• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් පක්ෂ නායකයන් කැඳවයි: තීන්දු රැසක් ගනී (VIDEO & PHOTOS)

March 31, 2020
in Exclusive
Reading Time: 16 mins read
A A
සජිත් පක්ෂ නායකයන් කැඳවයි: තීන්දු රැසක් ගනී (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයට උපරිම සහයක් ලබාදීමට තීන්දු කර ඇති ‘සමගි ජන බලවේගය’රජයේ සියලු කටයුතු ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව සිදුවිය යුතු බව අවධාරණය කර සිටියි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ඊයේ (30) රැස්වූ එම බලවේගයේ නායකයින් කොවිඩ් 19 හෙවත් කොරොනා උවදුර පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විශ්ලේෂණාත්මක විමර්ශනයක් කරමින් එම තීන්දුව ගෙන තිබේ.

නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම !

එසේම, තීරණාත්මක අවස්‍ථාවේ ගුවන් තොටුපල වසා නොදැමීමත්, එතෙර සිට පැමිණෙන පිරිස් විධිමත් ලෙස පරික්ෂා නොකිරීමත් රජය විසින් කළ බරපතල වරදක් බව පෙන්වා දෙන සමගි ජන බලවේගයේ නායකයින්, තම බලවේගයේ නායකයින් වරින් වර අනතුරු අඟවා  තිබියදීත් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා සමස්ත රටම ආහාර හිඟයකට ඇද දමා ඇදිරි නීතියටද මුහුණ දීමට සිදුව ඇතැයි එම නිවේදනය මගින් රජයට චෝදනා කර සිටියි.

මැතිවරණයක අවශ්‍යතාව නිසාත් නාමයෝජනා ලබාදීමේ අවශ්‍යතාව නිසාත් මේ වසංගතය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම රජය මන්දගාමීව කටයුතු කලද අවසන් මොහොතේ මැතිවරණ කොමිසම විසින් කුමන පීඩාවක් යටතේ වුවද මැතිවරණයට වඩා ජනතාවගේ සහ රාජ්‍ය සේවකයින් ගැන සලකා මැතිවරණය කල් දැමීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන බවද ජාතික සමගි බලවේගයේ නායකයින් පවසති.

මෙම රැස්වීමේදී පහත සදහන් කරුණු පිළිබඳව එකගතාවයට පැමිණි බව එම බලවේගය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

රාජ්‍ය යාන්ත්‍රනයට සම්පූර්ණ සහය :

  1. මෙම රෝගයේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාප්තිය සලකා බලා මෙය මර්ධනය කිරීම රාජ්‍ය කටයුත්තක් බැවින් එය මර්ධනය උදෙසා රාජ්‍ය යාන්ත්‍රනයට සම්පූර්ණ සහය දීමට තීරණය කෙරිනි.
  2. එමෙන්ම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද  ‘සමගි ජන බලවේගයේ’ නායකයින්ද වරින් වර අනතුරු අඟවා  තිබියදීත් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා සමස්ත රටම ආහාර හිඟයකට ඇද දමා ඇදිරි නීතියටද මුහුණ දීමට සිදු විය.
  3. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයකි. විදෙශිකයින්ට පැමිණිය හැකි මර්මස්ථානය ගුවන්තොටුපලයි. තීරණාත්මක අවස්‍ථාවේ එය වසා නොදැමීමත්, එතෙර සිට පැමිණෙන පිරිස් විධිමත් ලෙස පරික්ෂා නොකිරීමත් බරපතල වරදක් වන අතර මෙරටින් හමුවූ පළමු කොරොනා රෝගියා සංචාරක මග පෙන්වන්නෙක් වූ අතර එවැනි තත්ත්වයක් තුල පවා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් රජය විසින් දියත් කරනු ලැබුවේ ලංකාව කොරෝනා වලින් තොර රටක් බවට ප්‍රචාරය කරමිනි.

