• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

VAT එකේ HIT එක I Sri Lanka Latest News

December 16, 2023
in Exclusive, News
Reading Time: 43 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නෝනාවරුනි මහත්වරුනි අද කතාව වැට් එකේ හිට් එක. මොකක්ද? වැට් එකේ හිට් එක. දැන් වැට් එකනේ මේ දවස්වල. වැට් එකෙන් වෙන සේවාව මේ රටේ ආර්ථිකය ගොඩගන්න, ආර්ථිකය වැටිච්ච තැනින් උඩට ඇවිල්ලා සුඛිත මුදිත වෙලා, මේක ලස්සන රටක් බවට පත්වෙන්න 2048දී මේ 18%න් තමයි ඒ ඔක්කොම කරන්න හදන්නේ. ඉතින් දැන් මේ වැට් එකෙන් සමහර තැන්වලට වෙලා තියෙන්නේ මොකද කියලා බලන්න ඔන්න ගියා ගම්බද ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරන්න. බලනකොට අපූරු සිද්ධියක් වුණා.(Sri Lanka Latest News)

Sri Lanka Latest News

එක මනුස්සයෙක් යනවා හබරලා ගාලක් අස්සෙන් රිංගලා දෙවැටක් දිගේ. එහෙම ගිහිල්ලා කැලෑ පාරක් දිගේ පොඩි ඇතුළකට ගියා. එතැන පොඩි පිට්ටනි කෑල්ලක් වගේ තියෙනවා. වටේට ගස් තියෙන්නේ. එතැන තිබුණා පොඩි බූලි කිහිපයක්. බැරල්, දඟර ඒ වගේ දේවල් තියෙන තැනකට මෙයා ගියා.

ආ… සුදා…

බැරිද බං වෙන සර්විස් එකක් දෙන්න? මේ අස්සේ එන්න බෑ බං දැන්. අපි වයසයිනේ?

ඇයි සොමි අක්කලගෙ කඩෙත් තියෙනවනෙ.

එතැන වැඩීනෙ බං. සොමි අක්කත් ගානක් තියාගෙනනෙ බං දෙන්නේ.

ඔව් පොඩි ගානක් තියාගන්නවා නම් තමයි.

ඒ වුණාට මෙතනින්ම ගන්න එක හොඳයිනේ. මමයි ගුණයයි, ජයයි සෙට් වෙලා ඉන්නේ. බෝතලයක් දියං. 800ක් තියෙනවා මෙතන.

තව 144ක් දීපං.

ඈ…?

තව 144ක් දීපං.

යකෝ 800 නේ බෝතලේ.

ඒ කලින්නේ.

ඇයි උඹ වැඩි කළාද?

මං වැඩි කළේ නෑ, ආණ්ඩුවෙන් වැඩි කළානේ.

ආණ්ඩුවෙන් වැඩි කළාද බං කසිප්පු?

ඇයි වැට් එක එකතු වෙනවනේ.

මොකා…? උඹ මාර පොරක්නේ.

මෙහෙමනේ. 800යි ගාන. 18%ක් වැට් එක. එතකොට 944යි.

යකෝ මාර වැඩක්නේ. කසිප්පු බෝතලයේටත් වැට් ගහන රටක්නේ මේක.

එහෙම තමයි. හැම එකටම ගහනවා නම් මේකටත් අපි වැට් එක ගහන්න ඕනනේ.

අපි කසිප්පු අඩියක් ගහන්නේ හොඳ ඒවා බොන්න සල්ලි නැති නිසානේ බං. මේවා හෙණ ගහන අපරාධයක්නේ…

උඹ මේ කසිප්පුවක් ගැන කතා කරනවා. සුගතං අයියා එදා ටවුමට ගිහිල්ලා තිබුණා අමුඩෙට ලේන්සුවක් ගන්න.

ඉතිං?

අමුඩ ලේන්සුවටත් 18%ක් වැට් ගහලා.

යකෝ මුන්ගෙ….. බීප් බීප් බීප්….

Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි අද කතාව වැට් එකේ හිට් එක. දැන් ඔන්න වැට් එකේ හිට් අඤ්ඤකොරොස් වෙන්න වැදීගෙන යනවා. දැන් ඔන්න ඒක ගැන තමයි කතාව. ගම්බදව ඇතිවෙන දෙයක් මේ කතාබහ. ඔන්න එනවා ඇග්නස් අක්කා.

ආ.. කොහෙද කොහෙද උඹ මාරුවෙන්න හැදුවේ නේද මාව දැකලා?

