• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලෝකයම විනාශ කළ කොරෝනාව පරද්දපු ජපන් පෙත්ත ‘එවිගන්’දැන් ලංකාවට ඇවිත්

April 1, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
ලෝකයම විනාශ කළ   කොරෝනාව පරද්දපු  ජපන් පෙත්ත ‘එවිගන්’දැන් ලංකාවට ඇවිත්
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයක් පුරා ඕස්ටේ්‍රලියාවේ අක්කර ලක්ෂ ගණනක් හරහා කුරිරු ලෙස හඹාගිය මහා ලැව්ගින්න මෙතරම් දරුණු නැත. එම ලැව්ගින්නේ විනාශයට පත්වූයේ මිනිස් ජීවිත 34ක් පමණි. එහෙත් අහිංසක සතුන්ගේ ජීවිත මිලියන ගණනාවක් බිලි ගත්තේය. කෙසේ හෝ මිනිස් ජීවිත රැකුණේය. එහෙත් අද ලොව එහා කොනක සිට අනෙක් අන්තය දක්වා හඹායන මේ කුරිරු යක්ෂයාගෙන් බේරීමට නම් මිනිසාට අපහසුය. ඔබත්, මමත් අද පැය 24 පුරාවට කතා කරන ‘කොරෝනා’ මාරාවේශ යක්ෂයා මේ වනවිට ලොව අහිංසක මිනිසුන් 40,000ක් බිලිගෙන හමාරය. එසේම මේ බියකරු මාරයා පැරදවීමටද නොහැකි වී ඇත. මේ මාරයා සැඟව සිටිමින් මිනිසුන් ගිල ගන්නේය.
තත්ත්වය එසේ වුවද මේ වන විට ලොව වටා සිටින ඉසිවරයන් සිය ගණනක් කොරෝනා මාරයා මෙල්ල කළ හැකි ඔසු සොයාගැනීමේ මහා සටනක නිරත වී සිටිති. දවසේ පැය 24 පුරාම මේ විද්වත් මිනිස්සු මෙම දිව ඔසු සෙවීමේ මහා සංග්‍රාමයේ නිරතව සිටිති. මෙය සැබෑ ලෙසම අපගේ දෙනෙත් විවර කරවන නව තතු එක්රැස් කළ කතාන්දරයකි. කොරෝනා වසංගතය ලොව ගිල ගන්නට පටන්ගෙන දැන් මාස 4ක් ගතවී තිබේ. කුඩා මී පැටියක මෙන් පටන්ගත් කොරෝනාව දැන් මහා සද්දන්ත ඩයිනෝසරයකුගේ තත්ත්වයට පත්ව තිබේ.
කොරෝනා නොහොත් ‘කොවිඞ් 19’ රෝගය මැඩීමට හැකි යැයි පැවසෙන ඖෂධ වර්ග කිහිපයක් විවිධ රටවල වෛද්‍ය පර්යේෂකයන් විසින් පසුගිය කාලයේදී ලොවට හඳුන්වා දුන්නේය. එහෙත් මේ බොහෝ බටහිර ඔසු මෙම රෝගය සඳහා නිසි මර්දන ක්‍රියාකාරීත්වයක් දැක්වූයේ නැත. මේ අතර වෛද්‍යවරු දිගින් දිගටම සාම්ප්‍රදායික ඖෂධ වර්ග භාවිතයට ගනිමින්ද සිටියහ.
මෙවැනි අවස්ථාවකදී පසුගියදා ජපානයෙන් ආරංචි වූයේ ‘කොවිඞ් 19’ රෝගය සඳහා ඉතාමත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් සොයාගත් බැව්ය. අමෙරිකාව සහ චීනය මෙන්ම තවත් රටවල් රැසක්ද ප්‍රත්‍යක්ෂ ඔසුවක් සොයා ගැනීමට වෙර දරමින් සිටින විටදී ජපානය විසින් මෙම සිදුකළ කාර්යය ලොව වටා මහත් අවධානයට ලක්වූයේය.
