• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා මාරයා ගැන මාස 8කට කලින්ම අනාවැකි කිව්ව අවුරුදු 14ක පුංචි ‌කොලු ගැටයා

April 7, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොරෝනා මාරයා ගැන මාස 8කට කලින්ම අනාවැකි කිව්ව අවුරුදු 14ක පුංචි ‌කොලු ගැටයා
Share on WhatsAppShare on Facebook

‘මේක ඇත්තටම ලෝක යුද්ධයක් වගේ එකක්. යුද්ධයකදී මිනිස්සු ආයුධ භාවිතා කරනවා සටන් කරන්න. ඒත් මේ යුද්ධයේදී ආයුධ නැහැ. මේ භයානක යුද්ධය ඇති වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ වෛරසයක් අතරයි. මේක ආයුධ භාවිතා කරන යුද්ධයකට වඩා ඉතාමත් භයානකයි. 2019 නොවැම්බර් මාසයේ ඉඳන් 2020 මැයි මාසය වෙනකම් මේ ලෝක යුද්ධය ඇති වන්න පුළුවන්. මේ කාලයේ ඉතාමත්ම දුර්ලභ ග්‍රහ බැඳීමක් සෞරග්‍රහ මණ්ඩලයේ සිදුවෙනවා. ග්‍රහ මණ්ඩලයේ ප්‍රබලතම ග්‍රහයන් තිදෙනා තමයි අඟහරු, සෙනසුරු සහ බ්‍රහස්පති මේ බලගතු ග්‍රහයන් තිදෙනාම එකට බැඳීමක් මේ කාලය තුළදී සිදුවෙනවා. මෙම සිදුවීම මනුෂ්‍ය වර්ගයාට ඉතාමත් ප්‍රතිඵලදායක එකක්. එමෙන්ම එය මාරක අනතුරු ඇති කරනවා. මිනිසාට භයානක වෛරසයක් සමඟ යුද්ධ කරන්න වෙනවා.’
මොකක්ද මේ ගත සිත කීරි ගැසෙන කතාව. කවුද මෙහෙම කිව්වේ? එහෙම කියපු මාරක යුද්ධයට අද අපි මැදිවෙලා ඉවරයි. මේ තිගැස්සෙන බියකරු කතාව කිව්වේ ඉන්දියාවේ කුඩා පිරිමි දරුවෙක්. අද ලොව විනාශයට පත් කරන මාරක කොරෝනා වසංගතය ගැන අල්ප මාත්‍රයකවත් සඳහනක් නැති කාලයකදී තමයි මේ කතාව ඔහු පැවසුවේ. එනම් මෙයට හරියටම මාස 8කට උඩදී 2019 වසරේ අගෝස්තු 22දා. දැනට 14 වැනි වියෙහි පසුවන අබිග්යා ආනන්ද් නමැති ඉන්දීය ජාතික මෙම දරුවා කියූ එම කතාව අද සක්සුදක් සේ සිදුව තිබීම කෙතරම්ම ආශ්චර්යයක්ද? අබිග්යා ආනන්ද් අද ලොව වටා මහත් දැඩි කතාබහට ලක්වී ඇති දරුවකු වන අතර ඔහුගේ ‘කොන්සයන්ස්’ නමැති ‘යූ ටියුබ්’ චැනලය ඔස්සේ ඔහු යටකී ප්‍රකාශය සිදුකළේය. එතැනින් නොනවතින ඔහු එම කතාව තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.
“මේක අතිශය බියකරු මාස 06ක තීරණාත්මක කාලයක්. අඟහරු, සෙනසුරු සහ බ්‍රහස්පති එකට බන්ධනය වීම නිසා සිදුවන මෙම මහා ව්‍යසනයෙන් මිනිස් ජීවිත රාශියක්ම විනාශ වෙනවා. මෙම ග්‍රහයන් තිදෙනාගේ කූටප්‍රාප්තිය සිදු වන්නේ මාර්තු 30 සිට අප්‍රේල් 01දා දක්වා කාලය තුළයි. කෙසේ හෝ මෙම මාරක වසංගතයේ ශක්තිය සහ බලපැවැත්වීම 2020 මැයි 29දා වන විට ක්ෂය වී යන තත්ත්වයකට පත්වෙනවා. එහෙත් තවත් මාස ගණනාවක් යනතුරු ජන ජීවිතය සාමාන්‍ය අතට පත්වන්නේ නැහැ.”