කොහෙ මාරුවෙන්නද අනේ?

ගනිං ගනිං බං පඩි හම්බුණා නේද? උඹලට සල්ලි හම්බවෙච්ච වෙලාවට අපිව මතක නෑ, අමාරු වුණාම විතරයි ඇග්නස් අක්කේ කියාගෙන එන්නේ.

හරි හරි ඉතිං අපි මොකද මේ ගම රට දාලා යනවෑ බං.

දාලා නොගියට උඹලා ගෙවල් දාලා යනවනේ අපි එනකොට.

අපි ගිහිල්ලා මොකද ඕවා ස්විස් බැංකුවල දානවයැ?

ස්විස් බැංකුවල උඹලා දාන්නෙත් නෑ, අපි දාන්නෙත් නෑ. ඒත් දාන එවුන් ඉන්නවා.

ඒක තමයි ඉතිං. අපි කීයක් හරි ඉල්ලගත්තොත් ඒක අපි දෙනවා ඉතිං. අනිත් එක ඉතිං අපි උඹෙන් ඉල්ලන්නේ ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න කියන එක විතරනේ.

ප්‍රතිව්‍යුහගත කරන්න තමයි. අපි දැක්ක ගමන් ඉතිං පොලියත් වෙනස් වෙනවා කියලා කියන්නේ. මට ආරංචියි. ගෞරව නම්බු දීලා කතා කරපංකො ඇග්නස් අක්කා කියලා.

මම එහෙම කියන්නෙ නෑ අනේ පිස්සුද?

දීපං දීපං ඔන්න.

ආ මෙන්න…

තව 2,800ක් දීපං.

ඈ…? ඒ මොකද?

ඒ මොකද අහන්නේ පොලිය වැඩියි.

10%නේ පොලිය?

ඒ වුණාට 18%ක් තව ඇඩ් වෙනවා.

ඒ කොහෙ ඇඩ් විල්ලක්ද?

ඇයි වැට් එක බං? වැට් එක ගහනවනේ.

උඹ ගහන්නේ මොකද වැට් එක?

මම ගහන්නේ මොකද කියලා අහන්නේ? මට ගහනව නං මමත් ගහනවා. මට ගැහුවොත් මම ගහනවා. එහෙමනේ මගේ විදිය. එහෙම නිකං ඉන්න බෑ.

මාර කෙළියක්නේ. එතකොට අපි 28%ක් පොලිය ගෙවන්න ඕනෙද?

ඉතිං යකෝ උදලු තලේටත් ගෙවනවා නං උඹලට මේක ගෙවන්න බැරිද? ගෙවපං.

යකෝ මේක මාර කෙළියක්නේ…

මාර කෙළියක් කියන්නේ?

එතකොට උදලු තලේටත් ගහනවද? යකෝ මුගේ ටීක්… ටීක්… ටීක්…. රටක්නේ මේක….

Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි අද කතාව වැට් එකේ හිට් එක. ඉතිං දැන් මේ වැට් එකේ හිට් එක කට්ටිය ගිහිල්ලා වෙනම තැනකට. මේක ඇවිල්ලා කජු ගහ මුල. තැන කියන්න බෑ. මොකද අපි තැන කිව්වොත් එහෙම පොලිසියෙන් පනිනවා. ඒවටත් අපිව අහුවෙනවා. කජු ගහ මුල කිව්වම ඔන්න ගමේ කට්ටිය දන්නවා තැන මොකක්ද කියලා. දැන් කට්ටිය පැදුරු දාලා වාඩිවෙලා ඉන්නවා කිසිම සද්දයක් නෑ. චූටි පුතා එතැන අඹ ගහ මුදුනේ ඉඳන් ඔත්තු බලනවා. කට්ටිය දැන් වැඩේ නැගලා යනවා. දැන් කොහොම හරි වැඩේ ඉවර වුණා. තෝම ඉල්ලන වෙලාව තමයි දැන්.

ආ දීපං දීපං… උඹ කීයක් දිනුවද?

ආ… ඔන්න…

මෙතන අඩුයිනේ?

අඩු කොහෙද බං?

හරියට බලලා දීලා තියෙන්නේ දිනපු ගානට. අපි මේ අද ඊයේ ආපු උන්ද?

18%ක් ඕනේ තව.

18%ක් අනේ මේ?

යකෝ මාර වැඩක්නේ මේක.

දිනපු එකෙන් 18%ක් උඹට දෙන්න පුළුවන්ද?