මෙම බටහිර ඖෂධය ජපානයේම පර්යේෂණ මගින් සොයාගනු ලැබුවේ මෙයට වසර 05කට පෙරය. එනම් එරට ඉන්ෆ්ලුවන්සා උණ රෝගීන් සඳහා 2014 දී මෙම ඖෂධය නිෂ්පාදනය කෙරුණු අතර, මේ වන තෙක් එරට භාවිතයට ගනිමින් ඇති ඖෂධයකි. ‘එවිගන්’ නොහොත් ‘ෆවිපිරාවීර්’ නමින් හඳුන්වන මෙම ඔසුව නිෂ්පාදනය කරනු ලබන්නේ ජපානයේ ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ටොයෝමා’ සමාගම විසින් වන අතර, එය ජපානයේ ඉපැරැණි සමාගමක් වන ‘ෆිජිෆිල්ට්‍රා’ ආයතනය හා අනුබද්ධ සමාගමකි. ‘ෆවිපිරාවීර්’ ලෙස ඖෂධීය නාමයෙන් හඳුන්වන මෙම ඖෂධයේ වෙළෙඳ නාමය ‘එවිගන්’ වෙයි.

Avigan influenza tablets

මෙම බටහිර ඔසුවේ කතාන්දරය අද බොහෝ දෙනකු නොදන්නා අතිශය අපූරු වගතුගකි. ජපන් ජාතික වෛද්‍ය විද්‍යාඥයන් කණ්ඩායක් විසින් මෙම ඖෂධය නිපදවූයේ 2014 වසරේදී වන අතර, එහි ප්‍රධාන පරමාර්ථය වූයේ දරුණු උණ රෝග සඳහා භාවිත කිරීමය. මෙය ‘ඇන්ටිවයිරල්’ නොහොත් ප්‍රතිවෛරස නාශක කාණ්ඩයේ ඖෂධයකි. වෛරස් වර්ග රැසක් සමග සටන් කිරීමේ හැකියාව මෙම ඔසුවට ඇත. එනම් එම කාණ්ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා වෛරසය, කහ උණ වෛරසය, වෙස්ට් නයිල් වෛරසය යන ප්‍රධාන වෛරස් මුළුමනින්ම විනාශ කිරීමේ හැකියාව ‘එවිගන්’ ඖෂධය සතුව වෙයි.
ජපානය තුළම ව්‍යාප්ත වන්නට ගත් ඉන්ෆ්ලුවන්සා වෛරසය සඳහා ‘එවිගන්’ සාර්ථකව භාවිතා වන අතරේ, 2014 වසරේදීම අප්‍රිකානු මහද්වීපයෙන් අතිශය දරුණු උණ වසංගත රෝගයක් පටන් ගත්තේය. එය ‘ඉබෝලා’ නම් දරුණු උණ වසංගතය වූ අතර එකල එම මාරක රෝගයෙන් මිනිසුන් 13,000ක් මරණයට පත්විය. කෙසේ හෝ ‘ඉබෝලා’ රෝගය ව්‍යාප්ත වන්නට ගෙන මාසයකට අධික කාලයක් ගත වූ පසුව පරීක්ෂණයකින් සොයා ගත්තේ වහාම ‘එවිගන්’ ඖෂධය මේ සඳහා භාවිතා කළ යුතු බැව්ය. ‘ඉබෝලා’ නිසා අප්‍රිකානු ජනයා මැරි මැරී වැටෙන්නට විය. වහාම ජපාන රජය කළේ ‘එවිගන්’ ඖෂධය නොමිලයේ අප්‍රිකාවට සපයා දීමය. අප්‍රිකානු වෛද්‍යවරුන් වහ වහා ඖෂධය ‘ඉබෝලා’ රෝගීන්ට දෙන්නට විය. සිදුවූයේ පුදුමයකි. ඉතාම අසාධ්‍ය රෝගීන් දහස් ගණනක් සුවය ලබන්නට විය. ‘එවිගන්’ට ‘ඉබෝලා’ පරාජය විය. මාස දෙකක් පමණ ගතවෙද්දී මාරක ව්‍යසනය මෙල්ල කළේය.
අද මෙම අපූරු ඖෂධය ‘කොරෝනා’ යක්ෂයා මෙල්ල කිරීමට සාර්ථකව භාවිතා කරමින් සිටියි. ප්‍රති වෛරස නාශක ඖෂධ වර්ග සිය ගණනක් සමාජය තුළ තිබුණත් මෙම ප්‍රති වෛරසය නොහොත් ඖෂධය ඉන් සියල්ලටම ඉදිරියෙන් සිටින බවට කරුණු වාර්තා වෙයි. මෙම ඖෂධය හඳුනා ගැනීමට පෙර ලොපිරාවිර් සහ පිටොනාවිර් නමැති ප්‍රති වෛරසය ඖෂධ දෙකක සංකලනයක් කොරෝනා රෝගීන් වෙත ලබා දෙමින් තිබුණේය. එසේම මේ වන විට ලොව ඒඞ්ස් රෝගීන් වෙත ලබාදෙන ඇබකාවිර් සහ ටෙනොෆොවිර් නමැති ප්‍රති වෛරස ඖෂධ දෙකක සංකලනයන්ද කොරෝනා රෝගීන්ට ලබාදීමට කටයුතු කළේය. එහෙත් මෙම ඖෂධවල ප්‍රතිඵල ඉතාමත් සෙමෙන් සිදුවන්නට විය. මේ අතර වාරයේ ජපානයේ වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය මත ‘එවිගන්’ ඖෂධය චීන වෛද්‍ය විශේෂඥයන් විසින් කොරෝනා රෝගීන්ට ලබාදුන්නේය.
