොවන අන්දමට ගෞරවාන්විතභාවයට වටිනාකමක්ද එක් කෙරෙන ආකාරයෙන් උපමා උපමේ යොදා තිබේ.

(Sri Lanka Latest News)

හංසයා උසස් ගණයේ සතෙකි. දියෙන් කිරි වෙන් කරගැනීමේ හැකියාව ඇති එකම සත්වයා ලෙස කවි සමයේ විස්තර කෙරේ. තිසරා යන නම යෙදෙන්නේ දිය, ගොඩ සහ අහසේ සැරිසරන යන අර්ථයෙනි. රණ හංස ජාතකයෙන් විදහා දැක්වෙන්නේ යුක්තිය සාධාරණත්වය අගේ කරන්නකු බවය.

“තිසර තන යන දෙ පදයේ තිසර යන විශේෂණ පදයෙන් ඒ සියලු ගුණාංග චිත්‍රණය කරමින් කියවන පාඨක මනසේ චිත්ත රූපයක් මවයි. එය ගෞරවනීය මනෝභාවයක් මිස කාමුක හැඟීමක් ජනිත නොකරන්නකි. එය පුරාණ කවියන්ගේ ප්‍රතිභාපූර්ණත්ව කෞශල්‍ය ගුණයයි.

රාහුල හාමුදුරුවන් ගත් ආරත් සකු ඇදුරු ඌරුවත් යන දෙකම සමගාමී වේ. අරුතෙන් රෙසෙන් (රසයෙන්) පිරිපුන්ය. සකුවේ (සංස්කෘත භාෂාවෙ) “භදරී” යනු කොළොං පලවලට (ගෙඩිවලට) යෙදෙන නමකි. ඒ පල රත් පැහැයෙන් යුක්තය. එමෙන් සුමටය. (සිනිඳුය) වටය (රවුම්ය. පිරිපුන්ය) මටය (මටසිලිටුය) කෝටි මූල්‍යංතු යන්නෙහි අරුත වටිනාකම කෝටියක් බවය. තද් (එයින්) අර්ධං බාගයකි (ලක්‍ෂ පනහකි) බිල්ව යනු බෙලිවලට සකු වදනයි. බෙලි කොළොංවලට වඩා විශාල වේ. නාරිකේල පොල්වලට නමි. ක්‍රමුකං යනු සංස්කෘතෙන් කරුංකාය.

(කොළොං ගෙඩියත් තරමේදී වටිනාකම කෝටියකි. බෙලි ගෙඩියක් තරම් වනවිට වටිනාකම ලක්‍ෂ පනහකි. පොල් ගෙඩියක ප්‍රමාණයේදී වටිනාකම දහසකි. එල්ලෙන විටෙක කරුංකා ගෙඩි දෙකක් හෝ නොවටින්නේය. (සුන්දරිය)

භදරී කෝටි මුල්‍යංතු – තද්අර්ධං බිල්ව සුන්දරී
නාරිකේල සහස්‍රානි – ලම්බකං ක්‍රමුකං ද්වයං
එහෙත් කොළඹ යුගයේ කවියන්ට ඒ ප්‍රතිභාවය තිබුණේ නැත.

“සමන්මලිගෙ පියයුරු දෙස නැවත හැරී
තබන්නෙමි අලුත් උවමක් කොහොම හරී
පැළෙන්නට ඉතා ළංවුණු සුළං පිරී
ජපන් බැලුම් යුගලක් මෙන් නොවෙද? සරී

පී.බී.අල්විස් පෙරේරා කවියාගේ ඒ උපමාව අව්‍යක්ත එකකි. ජපන් බැලුමක් වහා පුපුරා විනාශ වන්නකි. අනුචිත යෙදුමකි.
යථෝක්ත සංස්කෘත ශ්ලෝක කිසිවක විසින් හෙළ බසට නගා තිබුණේ මෙසේය.

දෙළුම් කාලෙදි රැක්කා – තැඹිලි කාලෙදි වික්කා
පසුව වට්ටක්කා – වැලක එල්ලී තියෙනු දැක්කා වශයෙනි.

මේ ලියුම්කරු උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි සමයේ දවසක (නමසිය හැට ගණන්වල) සවස කාමරේට වී සිංහල සාහිත්‍ය පිළිබඳ එසේ සඟරාවක තිබූ විස්තරයක් කියවමින් සිටියෙමි. ඔන්න ඔය වෙලාවේ අපේ සියා ඉස්තෝප්පුවේ ඔහුගේ ජනප්‍රිය හාන්සි පුටුවේ දිගඇදී හොඳවැයින් යාපනේ සුරුට්ටුවක් අදිමින් හිත් වේදනාවක් සහිතව බරපතළ කල්පනාවක යෙදී සිටියේය. වයෝවෘද්ධභාවය නිසා ඒ වනවිට ඔහුගේ පෙනීම හොඳටම දුබලව තිබිණි. සිත් වේදනාවට හේතුව එදින උදේ බිම වැටී ඔහුගේ කණ්ණාඩි කුට්ටම බිඳීයාමෙන් පුවත්පතවත් කියවන්නට හැටියක් නොවීම නිසාය.

ඔය අතරේ අපේ ගේ ඉස්සරහින් ප්‍රධාන පාරේ පෙරහැරක් යන සෙයියාවක් ඇසෙන්නට වූවේය. (කෑගල්ල රඹුක්කන මහා මාර්ගය තිබුණේ අපේ ගේ ඉදිරියෙනි)
“අහසට පිඹිනා එරන් කළේයා
පොළවට පිඹිනා භූමි කළේයා
රන්මසු දහසක් වටින කළේයා
“ඉඹපන්” නෑනෝ මගේ කළේයා” පරිදි ඇසුණේ කාන්තා කටහඬවල් ගණනාවක් නිසා ඒ කාන්තා සංවිධානයක සාමාජිකාවන් කළගෙඩි මාලයේ (කවි පොතකි) කවිකියමින් මොකක් හරි මඟුල් රැස්වීමක් තියන්නට ප්‍රජා ශාලාවට හෝ ඒ ආසන්නයේ පිටිටනියට හෝ යනවා ඇතැයි මම සිතුවෙමි. ඒ අතරේ කොල්ලන් රෑනක් “හුරේ” දානවා ද ඇසුණේය.

“පුතේ, ලොකුපුතේ” තක්කු මුක්කු ගතියෙන් සීයා මට කතා කෙළේය.
“ඇයි සීයේ” මම කාමරේ සිටම විචාලෙමි.
“මොකක්ද කාලඝෝට්ටියක් ඇහෙනව වාගෙ. ගෑනු කට්ටියක් කළගෙඩි සෙල්ලමේ කවි උලුත්තාගෙට කිය කියා මොනවදෝ උඩදානවා වාගෙ පේනව. කණ්ණාඩි කුට්ටම නැති නිසා මට පේන්නෙ කළගෙඩි වෙනුවට මුං ටික, වට්ටක්ක, වැටකොළු වාගෙ එළවළු ජාති උඩ දානවා වාගෙ. එළවළු ගිනි ගණං හින්ද මුං ඒකට විරෝදෙ පානවද කොහෙද? ඇවිත් බාංකො (බලාපංකො)” ඔහු එක දිගට කියාගෙන ගියේය.

මා නැගිට ඉස්තෝප්පුවට අවුත් පාර දෙස බලනවාත් සමගම “හුටප්පර ජාලං, තුන්දෙනකුට තුවාලං” යැයි කියැවුණේය.
ගැන්සියේ ඉස්සරහිංම හිටියේ ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත උන්නැහේය. ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි කී සමන්මලී එතනහාමි (එතන හාමි යන්නෙහි නිරුක්තිය එක තන හාමි යන්නේ විකාශයකි) ඔහුගේ ඇඟේ ගෑවෙන්නට ඕංමේං ගානට යමින් රංගනයක යෙදුණාය.