ඒවා වැඩක් නෑ. 18%ක් දාලනේ තියෙන්නේ ඒ තැන්වලින්.

18%ක් කොහෙද දාලා තියෙන්නේ බූරු පොළේ තෝංවලට?

ඇයි වැට් එක?

බූරු පොළේ තෝංගන්නවටත් වැට් ගහනවද?

දැන් මම කඩේට බඩු ගන්න ගියාම මගෙන් හැම එකටම වැට් එක ගහනවනේ. එතකොට ඒක මං උඹලගෙන් ගන්න ඕනනේ. ඒකනේ වැට්වල ක්‍රමේ.

මොකා….?

යකෝ මිනී පෙට්ටියටත් ගහනවා.

මොනවා මිනී පෙට්ටියටත් මුං වැට් ගහනවද? යකෝ මුංගෙ බීප්…. බීප්… බීප්….

Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි අද කතාව වැට් එකේ හිට් එක. ඔන්න දැන් තවත් ඒ වගේම වැට් එකට හිට් වෙච්ච සීන් එකක් යන්නේ. ඔන්න ලස්සන තැනක්. සුවඳ ගහන. පොඩි මියුසික් එකක් තියෙන අමුතු තැනක් මේක. එතැනට එක්කෙනෙක් ඇවිල්ලා දැන් මුදල් ගෙවන අවස්ථාව.

කොහොමද සර් අපේ සර්විස් එක?

හොඳයි හොඳයි හරිම හොඳයි.

හරි සර්.

එහෙනම් සර් ආයෙත් එන්න.

හරි හරි….

කෝල් එකක් දෙන්න සර්. එතකොට සර්ට එළියේ රස්තියාදු වෙන්න ඕනෙ නෑ. කෙළින්ම ඇතුළට එන්න පුළුවන්.

හරි හරි.

සර් ඊළඟ දවසේ එනකොට මේපැත්තෙන් එන්න එපා. අර පැත්තෙන් එන්න. එතකොට කාටවත් පේන්නේ නෑ. සර්, මේ තව රුපියල් 1,800ක් දෙන්න ඕනේ.

ඈ…?

ඔව්.

ඒ මොකටද?

පොඩි එකක් ඇඩ් වුණානේ සර්.

මොකක්ද ඇඩ් වුණේ?

ඇයි සර්, වැට් එක 18%ක් නේ. ඒක ඇඩ් වුණා.

වැට් එකත් ගහනවද?

ඔව් සර් ඉතිං ගහන්න එපායැ සර්. ඒක කට්ටියට ගෙවන්න ඕනේ. අපි මේවා නඩත්තු කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවනේ සර්.

මාර කතාවක්නේ ඔයා කියන්නේ…

වැඩිය ඕනෙ නෑ සර් දොස්තරගේ වෙද නලාවටත් ගහනවා, කිහිලි කරුවටත් වැට් එක වදිනවා සර්.

යකෝ මුංගෙ බීප්… බීප්… බීප්….

Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි අද කතාව වැට් එකේ හිට් එක. සියලු දේ වැට් එකෙන් හිට් වෙච්ච වාතාවරණයක් තියෙන්නේ. ඔන්න දැන් තවත් ඒ වගේ කෙනෙක් ආවා යම් තැනකට. මෙතැනත් අපි තැන නොකියා ඉමු. ගෙවල් පේළියක් තියෙනවා මෙතැන.

අයියේ…

ආ…

ගේ වෙනස් කරලා නේද?

ඔයා අර ධර්මසිරිගේ යාළුවා නේද?

ඔව් එයා තමයි.

එන්න එන්න.

මං ඒ දවස්වල අරං තියෙනවා.

මට මතක නෑ.

බඩු හොඳයි නේද?

ඔව් හොඳයි හොඳයි.

ටිකක් ගණං ඈ.

ඔව් ඒක තමයි.

ඒ කියන්නේ මෙහෙමයි. අරයා ගාන කියන්න ඇතිනේ නේ.

ඔව් ගාන කිව්වා අයියේ.

මෙහෙමයි, දැන් ඉස්සර වගේ කරන්න අමාරුයි.

ඇයි ඒ අයියේ?

ඩ්‍රෝන් එහෙම දාලා අල්ලනවනේ උඩින් ගිහිල්ලා. හේන් පිටින් කරන්න බෑ. තැන් තැන්වල පොඩියටනේ කරන්නේ දැන්. මෙහෙමයි මල්ලි ඕවා ට්‍රාන්ස්පෝට් කරන්නත් ඕනනේ ඇඹිලිපිටියේ ඉඳලා. ඇඹිලිපිටියටත් තව එහානේ.

