• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 දෙවැනි දේශපාලන පෙරළියත් වෙයි! ජී.එල්.-ශාන් ලාල්-ඩිලාන් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

January 1, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
2024 දෙවැනි දේශපාලන පෙරළියත් වෙයි! ජී.එල්.-ශාන් ලාල්-ඩිලාන් විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමඟ එක්විය.Sri Lanka Latest News

ෂාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරයත් සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වයත් අද දින ලබා ගත් අතර ඉන් පසුව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට ෂාන් විජයලාල් ද සිල්වා මහතා , මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා , ඩිලාන් පෙරේරා මහතා සහභාගි වූහ.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා,

‘‘මම සමගි ජනබලවේගය සමඟ එකතු වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිවූ ගැටලුවක් නිසා නෙවෙයි. රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය භාරය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා.
2024 ආරම්භයේදී රට ගොඩගැනීමේ වැඩපිළිවෙලට ප්‍රවේශයක් ලබාදෙන්න පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන නිසා. රටේ තිබෙන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්න ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයේදී අපි ජනතාව දිනවිය යුතුයි. ඒ නිසා වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය සමග එකතු වීමට තීරණය කළේ.

වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනස් වුණ වැඩපිළිවෙලක් ජනතාව දිනවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අපි සූදානම්. වර්තමාන ආණ්ඩුවට රටේ තිබෙන ආර්ථික ගැටලුවලට විසදුමක් ලබාදෙන්න කිසිදු අවශ්‍යතාවයක් සහ වැඩපිලිවෙලක් නෑ. අපනය ආර්ථිකය පිළිබඳ වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ණය ගෙවන්න තවත් ණය ගනිමින් රට තවත් අගාධයකට ඇඳ දැමීමට වර්තමාන පාලයක් කටයුතු කරමින් සිටිනවා. ජනතා ශක්තියක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහනය කළ හැකි ශක්තිමත් නායකත්වයක් තිබෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සමඟ එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක්.

රටේ පවතින නීතිය අනුව සැප්තැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පෙර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුලුවන්. සියලු තුරුම්පු තියෙන්නේ ජනාධිපතිවරයා සතුව. ඔහු කුමන තුරුම්පුව ගහයිද කියලා අපිට කියන්න බෑ. කුමන මැතිවරණයක් පැවැත්වුවත් ජනතා විරෝධි පාලන තන්ත්‍රය වෙනස් කරන්න අපි එකට හිටගන්නවා.

කතානායකවරයාට දකුණු පසින් වාඩිවෙලා සිටින අයට විතරයි රට කරන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් කතානායකවරයාට වව් පසින් සිටින බොහෝ දෙනෙකුට රටක් පාලනය කිරීමට හැකි දැනුමක් අවබෝධයක් අද්දැකීමක් තිබෙනවා. අපගේ පාලන තන්ත්‍රයක් තුළ රටේ පවතින ගැටලුවලට සාධනීය විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ‘‘

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා,

‘‘පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ එකතු වීම සමගි ජනබලවේගයට විශාල ශක්තියක් ෂාන් විජයලාල් ද සිල්වාට පොදුජන පෙරමුණ සමඟ කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් ඔහු රට වෙනුවෙන් දැවැන්ත තීරණයක් අරගෙන තිබෙනවා. ඔහුගේ එම තීරණය අපි සියලු දෙනාට විශාල ශක්තියක්. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙල ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට අපි සියලු දෙනා එකතු වෙලා සිටිනවා. රටේ ජනතාව පත්ව තිබෙන පීඩනයෙන් ගොඩගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය සමඟ එකතුවෙලා අංග සම්පූර්ණ එ්කාබද්ධ වැඩපිළිවෙලක් 2024 ඇතිකිරීම තමයි අපගේ ඉලක්කය වෙන්නේ.‘‘

ඩිලාන් පෙරේරා මහතා,

‘‘නිදහස් ජනතා සභාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ආණ්ඩු කරන්න ඕන කියලා තීරණය කළේ 2022 ජුලි 20. පාර්ලිමේන්තුව තුළ සිටින විපක්ෂයේ කණ්ඩායම් සහ පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින විපක්ෂ කණ්ඩායම් එකතු කරගෙන ඒකාබද්ධ පොදු සන්ධානයක් නිර්මාණය කළ යුතුයි කියලා නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනා තීරණය කළා. ඒ අනුව සමගි ජන බලවේගය , ජාතික ජනබලවේගය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොමියුනිට්ස් පක්ෂය , දෙමළ ජාතික සන්ධානය සමඟ නිදහස් ජනතා සභාව සාකච්ඡා පැවැත්වුවා. නමුත් බොහෝ දේශපාලන පක්ෂ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න කැමැත්ත දැක්වුවත් මැතිවරණයක් සඳහා එකතු වෙන්න එකගවුණේ නෑ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ පිහිටුවීමට නියමිත සන්ධානය ඉක්මනින් පිහිටුවිය යුතුයි. මොකද අපි දන්නේ නෑ ඉදිරියේදී කුමන මැතිවරණය ඉස්සල්ලා එයිද කියලා. පාර්ලිමේන්තු මැතිවරණයට බටර් එකක් එකක් ඇති. ඒක සමගි ජනබලවේගය හදලා ඉවරයි. ජනාධිපතිවරණයක් නම් අයිසින් කේක් එකක් හදන්න ඕන. වර්තමාන ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට කරපු දේ නිසා ඉදිරියේදී කුමන මැතිවරණය පවත්වයිද කියලා කියන්න බෑ. මැතිවරණ දිනා ගන්න අරගලයක් කරන්න වෙයිද දන්නෙත් නෑ.

ආණ්ඩුව එලවන්න අපිට එක මතයකට එන්න වෙනවා. ඒ නිසා එකගවීමට පුලුවන් කාරණා වලට එකගවෙමින් අනෙකුත් කාරණාවලට එකගනොවෙන්නත් එකඟවෙනමින් කටයුතු කළොත් විතරයි ජනාධිපතිවරණයක් ආවොත් ජය ගන්න පුලුවන් වෙන්නේ.

ආණ්ඩුව ගෙදර යවන්න විරුද්ධ පක්ෂයේ සියලු කණ්ඩායම් එකතු විය යුතුයි. එකතුවෙලා හදන ආණ්ඩුව දිගටම තියාගත්තේ නැත්නම් හදාගත්ත ආණ්ඩුව පරදිනවා . ඒක රාපක්ෂලාට සිදුවුණා.

විරුද්ධ පක්ෂයේ ඉදලා ඇමැතිකම් ගන්න ආණ්ඩුවට යනවා වෙනුවට අද ආණ්ඩුවේ ඇමැතිකම් දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විපක්ෂය සමඟ එකතුවෙනවා. ජනතාධිපතිවරණයක් ජයග්‍රහනය කරන්න විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකතුවිය යුතුයි.
අරමුණ වෙන්නේ ආණ්ඩුව ගෙදර යැවීමනම් ඒ එකතුවීම අත්‍යාවශ්‍ය වෙනවා.

අපි එකතු වෙලා හදන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. අපි හදන බලවේගයේ ප්‍රධාන බලවේගය වෙන්නේ සමගි ජන බලවේගය.‘‘

SendShareShare
Previous Post

රටින් පැනලා ඉන්න කුඩු ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගේ දෙහිවල Soul Beach හෝටලය පොලිසියෙන් බිමට සමතලා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරානයත් අතදාන්න සූදානම්… ඇමෙරිකාවත් අත දාන්න ලෑස්තියි… ඊශ්‍රායලය පටන්ගත්තේ තුන් වැනි ලෝක යුද්ධයද? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.