ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. Sri Lanka Latest News
නමුත් බැසිල් රාජපක්ෂ විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා ඇති බව මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී නාමල් රාජපක්ෂ පිලිතුරු ලෙස ලබා දී තිබිණි.
පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹ තිබෙන බව නාමල් රාජපක්ෂ පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇත.
ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පත්කර තිබේ.
පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමියන් යළි පත්කිරීමටද පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයටද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය විය.
මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයකු පසුව තෝරාගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.