“ඇයි පුතේ” මා උන් වික්‍ෂිප්තභාවය තේරුම්ගත නුහුණු සීයා යළි ඇසුවේය.
“සීයෙ, ලාල්කාන්ත කියල තිබුණනෙ රටේ ආර්ථික සංවර්ධනේට විදේශිකයන් ආකර්ෂණය කරවා ගන්න කාන්තාවන් පාරවල් දිගේ ටොප්ලස් පෙළපාළි යවනව කියල. අපේ ගමේ කට්ටිය ඒ දෙන්න එක්ක දැංමම වැඩේ පටන් අරං”

“පුතේ ටොප්ලස් කියන්නෙ මොකක්ද?”
“සීයෙ කාන්තාවන්ගෙ උඩුකයට මොකවත් අඳින්නෙ නැතුව කියන එකයි”
“සීවරම් දෙයිහාමුදුරුවනේ..ඒ..ඒ”
“යන්නෙ නැද්ද ගෙට” යැයි මා දෙස රවා තරවටු කරමින් ඔය අතරේ ආච්චි කොහේදෝ සිට කඩා පාත්වුණාය.
“තමුසෙටත් ඕයි මානමාල විසේ” යැයි ඇය සීයා සමග ඔට්ටුවෙද්දී මම කාමරයට පැන්නෙමි.

දවල්ට කා ඇඳට වී සඟරාවක සිංහල සාහිත්‍ය ගැන ලිපිය කියවමින් සිටි මට හොඳටම නින්ද ගොස් තිබුණේය.

ජාතික ජන බලවේගය බලයට පත්වූ විට රටේ ආර්ථිකය දියුණු කිරීමට විදේශිකයන් ආකර්ෂණය කරනු වස් පියයුරු පෙළපාළි හඳුන්වා දෙන බවට ලාල්කාන්තගේ දාර්ශනික හෝ දාර සුනඛ හෝ තඩි ප්‍රකාශය සේම ගණිකා වෘත්තිය නීිතිගත කළයුතු බවට සමන්මලී ගුණසිංහ නෑනිච්චි “මල් නෑනී මං, නෑනී මං, නෑනී මං” (හැන්දෑවේ ස්නානය කිරීම නිසා සෙම වැඩිවී කං අගුල් වැටීමෙන් ඒ ගීතය මට ඇහුණේ වල් ගෑනී මං, වල්ගෑනී මං ලෙසිනි) ගීතය ගයමින් රැඟූ මනෝරම්‍ය රංගනයද මගේ යටි හිතේද චිත්තප්‍රසාදයක් ඇතිකරවන්නක්ව තිබී නින්දේදී ඉස්මතුව ඇති බව මම කල්පනා කෙළෙමි.

ඇත්තට රට නංවන්න මුන්නෙ අනාගත ආර්ථික වැඩපිළිවෙළ මේකද? මගේ හිත දෙමෝලෙන් පිටි කොටන්නා සේ ගැහෙන්නට පටන් ගත්තේය. දැන් රටට වෙන්න තියෙන නස්පැත්තිය වසර හැත්තෑපහක් තිස්සේ මුළුමනින්ම සිද්ධ වී හමාරය.

රට ගොඩගන්න නම් කළ යුත්තේ වැටුණොත් වැටුණාවෙ කියන තියරියෙන් අඹ ගහකට පොලු ගහන්නා සේ ඉබාගාතේ වැනිල්ලක් නොවේ. වර්තමාන මහීෂ (මීහරක්) සංකල්පවලින් මිදී සියයට සියයක්ම නොවරදින මාර්ගයකට මාරුවීමය.

ඒ වෙනුවට මුන් රිඹ විකාගෙන තතනන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් වශයෙන් කාන්තාවන්ගේ “උක්කුං පෙයාර්” (ජෝඩු) එළියෙ දම්මවා පෙළපාළි යැවීමටය. එයින් හෝ අපේක්‍ෂිත විදේශිකයන් පැමිණීමේ ඉලක්කය සපුරාගත නොවූ කල්හි “මගෙ බුදු සන්තානං මෑණියනේ..ඒ..ඒ..” මුන් කාන්තාවන්ගේ අනිත් හරියත් එළියෙ දම්මවා පෙරහැරවල් පවත්වන්නට බැරිකමක් ද නැත.