 ජනවාරි 24සහ පෙබරවාරි 05 මේ පිළිබඳව බරපතල අනතුරු ඇගවීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකර තිබුණද සෞඛ්‍ය ඇමැතිනියගේ සහ ආණ්ඩුවේ ප්‍රතිචාර වූයේ එවැනි වසංගත තත්ත්වයක් රටේ නොමැති බවයි. ඒ නොසැලකිලිමත් ක්‍රියාදාමය මේ තත්ත්වයට හේතු වු බව අපගේ නිගමනය යි.

  1. කෙසේ හෝ මහ මැතිවරණයක අවශ්‍යතාව නිසාත් නාමයෝජනා ලබාදීමේ අවශ්‍යතාව නිසාත් මේ වසංගතය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමී විය.

නමුත් අවසන් මොහොතේ මැතිවරණ කොමිසම විසින් කුමන පීඩාවක් යටතේ වුවද මැතිවරණයට වඩා ජනතාවගේ සහ රාජ්‍ය සේවකයින් ගැන සලකා මැතිවරණය කල් දැමීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙමු.

යහපාලන ආණ්ඩුව සමයේ සම්මත කළ 19වන ව්‍යවස්ථාව සංශෝධනය නිසා මැතිවරණ කොමිසම ශක්තිමත් වූ බවද පැවසිය යුතුය.

විශේෂඥයින් කොන්කරලා !

  1. ආණ්ඩුව පළමුකොට කළ යුත්තේ වෛරස් රෝග පිළිබදව රටේ සිටින විශේෂඥයින්  05 දෙනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවැනි වෛරස් රෝග පාලනය සදගා පුහුණු කරන ලද විශේෂඥයින්  02 දෙනා මුල්කරගත් විශේෂඥ  මණ්ඩලයක් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් කරගත් කාර්‍යසාධක බලකායක් මගින් අනෙකුත් ක්ශෙත්‍ර වලට මාර්ගෝපදේශ සැපයීම බව අවධාරණය කරමු.

”ආණ්ඩුව පළමුකොට කළ යුත්තේ වෛරස් රෝග පිළිබදව රටේ සිටින විශේෂඥයින්  05 දෙනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවැනි වෛරස් රෝග පාලනය සදගා පුහුණු කරන ලද විශේෂඥයින්  02 දෙනා මුල්කරගත් විශේෂඥ  මණ්ඩලයක් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් කරගත් කාර්‍යසාධක බලකායක් මගින් අනෙකුත් ක්ෂේත්‍රවලට මාර්ගෝපදේශ සැපයීම බව අවධාරණය කරමු.”

  1. ඇදිරිනීතිය නිසා රටේ පවතින ආහාර හා ආදායම් අහිමිවූවන් මෙන්ම දුගීකමේ පත්ලෙහි සිටින ජනතාවට නොමිලේ වියලි සලාකයක් දියයුතු බවට අපි ඉල්ලා සිටිමු.

එමෙන්ම අනෙකුත් ආදායම් සහිත, නමුත් මේ මොහොතේ අසරණව සිටින පිරිස්වලටද එකී වියලි සලාකය ලබා දියයුතු බව යෝජනා කරමු. එය සෑම සතියකම ලබා දියයුතු අතර වැදගත්ම කාරණය වන්නේ ග්‍රාමනිලධාරීගෙන් පටන්ගෙන රාජ්‍ය නිළධාරීන් ලවා එය ක්‍රියාත්මක කිරීමයි.

”ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් යොදා ගැනීම මැතිවරණ කොමිසමේ අවධානයට යොමුවිය යුතුයි”

මෙයට ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීම ගැන අපගේ පිළිකුල සහ දැඩි විරෝධය පළ කරමු.

මේ ගැන මැතිවරණ කොමිසම ද පියවර ගතයුතු යැයි අවධාරණය කරමු. ජනතාවට පක්ෂ පාට කුල මල භේදයකින් තොරව ආහාර නැමති මූලික අවශ්‍යතාව ලැබිය යුතුයැයි අපි අවධාරණය කරමු.