සිදුවූයේ ආශ්චර්යයකි. මින් පෙර ඖෂධ වර්ගවලින් කොරෝනා රෝගීන්ගේ ශරීරයන්හි වයිරස්වලට එරෙහිව ප්‍රතිරෝදතා ගොඩනැගීමට දින 11ක පමණ දීර්ඝ කාලයක් ගතවුවත් ‘එවිගන්’ මගින් දින 04කදී එම ක්‍රියාවලිය සිදුකළේය. මෙය තෙගුණයක බලයකින් යුක්ත ක්‍රියාවලියක් වූ අතර කොරෝනා රෝගීන්ගේ දරුණු ලෙස ආසාදිත වූ පෙනහැලි ක්‍රමයෙන් සුව වන බැව් එක්ස් කිරණ සහ සීටී ස්කෑන් වාර්තා මගින් පෙන්නුම් කළේය. ඔවුන්ගේ උණ රෝගයද පහළ ගියේය. ඉතා අසාධ්‍යව සිටි රෝගීන්ගෙන් 91.43%ක් සම්පූර්ණ සුවය ලැබීය. මෙය සැබැවින්ම ඉතා විශ්මකර්ම ක්‍රියාවලියක් විය. චීනයේ රෝගීන් දහස් ගණනින් බිලිගත් වූහාන් නගරයේම සිටි රෝගීන්ට මෙම ඖෂධය ලබාදුන් අතර, මුලින් රෝගීන් 350ක් යොදාගෙන පර්යේෂණ සිදුකෙරිණි. පසුගිය කාලයේ වූහාන් නගරයේ රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා අඩු වූයේ මෙම දිව්‍ය ඖෂධය නිසා බැව් ප්‍රකාශ විය.
‘එවිගන්’ ඖෂධයේ විශේෂත්වය ගැන චීන වෛද්‍ය බලධාරීන් ජපානයට කරුණු ඉදිරිපත් කර තම ප්‍රසාදය පුදකර සිටියේය. තවද මෙම ඖෂධය ඉතා ආරක්ෂාකාරී, අතුරු ප්‍රතිඵල නොමැති ඖෂධයක් ලෙසටද කරුණු ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් යටතේ ‘එවිගන්’ නිෂ්පාදනය කරන ටොසේකා ආයතනය මහත් ජනප්‍රියත්වයට පත්වූ අතර එම සමාගමේ කොටස් 15.7%ක ප්‍රමාණයකින් ඉහළ නැග්ගේය. කෙසේ හෝ මෙම ‘එවිගන්’ ඖෂධය ඉතාමත් මාරාන්තිකව අසාධ්‍යව සිටි රෝගීන්ට එතරම් ප්‍රතිචාර දක්වා නැතැයිද කරුණු හෙළිවිය.
එම කතාව යහපත් පුවතක් වන අතර වාරයේ තවත් කොරෝනා ඖෂධ කතාවක් ලෝකයේ රටවල් කිහිපයකින් සහ ශ්‍රී ලංකාවෙන්ද අසන්නට ලැබුණේය. ඒ ‘ක්ලොරාක්වීන්’නමැති ඖෂධයක් කොරෝනා රෝගීන් සඳහා භාවිතා කිරීමට කටයුතු කිරීමය. ‘ක්ලොරාක්වීන්’ ලෙස සුලභව භාවිතා වන මෙම ඖෂධයට තවත් ඖෂධීය නාමයන් දෙකක් ඇත. ‘ක්ලොරාක්වීන් ෆොස්පේට්’ සහ ‘හයිඩ්‍රොක්සි ක්ලෝරක්වීන්’ එම නාමයන් දෙකය. එහෙත් මෙම ඖෂධය පොදුවේ වෙළෙඳපොළේ ඇත්තේ ‘ක්ලෝරක්වීන්’ ලෙසින්ය. මෙම ඖෂධය ශ්‍රි ලංකාවටත්, ලොව අනෙකුත් රටවලටත් අලුත් කතාවක් නොවන අතර එය දැනට දශක ගණනාවක සිට මැලේරියා රෝගය සඳහා භාවිත කරනු ලබන ඖෂධයකි. කෙසේ හෝ මෙම ඖෂධය කොරෝනා රෝගීන් සඳහා යහපත් බවට ලොව වටා හඬක් නැගෙන්නට වූ අතර සමහර රටවල් එය භාවිතා කරන්නටද විය. මේ ගැන සායනික පර්යේෂණ අමෙරිකාව, ප්‍රංශය, චීනය සහ දකුණු කොරියාව විසින්ද සිදුකරන්නට ගත්තේය.