බලය ගන්නට පිටපොට ගහන එක පාර්ශ්වයකටවත් නිසි සංවර්ධන සැලසුමක් නම් නැති බව උන්නැහේලා මේ දක්වා කියන කෙරුම්පොජ්ජ ගැන හිතාමතා බලන සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනකුට දෙවරක් හිතන්නට අවශ්‍ය නැත. සැලසුම් කළ යුත්තේ ආරක්‍ෂාව සඳහා පැනලා දිවිය යුත්තේ කවර මාර්ගයකින්ද කවර දෙසකටද යන්න පමණි.

පොහොට්ටුවට, යූ.ඇන්.පී.යට, සිරිලංකාවට මේවන විට රටේ මහජනතාවගේ මතය (කියුම්කෙරුම් අනුව) සංවර්ධන සැලසුම් හදහදා ඉන්නට අවශ්‍යතාවක් ද නැති තරම්ය.

මහජනයා දීමට තීරණය කර ඇති තීන්දුව කරතලා මලක් සේ (සද්ධර්මරත්නාවලියේ යෙදුමකි) පැහැදිලිය. බුරුලු තබා අඟින් කිරිදෝනා සේ කටයුතු කළ බව අත්දැකීමෙන්ම අවබෝධ කරගත්තකි. මොවුන් කිරි fදාවන්නට මෙතෙක් උත්සාහ කර ඇත්තේ අඟකින් නොව පුරුෂ කාරණාවෙන් බව නම් කණෙකුට (අන්ධයෙකුට) වුවත් පැහැදිලිය.

බාලාංශ පංතියේ සිට තුනේ හතරේ ශ්‍රේණි දක්වා සිටියදී අපි අපේ ගුරුතුමී ඉඳී..ඊ..ඊන් කියන විට ඉඳගත්තෙමු. සිටී….ඊ.න් කියන විට හිටගත්තෙමු. ආයුබෝවන් කියන විට එසේ කීවෙමු.
රනිල්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂයේ රට නංවන සැලසුමද ඔන්න ඔය වගේය. අයි.එම්.එෆ් එක ඉඳී..ඊ..න් කියන විට රනිල් ඉඳගනියි. සිටී..ඊ..න් කියනවිට හිටගනියි. එයින් නොනවතින ලොක්කා වැඩියෙන් ශිල්ප දක්වන්නට බඩපිනුම් ද ගසයි. කස්තිරංද අල්ලයි. එච්චරක් නම් මදෑ. මෙහෙ මිනිසුන් කන්න නැතිව හූල්ලන විට, මන්දපෝෂණෙන් පෙළෙන දරුවන්ටත්, වයෝවෘද්ධයන්ටත්, රෝගීන්ටත් බේත් හේත්ටික නැතිව මරණාසන්න වනවිට අපේ මහ එකා කිසිම විළිලැජ්ජාවක් හිරිකිතයක් නැතුව මිනිසුන්ගේ ලේ රිහිරි උරා බොන රීරියක්‍ෂයා සේ මහජන මුදල් කෝටි ගණං වියදම්කරමින් රටරටවල රෝන්දෙ ගසයි.

උන්නැහේගේ ආර්ථික ප්‍රතිපත්ති හදන උත්තමයන්ට වඩා පුත්තලමෙං එකෙකු දෙන්නකු ගෙනාවා නං මෙපමණ හෙණපතයක් රටට කටින්නේ ද නැත. උන් මරහඬ තළන විට අඩුම වශයෙන් කුරුමිණියන්ගෙන් පොල්ගස් ටික හෝ බේරාගත හැකිය. (බූරු හඬට කුරුමිණියන් වඳවෙන බව ගම්මුන්ගේ මතයකි)

