• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ආපු ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරෙන්දිරන් ඇතුලු නායකයෝ මහනුවරට ගිහින් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි!  PHOTOS I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවට ආපු ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරෙන්දිරන් ඇතුලු නායකයෝ මහනුවරට ගිහින් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ⁣විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ.Sri Lanka Latest News

ලංකාවේ සියලු‍ ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔවුහු මෙහිදී සඳහන් කළහ.

මෙම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති, එක්සත් රාජධානියේ වෙසෙන සුරේන් සුරේන්දිරන්, භවාන් භබකුගන්, වේලු‍පිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංහම්, ඇමෙරිකාවේ ආචාර්ය ජෙයරාජා, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ මාදම්පාගම අස්සජි, සියඹලාගස්වැව විමලසාර, වාද්දුවේ පියරතන, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, කළුපහන පියරතන, කිතලගම හේමසාර, නාරම්පනාවේ ධම්මාලෝක, වලතර සෝභිත යන හිමිවරු ද සහභාගි වූහ.

මේ සම්බන්ධයෙන් මහනුවර ක්වීන්ස් හෝටලයේදී අදහස් දැක්වූ දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති සුරේන් සුරේන්දිරන් මහතා මෙසේ කීය.

“මම වසර 40කට කලින් මෙරටින් ගියා. ඒත් අප ගැන බෙහෝ වැරැදි මත ශ්‍රී ලංකාවේ පැතිර ගියා. අප නිතර කටයුතු කළේ එක්සත් ශ්‍රී ලංකාවක් සහ සහජීවනයෙන් සැවොම නිදහසේ ජීවත් වන රටක්. අපේ ඉදිරි අපේක්ෂාවත් එයයි.

මේ රටේ සියලු‍ ජාතින් ශ්‍රී ලාංකිකයන් එකතු වී මේ රට ගොඩනැගිය යුතු බව අප මහනායක හිමිපාණන් වහන්සේලා හමු වූ අවස්ථාවේ උන්වහන්සේලා අප හා පැවැසුවා.

අප ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමාත් කීවා උතුරේ සංවර්ධන කටයුතු සඳහා සියලු‍ දෙනාගේ සහාය ලබා දිය යුතු බව. මහනායක හිමිපාණන් වහන්සේලා ඉතා සුහදව අප සමග සාකච්ඡා කළා. උන්වහන්සේලා මේ තරම් සංවේදීව රටේ ප්‍රශ්න උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කර අවබෝධයෙන් පසු වීම ගැන අපගේ ප්‍රසාදය උන්වහන්සේලා වෙත පළ කරනවා. මේ රටේ සියලු‍ ජනතාව සමගියෙන් සහජීවනයෙන් ආගමික සංහිඳියාවෙන් ජීවත් වනු දැකීම තමන් වහන්සේලාගේ එකම අපේක්ෂාව බව ද පැවැසුවා.

මහනායක හිමිපාණන් වහන්සේලා උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් ඒ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු‍ අවබෝධ කරගත් බව ද අපට පැවැසුවා.

අප උතුරේ ජනතාවත් ඔවුන්ගේ නියෝජිතයනුත් දැනුවත් කිරීමට පියවර ගන්නවා.”

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිපාණන් වහන්සේ මෙසේ පැවැසූහ. -ලංකාදීප

SendShareShare
Previous Post

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි! කොළඹ විශ්වවිද්‍යාලයේ ‘ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානයත්’ විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ලොව හතර වටින් ඇසෙන විපක්ෂ නායක මර්දන කතා I Sri Lanka Latest News

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.