අද මුළු මහත් ලෝකයම දැඩි භීතියටත්, ශෝකයටත් පත්කර තිබෙන වත්මන්, ‘කොවිඞ් – 19’ නොහොත් කොරෝනා වසංගතය ගැන මෙවැනි අනාවැකියක් කියූ අනාවැකිකරුවකු ගැන මෙතෙක් කිසිදු වගතුගක් නැත. අප රටේද රූපවාහිනී නාළිකාවල ‘හද්දා පට්ටපල් කෙබර’ දෙසාබාන අමනෝඥ ජ්‍යොතිෂකාරයෝ කොපමණ සිටීද? නොයෙකුත් ආකාරයෙන් විසිතුරු සාටක රෙදිපිළි පැලඳ මෙසේ මුසාබස් දෙසා බාන්නෝ, රූපවාහිනී දර්ශනයෙන් පසුව අහිංසක ජනතාවගේ මුදල් කොල්ලයක පල් හොරුන්ය. සිතට කනගාටුව නම් උන් බොහෝ දෙනකු සිංහල බෞද්ධයන් වීමය. මෙවැනි වටපිටාවකදී අද ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ වෙසෙන හින්දු ආගමික දරුවකු මෙවැනි පුදුමාකාර අනාවැකියක් ප්‍රකාශ කර තිබීම සැබෑ ලෙසම ආශ්චර්යකි. එසේම මේ කතාන්දරය කිසිසේත්ම නිකම් අල්ලා ඉවත දැමිය හැකි එකක්ද නොවේ.
අබිග්යා ආනන්ද්ගේ මෙම සත්‍ය අනාවැකිය ඇතුළත් ‘කොන්සයන්ස් යූ ටියුබ්’ චැනලයේ දසුන් ලොව පුද්ගලයන් 12,40,000ක් (දොළොස් ලක්ෂ හතළිස් දහසක්) විසින් මේ වන විට නරඹා ඇති අතර, එය දිනෙන් දින තවත් සුවිශාල පිරිසක් විසින් නරඹමින් සිටිති. මෙයට පෙරද ඔහු විසින් විවිධ අනාවැකි කිහිපයක්ම පළකර ඇති අතර, එම තොරතුරු බොහෝ සත්‍යතාවයන්ට පත්ව ඇත. අබිග්යා ආනන්ද්ට මෙම ජ්‍යොතිෂය ශාත්‍රය සහ ග්‍රහ තාරකා ශාත්‍රය ගැන දැනුම ලැබී ඇත්තේ පෙර ජන්මයකින් යැයි පැවසෙයි. එසේ නැතිනම් ඔහු මෙම ශාස්ත්‍රයන් පොතපතින් ඉගෙනගෙන නැත. එනමුත් ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය ඇති දරුවකු හෙයින් දැන් ඔහු මෙකී ශාත්‍රයන් විවිධ පොතපතින්ද අධ්‍යයනය කරයි. තවද ඔහුට දැඩි ආධ්‍යාත්මික බලයක් ඇති බැව්ද පැවසෙයි. මේ දස්කම් සියල්ල එක්වූ තැන අද ඔහු අති සුවිශේෂී දරුවකුගේ තත්ත්වයට පත්ව තිබෙයි. හරියටම මෙයට මාස 08කට පෙරදී ඔහු පැවැසූ මෙම ව්‍යසනය ගැන තවත් කරුණු රැසක්ද අද හෙළිවී ඇත.
අබිග්යා ආනන්ද් ජ්‍යොතිෂ විද්‍යාව හරහා මෙම අනාවැකි පළකිරීම සහ විවිධ මතිමතාන්තර සමාජය වෙත ඉදිරිපත් කිරීම සිදුකරනු ලබන්නේ තමාට වයස අවුරුදු 07 පමණ කාලයේද සිටය. ඒ අනුව ඔහු දැනට මෙම විෂයානුබද්ධ දැනුම වසර 07ක කාලයක් පුරා නොකඩවා අධ්‍යයනය කරමින් පවතියි. මොහු මෙවර කොරෝනා වසංගතය හඳුන්වා ඇත්තේ ගෝලීය යුද්ධයක් ලෙසිනි. අඟහරු, සෙනසුරු හා බ්‍රහස්පති එකට බද්ධවීම සහ ජලකාරක චන්ද්‍රයාගේ දැඩි බලපෑමද හේතුවෙන් ශ්වසන රෝග ඇතිවන බවටද ඔහු කරුණු ප්‍රකාශ කර ඇත. එසේම එවැනි රෝගයන් මිනිසාට වැලඳී සමාජය පුරාද පැතිර යන බවට ඔහු අනතුරු හැඟවීය. කෙසේ හෝ මාස 06ක කාලයක් මෙම ප්‍රබල වසංගත රෝග තත්ත්වය පවතින අතර, පසුව 2020 මැයි 29 වැනිදා කක්ෂගත ග්‍රහ රේඛාව බිඳීයෑම හේතුවෙන් එම රෝගයේ බලය අකර්මණ්‍ය වෙයි.
අබිග්යා ආනන්ද් දරුවා එසේ ප්‍රකාශ කරන ලද කරුණුවලින් 75%ක්ම අද සත්‍යයක් වී ඇත. එනම් කොරෝනා වසංගතයේ ප්‍රබලතම සහ දරුණුතම දින කිහිපය දැන් ගෙවීගෙන යයි. මෙම දිනවල ඉතාලියෙන් වාර්තා වුණු අසීමිත කොරෝනා මරණ සංඛ්‍යාව සහ ඇමෙරිකාවෙන් වාර්තා වන අසීමිත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව එයට හොඳින්ම සාක්ෂි දරයි. එසේම ලෝකයේ අනෙක් රටවල් රාශියකින්ද මෙම දින කිහිපයෙහි කොරෝනා මරණ විශාල ලෙස වාර්තා වූයේය. මෙසේ මෙම දින කිහිපය ඇතුළතදී පමණක් කොරෝනා රෝගීන්ගේ සහ කොරෝනා මරණවල ශීඝ්‍ර වැඩිවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රමාණය ලක්ෂ 08ක් ඉක්මවූ අතර, මරණ 50,000 ඉක්මවූයේය. මෙය කෙතරම් බියකරු තත්ත්වයක්ද?
අදට ලොව සිටින ලද ප්‍රබලතම සහ ජනප්‍රියතම අනාවැකිකරුවන් දෙදෙනකු ලෙස සලකන 14 වැනි ශතවර්ෂයේ විසූ (ක්‍රි.ව. 1503 – 1566) ප්‍රංශ අනාවැකිකරුවකු වන මයිකල් නොස්ට්‍රාඩමස් සහ
20 වැනි ශතවර්ෂයේ විසූ බල්ගේරියානු ජාතික අනාවැකිකාරියක වූ බාබා වන්ගා (ක්‍රි.ව. 1911 – 1996) නමැති අන්ධ කාන්තාවද ලොවට විවිධ අනාවැකි රැසක් ඉදිරිපත් කරන ලද අතර, ඔවුන්ට කිසිදු දිනක 2020 වසරේදී මෙලෙස සිදුවන මාරක කොරෝනා වසංගතය ගැන අනාවැකි කීමට හැකිවී නොමැත. එසේම ඉන්දියාව නොහොත් මහා භාරතයද විවිධ අනාවැකිකරුවන්ගේ තෝතැන්නකි. එවන් වටපිටාවකදී මෙසේ අබිග්යා පිරිමි දරුවා ලොව මවිත කරවන මහා අනාවැකිය ප්‍රකාශ කර ඇත. 75%ක්ම සත්‍ය වූ ඔහුගේ අනාවැකියේ ඉතිරි 25%ත් සත්‍ය වනු ඇතැයි අද ලෝකය දෙනෙත් විවර කරගෙන බලා සිටියි. එනම් 2020 මැයි 29 වන විටදී මෙම බියකරු වසංගතය අකර්මණ්‍ය වීමකට එළැඹෙන වගතුගයි.