පොහොට්ටුවේ මයිනලා, කාක්කලා ප්‍රමුඛ පැලැන්තියම අපට ඇන්න ඇනිල්ල හොඳටෝම ප්‍රමාණවත්ය. ඒවායේ අලගිය මුලගිය තැන් නැවත නැවත කියා දෙන්නට අවශ්‍ය නැත. විළිලජ්ජාව කියන එක ගෑවිලාවත් ඇත්නම් දේශපාලනය කියන වචනයවත් කියන්නට ඔවුන් කට ආයන්නේ නැත. මොවුන් වෙනුවෙන් එක කතිරයක් හෝ ගසන්නකු ඇත්නම් ඌ මවගෙන් බීපු කිරිටිකටත් සාප කරන්නෙකි. ඇයි? ඔවුනට නීතියක් රීතියක් තිබුණේ නැති තරම්ය. ලසන්තලා, එක්නැලිගොඩලා, තාජුඩීන්ලා පරලොව ගියේ ඒ කාලයේය. පෝද්දල ජයන්තලා ඇතුළු තවත් බොහෝ දෙනෙක් රට ගියේ ඒ කාලයේය. සුනාමි සල්ලි අකුරටම තත්කාර්යයටම වැය කළේ ඒ කාලයේය.

ඒ නිසා මයිනලා රට සංවර්ධනය සඳහා ඉදිරිපත් කරනවා යැයි කියන සැලසුම් බල්ලෙකුවත් පිළිගනීදැයි යන්න සැකයකි. ඔවුන් කළ යුත්තේ අරගලය දවසේ කඩිමුඩියේ (අතේ තිබූ එක්කෝටි හැත්තෑ හත්ලක්‍ෂය පවා අමතක කර) දීව අන්දමට යළිත් දුවනවාට වඩා ටිකක් නිවී සැනසිල්ලේ නිවාඩුපාඩුව මැතිවරණය දාට පෙරම යන තැනකට මංගච්චන එක නාක (නරක) දැයි ඇසිය යුතුය. නැතිනං මහජනයා රිස්ස යනතුරු සලකන්න බැරිකමක්ද නැත. එදා වගේ බේරෙ වැවෙන් ස්නානය කරවා නවතින්නේ ද නැති තරම්ය.

අනිත් බඩුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂාධිපත ි(බාලපක්‍ෂාගාතය නැති) අයියෝ සිරිසේන ගොයියාගේ සංවර්ධන සැලසුම්ය. කියන්නට වරදක් ද නැත. පතෝල වගේය. හෙතෙම යූ.ඇන්.පී.කාරයන්ගේ කතිරවලින් ජනාධිපති පුටුව උඩ ලැග්ගේය. අනතුරුව නැගපු ඉණිමගටම පයිං කෙළිය බයියාය. (බයන්න වෙනුවට යූ.ඇ.න්.පී.කාරයන් කියන්නේ වෙනත් අකුරකි) ඒ නිසා ආයෙ ජනාධිපති කං නං සුම්මාය. අයියාට පල්ලං බසින්න සිද්ධවෙන්න පිළිවන.

මෙතෙක් රටට (මහජනයාට) ඉදිරිපත් කිරීමට සංවර්ධන සැලැස්මක් නැතිවා සේම ඉදිරි කාලයත් ඔහේ ගෙවිච්චාවේ යන විදිහටම ඉඳ ගෙදර යනවා මිස සංවර්ධන සැලසුම් හදන්නට මහන්සි නුවූවාටද කමක් නැත.

හැබැයි ඇමැති කාලෙ උන්නැහේ කොම්පැනිකාරයින්ට නතු නොවී දුම්වැටිවලින් රට බේරා ගන්නට ගත් උත්සාහයට නම් අපේ ප්‍රණාමය.

මෙවර රට සංවර්ධනේ කරන්න එන අලුත්ම අශ්වයා දිලිත් ජයවීරය. කොහොම වුවත් ජනාධිපතිවරණයට ඇත්තේ මාස කීපයකි. ජයවීරතුමා තවමත් මහජන යහපතට ඉදිරිපත් කිරීමට යෝජිත සැලසුම හදන්නට අමුඩ ගැටේ ගහන්නේ කොතැනින්ද යන්න සොයාගන්න බැරුව ඉන්නා සේය. ඔහු හැමෝමත් සමග සාකච්ඡාකර වැඩේ කරන බව කියන්නේය. එතෙක් උඹලා නිදිවැදී (නිදාගෙන) හිටපල්ලා යන්න නොකියා කියන්නේය. ඒ බලය ගත්තත් කෙරෙන දේ ගැන පූර්වාදර්ශයක් වශයෙනි.