  1. මේ රටේ කොරොනා වලට අමතරව විවිධාකාර රෝගීන් ලක්ෂ ගණනක් සිටිති. එමෙන්ම රටේ ඖෂධ හිගය, උපකරණ හිගය පිළිබදව අපට තොරතුරු ලැබී තිබේ. එහෙයින් නොපමාව එකී හිගයන් වලට පිළියම් යෙදිය යුතුයැයි අපි අවධාරණය කරමු.

එමෙන්ම ඖෂධ විධිමත්ව රෝගීන්ට ලබා දීමට ග්‍රාමනිලධාරීන් හා සෞඛ්‍ය ක්ශේත්‍ර නිළධාරීන් හරහා වැඩ පිළිවෙළක් සැකසීම පිළිබදව රජයේ අවධානය යොමු කරමු.

ඒ සදහා රජයේ සහ පෞද්ගලික ඖෂධ ශාලාවල සහය මෙන්ම අනෙකුත් ආයතනවල සහය ලබා ගන්නා ලෙසට යෝජනා කරමු.

සියල්ල ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූල විය යුතුයි !

”මේ සියල්ල රජය කළ යුත්තේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව බව අප විශ්වාස කරමු. දැනට සත අතුරු ම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණි. එමෙන්ම පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැදවන දිනයට ඔබ්බෙන් මිස මේ කාලයතුල මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිට හෝ මුදල් ඇමැතිට නැත.”

  1. මේ සියල්ල රජය කළ යුත්තේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව බව අප විශ්වාස කරමු. දැනට සම්මත අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණි .

එමෙන්ම පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැදවන දිනයට ඔබ්බෙන් මිස මේ කාලයතුල මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිට හෝ මුදල් ඇමැතිට නැත.

එබැවින් කොරොනා උවදුර මඩින්නට අවැසි අරමුදල් සම්පාදනය සදහා ව්‍යවස්ථාමය අනුමැතියක් අවශ්‍ය හෙයින් වහාම පාර්ලිමේන්තුව කැදවා ඊට අනුමැතිය ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

බහුතර බලය අප සතු උවද එවැනි අනුමැතියක් සදහා අපගේ උපරිම සහය ලබා දෙමු. ඒ වගට සහතික වෙමු.

‘මෙය දේශපාලන දඩයමට අවස්‍ථාව නොවේ”

  1.  මේ සම්බන්ධයෙන් සියලු පක්ෂ, සිවිල් සංවිධාන, විවිධ ආයතන, දෙස් විදෙස් විශේෂඥයින්  හා සමාජ ක්‍රියාකාරිකයින් සහ ආයතන සමග සක්‍රීයව සම්බන්ධ වීම, අදහස් හුවමාරුව  හා තොරතුරු විනිවිඳ පෙනෙන සේ කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත්, හුදු දේශපාලන වාසි ලබා ගැනීමට සහ දේශපාලන දඩයමට අවස්‍ථාව නොවන බවත් අපි රජයට අවධාරණය කරමු.

දිගින් දිගටම සමගි ජන බලවේගයේ පක්ෂ නායකයින් දුරකතන හා මෙවැනි හමුවීම් තුලින් මේ උවදුරින් රට ගොඩනැගීම උදෙසා සාකච්ඡා කරන බවත් රජයට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන බවත් දන්වා සිටිමු.

මේ උවදුර පරාජය කිරීම උදෙසා රජයට, නිළධාරීන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සියලු පාක්ෂිකයන්ගෙන් සහ රට වැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

පහත සඳහන් දේශපාලන පක්ෂ නයකයින් මෙම තීන්දුව අනුමත කර තිබේ.

සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී.දිගම්බරන්, රිෂාඩ් බදූර්දීන්, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, රාධක්‍රිෂ්නන්, කුමාර වෙල්ගම

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවට එරෙහි කුමන්ත්‍රණයක්: මංගල අනතුරු අඟවයි

Next Post

කෝටි 10ක් එක්ක ‘අක්බාර්’ ඉස්සරහට එයි

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.