රෝගයේ මුල් අවදිය සඳහා ඖෂධය ප්‍රතිපලදායක බව පෙනී ගියත් රෝගයේ තීව්‍ර අවස්ථාව සඳහා එය එතරම්ම ප්‍රතිපලදායක නොවීය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා ප්‍රකාශ කර සිටියේ ‘ක්ලෝරාක්වීන්’ සාර්ථක ඖෂධයක් බවත්, එය භාවිත කිරීම ආරම්භ කළ යුතු බවත්ය. පසුගියදා චීනය මෙම ඖෂධය තොග වශයෙන් නිෂ්පාදනය කිරීමද ආරම්භ කළේය. කොරෝනා රෝගය ආරම්භ වී දැනට මාස 04ක් ගතවී ඇති අතර, මෙම කාලය තුළදී චීනයේ රෝගීන්ට මෙම ක්ලෝරාක්වීන් ඖෂධය ලබාදීමටද සිදු කළේය. එහෙත් චීන වෛද්‍ය විශේෂඥයන්ට පෙනී ගියේ මෙම ඔසුව බොහෝ අතුරු ආබාධ ඇති කරන එකක් බැව්ය. එමෙන්ම එම තත්ත්වයන් මරණයේ පවා ඇතිවිය හැකි බැව් ඔවුන් ප්‍රකාශ කර සිටි අතර, ක්ලෝරාක්වීන් භාවිතා කිරීම වහාම අත්හිටුවූයේය. චීන වෛරස විද්‍යාඥ ආයතනය ප්‍රකාශ කර සිටියේ මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට අනතුරුදායක බැව්ය. මේ අතර ඇමෙරිකාවේ ඖෂධ පරිපාලක ආයතනයද මෙම ඖෂධය ගැන පර්යේෂණයක් කරමින් කියා සිටියේ එය කොරෝනා රෝගීන් සඳහා භාවිතා කිරීම නුසුදුසු බවත්, ඔවුන් එය අනුමත නොකරන බවත්ය. එසේම එම ආයතනය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයද ප්‍රතික්ෂේප කර සිටියේය. මෙය විශාල අර්බුදයක් විය.
ලොව වටා එවැනි තත්ත්වයක් තිබියදී කෙසේ හෝ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන්ට ක්ලෝරක්වීන් ඖෂධය ලබාදීම ආරම්භ කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම ඖෂධය ලබාදීම අනුමත කළ බැව්ය. කෙසේ හෝ මේ ක්‍රියාවලියට අපට ඌණපූර්ණයක් ලබාදිය නොහැක. පවසන්නට නොයෙකුත් කරුණු කාරණා ඇතත් ‌ වෛද්‍යවරුන්ගේ කාර්යභාරයට ඉඩදී බලා සිටිමු.
මෙම ලිපිය ඔබට ලියා තබන මමද මෙයට වසර 40කට පෙර දෙවතාවක්ම මැලේරියා රෝගය වැළඳී ‘ක්ලෝරක්වීන්’ දින ගණන් පුරා ලබා ගත් අයෙක්මි. පුරාවිද්‍යා ලිපි ලියන්නට වරක් රිටිගල කන්දටත්, තවත් වරක් හස්තිකුච්චි විහාරය සොයාගත් වනයටත් ගොස් මැලේරියාව වැළඳුණේය. ඒ ‘දවස’ පත්තරයේ තරුණයකුව සිටි කාලයේදීය. ඉන් පසුව මා හට කිසි දිනකදී ‘ක්ලෝරක්වීන්’ අමතක නොවුණේය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

අද ‌රෝගීන් 20ක්: දැන් ඔක්කොම 142ක්

Next Post

බුදුන් වහන්සේ-‌ජේසු තුමා-නබි තුමා ‌‌දේශනා කළ ‌ලෝක විනාසය ‌මේකද?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.