දැනට රේස් එකේ බෙට් (ඔට්ටු) කිරීමට සිටින්නෝ සජිත් සහ අනුරය. අනුර උන්නැහේ ධනවාදයට විරුද්ධ බව කියන්නේය. ඒ නිසා පෞද්ගලීකරණයට එරෙහිය. බණ්ඩාරනායක උන්නැහේ පනස් හයේ (1956) කීවාක් සේ ජනතාකරණය (ජනසතු) කරන බවක් වදාරන්නේ ද නැත. එතුමා එප්පාවල පොස්පේට් එක ගැන කියයි. වටේට ඇති මහා සාගරය රට නංවන සම්පත් සාගරයක් බව කියයි.

ඔය කණ්ඩායමේ තුන් දෙනෙකුට මීට පෙර චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුවේ ඇමැතිකම් තුනක් දී තිබුණේය. වැඩක් කරන්න කාලය ප්‍රමාණවත් නොවූ බව සැබෑවක් වන්නට පිළිවන. එහෙත් ඒ කාලය චාං චහ් අන්දමින්ම ගෙවී ගියා මිස අපට පෙනෙන්නට යමක් නං සිදුවූයේ නැත.

අඩුම තරමින් අර ඇඳිල්ලක් පිටපොට ගැසීමක් හෝ තරම් දෙයක්වත් නොවූයේය. ඒ කාලයේ යමක් සිද්ධ වූයේ නම් මෙවර මූද ගැන දෙසා බලයට ආවිට සැමන් ටිං කම්හලක් හෝ ආරම්භ කරනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.

ඔළුව වටා අත කරකවා නාහෙ ඇල්ලීමේ සිද්ධාන්තයෙන් අපි හොඳටෝ..ඕ..ඕ..ම බැටකෑවෝ වෙමු. ඒ නිසා ඒ තියරිය අපට අවශ්‍ය නැත. හඳෙන් හාල්, ඇට අට, ජර්මනියෙන් ෆොක්ස්වාගන් කාර් කර්මාන්ත ශාලා, පදවියට පත්වූ වහාම (රනිල්) ඩොලර් බිලියන හතරේ විදේශ ණය වැනි සුරංගනා කතාවලින් අපි හෙම්බත්ව නොව සුන්බත්වම (පූජාවලියේ යෙදුමකි) සිටින්නෙමු.

රටට අවශ්‍ය අඳුරේ කනා බල්ලන් ගහන කතා නොවේ. ගජබින්නාලංකාරයේ කතා වස්තුවලින් ද පලක් නැත. කෙසෙල් ගසෙක බිඩැලු ගලවා හර (කොවුල) නැති නියාව දක්නා සේ සැලසුම් නැත.
කාක්කා මොන පාටදැයි යන ප්‍රශ්නයට පිළිතුර කළුපාටය යන්න මිස කාක්කා කාක්කාක් ගානවා, ඌ ඉගිළෙනවා, තද හොටක් තියෙනවා යන දේ නොවේ. කුසගින්නේ පසුවන මිනිසාට ඔවැනි බයිලාවලින් වැඩක් නැත.

“භුභූ සිතෛර් ව්‍යාකරණං නභුංජතේ” (කොපමණ කයිය ගැහුවත් කන්න බැරිය. (කෑම ලැබෙන්නේ නැත).
අනිත් අශ්වයා සජිත්ය. ඒ අශ්වයා දුවන්නට සැරසී සිටින්නේය. එහෙත් දුවන්නේ කවර දිශානතියකට (පැතක්තකට) දැයි මහජනයාට නම් තවමත් තේරුම් ගත නොහැකිය.