අද ලොවම නිර්වින්දනය කරන මෙම කොරෝනා වසංගත අනාවැකිය ප්‍රකාශ කළ අබිග්යාගේ ජීවිත කතාවද ඉතාමත් අපූරු එකකි. ඔහුගේ පියාගේ නම සුබ්‍රමානියම් ආනන්ද් වන අතර, මව අනූ ආනන්ද්ය. ඔහුට එක් බාල සහෝදරියක් සිටින අතර, ඇය අබිහිදෙයා ආනන්ද්ය. මෙයට වසර කිහිපයකට ඉහතදී මෙම පවුල වසර කිහිපයක් ඕස්ටේ්‍රලියාවෙද වාසය කර ඇති අතර, පසුව ඔවුන් ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තය වෙත සංක්‍රමණය වී ඇත. අබිග්යා ආනන්ද් දරුවා පාසලේ තමන්ගේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට අමතරව හින්දු ආගමේ සහ ඉන්දියානු සංස්කෘතියේ පැවැත එන බගවත් ගීතා ගායනා, වේද ගායනා සහ ශ්ලෝක ගායනා ඉතාමත් උනන්දුවෙන් අධ්‍යයනය කරන්නට ගත්තේය. අවසානයේදී වසර කිහිපයක් යන විටදී ඔහු මෙම හින්දු සංස්කෘතිකමය අංගවල ප්‍රවීණයකු වන්නට ගත්තේය. ඔහුට හින්දු ශ්ලෝක 500ක් පමණ කටපාඩමින් මතකය. සංස්කෘත භාෂාවෙන් ලියන ලද ඉපැරැණි වේද ශාස්ත්‍රය ඔහුට හොඳින් කියැවිය හැකිය. එසේම හින්දු දහමේ මහත් ඉහළින් පුද සත්කාර ලබන ගායනා 700කින් පමණ සමන්විත බගවත් ගීතාවද ඔහු හොඳින්ම අධ්‍යයනය කර ඇත. මෙය සැබැවින්ම කුඩා දරුවකුට පිහිටනු ලබන අතිශය විශ්මිත දස්කමකි. ඔහුගේ මෙම සහජ අධ්‍යාපනික දස්කම් නිසා ඔහු සිටින්නේ අනෙකුත් සියලුම දරුවන්ට වඩා ඉදිරියෙනි.
මේ වන විට අබිග්යා ආනන්ද් ඉන්දියාවේ විශාල ජනතාවකට හින්දු සහ ඉංග්‍රීසි බසින් දේශන පවත්වමින් ජීවන යථාර්ථය අවබෝධ කරදෙයි. ඔහු සියලු ආගම්වලට එක හා සමානව සලකයි. ඒ නිසා ඔහු නිතර අවධාරණය කර සිටින්නේ හින්දු භක්තිකයන් විසින් බගවත් ගීතාවද, ඉස්ලාමික භක්තිකයන් විසින් කුරානයද, ක්‍රිස්තියානි භක්තිකයන් විසින් බයිබලයද ඇදහිය යුතු බවයි. ඉන්දියානු රජය සහ තවත් ප්‍රකට සංවිධාන රැසක් මගින් අබිග්යාගේ දස්කම් ඇගැයීමට ලක්කර ඇත. එම ගෞරව සත්කාර කිහිපයක් මෙහි දැක්වෙයි.

  • කාන්තා සහ ළමා සංවර්ධනය සඳහා පිදෙන 2015 වසරේ රාජ්‍ය සම්මානය.
  • මයිසූර් ප්‍රාන්තයේ 2016 වසරේ රාජ්‍ය සම්මානය.
  • ජාත්‍යන්තර බගවත් ගීතා සම්මානය – 2015
  • ‘ශ්ලෝක ප්‍රවීණ’ 2016 රාජ්‍ය සම්මානය.
  • බැංගලෝර් සිංහ සමාජ විශිෂ්ට සම්මානය.
    මෙයට අමතරව තවත් සම්මාන රාශියක්ද අබිග්යා ආනන්ද් වෙත පුදකර ඇත.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

අගමැති හදිසියේම ආණ්ඩු පක්ෂ‌යේ සියලුම මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවයි

Next Post

මුලු රටටම ‌හොරන් කරපු භයානක INT ‌මෙහෙයුම: ‘මව්රට’ අතිවිශේෂ ‌හෙළිදරව්ව

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.