විදුලිබල මණ්ඩල සේවකයින් 5000ක් අද රාත්‍රීයේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත යැයිද විදුලිබල මණ්ඩලයේ සේවකයින් මේ ආකාරයේ මර්දනය කරන්නේ නම් සියලුම සේවකයින් එකවර එක මොහොතේ ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයිද ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේය. (Sri Lanka Latest News)
ලෙඩ නිවාඩු වාර්තා කර රාජ්‍ය දේපල විකිණිමට එරෙහිව පැවති උද්ඝෝෂණයට සම්බන්ධ වූ විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැඩ තහනම් කිරිමට එරෙහිව ගත හැකි නීතිමය කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරනු ලබන බවත් මේ සම්බන්ධයෙන් ඇමතිවරයා සමග සාකච්ඡා කිරිමට ඉල්ලීම් කළ ද ඒ සදහා අවස්ථාවක් ලබා නොදෙන බවද හෙතෙම කීය.
වැඩතහනමට ලක්වු සේවකයින්ගේ තහනම ඉවත් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් කවරේද යන්න පිලිබඳව විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති මේ වන විට රැස්වි විශේෂ සාකච්ඡාවන් ආරම්භ කර ඇතැයිද රන්ජන් ජයලාල් පැවසුවේය.
එමෙන්ම ජය මේ වන විට කරගෙන යනු ලබන වෘත්තීය සමිති මර්දනය සහ රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව රාජ්‍ය, අර්ධරාජ්‍ය, වතු, පුද්ගලික, යන සියලුම අංශයේ වෘත්තීය සමිති පෙළ ගැසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම ලබන 22 මරදාන ඩීන්ස් පාරේ පිහිටි සාමාජික හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වෙන බව ද මෙහිදී රජය ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගණනාවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය විකිණීමේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවද ඒ සමස්ත වෘත්තීය සමිතිවල සහයෝගය ලබා ගැනීම සදුදා දිනයේදී සිදුකරන බවද රංජන් ජයලාල් පැවසුවේ.
lankasara