අපට අවශ්‍ය N.A.T.O. සංවිධානයේ සාමාජිකයන්ගේ කතා නොවේ. N.A.T.O.=No Actions Talks Only (කතා විතරයි වැඩ නෑ)
එතුමාගේ පක්ෂය Blue Print යනුවෙන් කුමක්දෝ සංවර්ධන “අටං පහුරක්” ගැන කතා කරයි. (එය හරියට අපේ ගමේ කඩේ සිංහල බැරි හනිෆා මුදලාලිට ග්‍රීක් භාෂාවෙන් කතා කරන්නා සේය.) ඒ කුමක්දැයි අප සජබේ මංත්‍රීවරුන් කීප දෙනකුගෙන්ම ඇසූ කල ඔවුහු “උනිමු වෙණ සදතෙයි නොදත්තෙමු ගායනා කරතෙයි යන නියායෙන්ම” නොහොත් ළාවුළු කෑ පුංචි මහත්වරුන් සේ උඩ බිම බලන්නට වූහ. එපමණක් නොව සජිත් මානුෂීය ධනවාදයක් ගැන කියයි. ජනතා සුබසාධනය ගැන කියයි. නමුත් බ්ලූ ප්‍රින්ට් ඇති දේ ගැන ජනතාවට වැටහීමක් නැත.
හාරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝල මාල විතරක්ය.

වී, මිරිස්, ලූනු අස්වැන්න, බිත්තර ගෙඩිය විකුණා ගන්න බැරුව උද්ඝෝෂණය කරන රටක, කුඹුරු කැපෙන ,මිරිස් කඩන, ලූනු ගලවන අන්දම බලබලා නොදැක්කා සේ ඒ සියල්ල ආනයනය කරන රටක වතුර බෝතලේ, පලා මිටිය (පංපෝරි ගසමින්) ආනයනය කරන ගස්තර පාහර දේශපාලනඥයන් සිටින රටක තවත් මොන සංවර්ධන සැලසුම්ද හලෝ.

ගතවූ හැත්තෑපස් වසරක කාලය අවලෝකනය (ආපසුහැරී බලන) කරන විට අනාගතය, රට සහ නැති බැරි මිනිසුන් ගැන කැක්කුමක් සහිත (සමාවුව මැනවි. මට හිතෙන හැටියට) පැහැදිලි දර්ශනයක් තිබූ නායකයෝ තිදෙනෙක් වූහ. ඒ fදාන් ස්ටීවන් සේනානායක (ඩී.ඇස්. සේනානායක) ආචාර්ය නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා (ඇන්.ඇම්.පෙරේරා) සහ රණසිංහ ප්‍රේමදාස යන දේශ හිතෛෂියෝමය.

මහසෙන්, මහාපරාක්‍රමබාහු වැනි නරපතියෝ බතින් බුලතින් මේ රට සශ්‍රීක කළෝ ඒ සඳහා වන ඒකායන මාර්ගය කෘෂිකර්මය බව පසක්කර ගෙන තිබූ හෙයිනි. ඒ මගම ගත් ඩී.ඇස්. සේනානායකයෝ දුරදක්නා නුවණින් ඇළහැර, මින්නේරිය, අල්ල, මහියංගණය, පොළොන්නරුව, මිණිපේ, ගල්ඔය ආදී ප්‍රදේශවල මහා පරිමාණයේ ගොවි ජනපද පිහිටුවා දකුණේ මිනිසුන් පදිංචි කරවූහ. නොඑසේ නම් මේ වන විට ප්‍රභාකරන් මේ රටේ නායකයාය.

අද ස්ථායීව පවත්තා ඉතුරුකිරීමේ බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය ආයෝජන හා උකස් බැංකුව වැනි මූල්‍යායතන ආරම්භ කෙළේ ඇන්.ඇම්. පෙරේරාය. මෙරටින් මැණික් හොර පාරේ යාම වළකා විදේශ විනිමය උපයා දෙන මැණික් සංස්ථාව වැනි ආයතන පිහිටෙව්වේ ඔහුය. ස්කාගාර සංස්ථාව ආරම්භ කෙළේ ඔහුය. විදේශ ණය පියවීමේ පුරෝගාමියා ඔහුය. මට මතක හැටියට හෙතෙම විදේශ ණය ගත්තේම නැත.