ඒක තමයි නේද. හරි අයියේ කමක් නෑ. මෙන්න අයියේ අර සල්ලි.

තව 1,800ක් දෙන්නකො.

ඈ… 1,800ක් මොකක්ද අයියේ ඒ?

ඒක ඇඩ් වෙනවනේ.

ඇඩ් වෙනවා…?

මුළු ගානට ඒකත් ඇඩ් වෙනවා.

ඇයි අයියේ ඒ?

වැට් එකනේ.

වැට් එක?

ඒක මාර කතාවක්නේ? වැට් එක මේකටත් ගහනවද? මොකක්ද අයියේ එහෙම වැට් කතාවක් කවුරුවත් කිව්වේ නෑනේ?

එහෙම තියෙනවා ඉතිං. හැම එකටම කියන්නේ නෑනේ. පොදුවෙනේ කියන්නේ.

ඉතිං ඒක මාර අසාධාරණයිනේ අයියේ ඒක.

මල්ලි මෙහෙමයි. දැන් ඉතිං ඔය පොඩි එවුං බොන කිරි වීදුරුවටත් ගහනවා.

මොනවා? කිරි වීදුරුවටත් මුං වැට් ගහනවද? මුං මාර පිස්සු බී…..ප්… ලනේ…

Sri Lanka Latest News

නෝනාවරුනි මහත්වරුනි අද කතාව වැට් එකේ හිට් එක. වැට් එකෙන් හිට් වෙලා හිටෝලා තියෙන්නේ මිනිස්සු. ඔන්න ඒ වගේම පොඩි ගම්බද කැලෑබද ප්‍රදේශයක කැලෑව අයිනේ තැනක් මේක. හොර රහසේ වෙන වැඩක් මේක. ඒකෙත් තැන අපි කියන්නේ නෑ. මොකද ඒ මිනිස්සුත් කීයක් හරි හොයාගන්න ඕනනේ. ඔන්න එක්කෙනෙක් එනවා දැං.

එන්න මල්ලි… පිටිපස්සෙන් එන්න.

ආ…

මේ බඩු හොඳයි ඈ. හොඳ ගාතෙ මේ. මට බඩු ටික හම්බවුණේ.

ෆ්‍රිජ් දාලා තියලා පරණ වෙච්ච නෙවෙයි නේද?

නෑ පිස්සුද. අත් දෙකේ තාම ලේ සුවඳ තියෙනවා. කැපුවා කියන්නේ හොඳ සයිස්. කිලෝ 50ක විතර ඌරා.

ආ සල්ලි ගන්නකො.

මල්ලිට කිව්වා නේ ගණන්?

ඔව් ඔව්. 1,500 කියලනේ කිව්වේ.

ඔව් 1,500යි, තව ඕනේ 270ක්.

එහෙම කරන්න එපා. අපේ සුදු අයියා කිව්වේ කිලෝ එක 1,500යි කියලනේ.

කිලෝ එක 1,500යි තමයි, ඒක හරි. ඒ වුණාට දැන් වැට් එක 18%ක් වල් ඌරටත් ගහලා තියෙන්නේ.

වල් ඌරටත් වැට් ගහනවද?

කරන්න දෙයක් නෑ මල්ලි. අපි දැන් මේ වැට් එක ගෙවන්න ඕනෙ. මේකට සම්බන්ධ කොච්චර දේවල් තියෙනවද? මේ අලුත් තරාදියටත් වැට් එක වැදිලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ. වැට් එක ගහලා තියෙන්නේ මල්ලි හොම්බෙන්ම යන්න. මාළු අල්ලන දැලටත් වැට් එක ගහලා තියෙන්නේ. එතකොට ඉතිං කොහොමත් කැරකිලා අපිට මේක වදිනවනේ මල්ලි. කරන්න දෙයක් නෑ. 1,720යි ගාන.

මාළු දැලටත් ගහනවද? යකෝ උගෙ බී….ප්…. එකක්නෙ මේක.

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

උන් පාර දිගේ එල්ලුවේ ගෙදර කන ඒවා තමයි! පොහොට්ටු සමුළුව දවසේ පාරවල්වලයි සුගතදාසය වටේයි තණකොළ තිබ්බ එක ගැන ජොනී සැරට දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි බලන්නේ තව සතියයි! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.