අප රටේ නිෂ්පාදනය කළ හැකි දේ ආනයනය සීමා කෙළේය.
ඉන්න හිටින්න නැති උන්ට නිවාස දසලක්‍ෂයක් ඉදිකර දුන්ණේ රණසිංහ ප්‍රේමදාසය. අදත් ගමේ එවුන් බඩගින්නේ නොසිට කැඳ උගුරක් හෝ බී පණ ගැටගසා ගන්නේ ඔහු හඳුන්වා දෙන ලද ඇඟලුම් කර්මාන්තය නිසාය.

කවුරු මොනවා කීවත්, හරි ගියත් නැතත් පනස් ගණන්වල සිට ආණ්ඩු ගන්න (බලය ගැනීමට) ඉදිරිපත්වූ නායකකාරකාදීන්ට මහජනතාව ඉදිරියේ තැබීමට තේමා පාඨයක් තිබුණේය.
පනස් ගණන්වල සිට හැට ගණන් දක්වා යූ.ඇන්.පී.ය නිකං (නොමිලේ) හාල් දීමේ පොරොන්දුව කරළියට ගෙනාවේය. හැටපහ හැත්තෑව සමයේ එම පක්‍ෂයම වගා වර්ධනයට ගොවි හමුදාවක් පිහිටෙව්වේය. හැත්තෑව හැත්තෑ හත යුගයේ ශ්‍රී ලංකාව පස් අවුරුදු සැලැස්මක් සමග වගා සංග්‍රාමය ඉදිරියට පවත්වාගෙන යමින් ආනයනය සීමා කෙළේය.

සුද්දන්ගේ පාලනයෙන් මිදී ස්වාධීන වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් කිරීමේ යෝජනාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහජනයාට ඉදිරිපත් කළාය.

හැත්තෑ හතේ සිට කඩිනම් මහවැලිය සහ විවෘත ආර්ථිකය ජේ.ආර්. ජයවර්ධන නායකතුමා සමාජගත කරන ලද්දේය.

ඊළඟට ප්‍රේමදාස මහත්තයා නිවාස දසලක්‍ෂය සමග සාමය උදාවයි දුක්ගිනි නිමාවයි ගායනා කෙරමින් කොටින් සමග කොටිං නොව දීර්ඝ ලෙසම සාකච්ඡා කෙළේය.
චන්ද්‍රිකා නෝනාද ඒ මගම යමින් සුදු නෙළුම් ව්‍යාපාරය ගැන කීවාය.

මහින්ද මහත්තයා තම පාලනය අතරමගදී හෝ යුද්ධය අවසන් කරන්නට ආවේය.

රනිල් මෛත්‍රීලා 2015 දී දින සියයයි (100) ව්‍යාපෘති සියයයි (100) කීවෝය. ගෝඨා වියත් මගක් හැදුවේය.

දැන් ඉන්න යක්කුන්ට ඒ ජාතියේ මොකවත් නැත. නිකංම නිකං පුස්සෝය. අනන්නට අහවල් කුට්ටමවත් (බූරු) ඇති බවක් පෙනෙන්නට නැත. දැක්මකුත් නැත. මෙහෙවරකුත් නැත. No Mission and No Visionය. කෝවාඩිස්ය. එසේ නම් යන්නේ යැවෙන්නේ කොහාටද? කෝවාඩිස් යනු ඉංගිරිසි බසේ යෙදෙන යන්නේ කොහාටද? යන තේරුම දෙන ප්‍රසිද්ධ ලතින් යෙදුමකි. Latin Idiom
උන්නැහේලා සබ්බ සකල කෙප්ප කෙබර කෙළිමින් වාන බුරුස් (අහස්කූරු) යවා නිලා පත්තුකරනවා පමණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සනත් නිශාන්තගේ අවසන් ගමනේදී බිරිය සංවේදී වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරකම දැන් පල්ලෙහාටම ඇවිත්! බෙලිඅත්තේ අවුරුදු 15ක සිසුවෙක් රත්තරන් බඩු හොරකමේ ගිහින්! අල්ලපු ගෙදරටත් පැනලා! ගෙදර හිටපු ආච්චිගේ මාලයත් කඩාගෙන! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.