• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොව හතර වටින් ඇසෙන විපක්ෂ නායක මර්දන කතා I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුසියාවේ පුටින් තම විපක්ෂ නායක වසර 19කට සිරගෙට යවයි… බෙලාරුස් ජනාධිපති තම විපක්ෂ නායිකාව රටින් පිටුවහල් කරයි… ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකත් මර්දනයට ලක්වෙයිද?

‘දැන් මුළු රටේ ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා මේ රට බංකොලොත් කරපු කණ්ඩායමට නිසි දඬුවමක් ලබාදෙන්න කියලා. මේ අය යහතින් මේ දේවල් තවත් ඉදිරියට කරගෙන යනවාද කියලා රට අහනවා. මේ නිසා මේ අයට තවදුරටත් සිවිල් අයිතිවාසිකම් ලබාදීම නුසුදුසුයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු පිරිසගේ ඵ්‍රජා අයිතීන් අහෝසි කළ යුතු යැයි මම යෝජනා කර සිටිනවා.(Sri Lanka Latest News)

මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ එම අදාළ වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන ලෙසයි. ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය එතැනින් ආරම්භ කළ හැකියි. ඒ සඳහා ක්‍රියා කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. ඒ ක්‍රියාමාර්ගය ජනාධිපති විසින් ගත යුතු යැයි අපි මේ අවස්ථාවේ රටේ ජනතාව ලක්ෂ දෙසිය විස්ස වෙනුවෙන් යෝජනා කර සිටිනවා….’

මෙම උද්වේගකර කතාව කියා සිටින්නේ කවුරුන් විසින්ද? ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදසා මහතා විසින් පසුගියදා මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ පාර්ලිමේන්තුව තුළදීය. පසුගිය දින ගණනාවක් පුරාම අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයා විවිධ විෂයන්ට අදාළව පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශයන් සිදුකළේය. විවිධ අසාධාරණයන් උදෙසා ඔහු එම ප්‍රකාශයන් සිදුකළ අතර, මෙහිදී රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විපක්ෂ නායකවරයාට එරෙහිව බලවත් විරෝධතාවක් ඇතිවුණේය. මෙහිදී සැබෑ ලෙසම පාර්ලිමේන්තුව යුද පිටියක් බවට පත්විය. තවත් ආකාරයකින් බලු පොරයක ස්වරූපයකටද පත්ව තිබුණේ.

මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එක හඬින් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවට සහභාගි වීම තහනම් කළ යුතු බවයි. කෙසේ හෝ ඉන් පසුව විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුව තහනම් කරන ලෙසට යෝජනාවක් ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබිණි. තත්ත්වය එසේ වුවද මෙම සිදුවීම් දාමය ගැන විද්වත් දේශපාලන විචාරකයන් සහ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබුණේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී නොබියව සිදුකළ ප්‍රකාශයන් සියල්ලම ජනතාවාදී බවත්, ඒවායෙහි ගැබ්ව තිබුණේ පූර්ණ සත්‍යය බවත්ය. එමෙන්ම සජිත් ප්‍රේමදාස යනු මෙතෙක් පාර්ලිමේන්තුවේ සිටි ක්‍රියාශීලීම විපක්ෂ නායකවරයකු බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

ඕනෑම රටක සාර්ථක පාලනයක් සඳහා දක්ෂ රාජ්‍ය පාලකයකු මෙන්ම ඍජු ප්‍රතිපත්ති ඇති විපක්ෂ නායකවරයකු අත්‍යාවශ්‍යය. අසාධාරණය මෙන්ම වංචා දූෂණයද පෙන්වා දෙන විපක්ෂ නායකවරයකු රටකට සිටීම සම්පතකි. එහෙත් එසේ වුවද එවැනි විපක්ෂ නායකවරුන් මර්දනය කිරීම සඳහා ලෝකයේ රටවල් රැසක පාලක රජයන් ගත් ක්‍රියාමාර්ග ගැන නොයෙකුත් වාර්තා ඇත. එම රාජ්‍ය පාලකයන් විසින් තමන්ගේ රජයන්ගේ විපක්ෂ නායකවරුන් තලා පෙළා දැමීමට ගත් පියවර බොහෝය. විවිධ ලෙස වරප්‍රසාද අහිමි කිරීම, වාරණයන් පැනවීම, නඩුහබ හරහා සිරදඬුවම් නියම කිරීම, තාඩන පීඩන මෙන්ම ශාරීරික පහරදීම් සහ එතැනින්ද නොනැවතී මරණ දඬුවම් මෙන්ම ඝාතනය පවා සිදුකිරීමටද එවැනි රාජ්‍ය පාලකයන් කටයුතු කර ඇත. ඒ ආකාරයට අතිශය දරුණු ලෙස පලිගැනීම්වලට ලක්වූ විපක්ෂ නායකවරුන් රැසක් ගැන ලෝක ඉතිහාසය තුළින් වාර්තා වෙයි. එම සුවිශේෂ සිදුවීම් කිහිපයක් ගැන වගතුග සොයා බලමු.

● රුසියාව – ඇලෙක්සි නවල්නි (Alexei Navalny)

ඇලෙක්සි නවල්නි යනු මෙතෙක් ලෝකයේ සිටින ප්‍රබලතම විපක්ෂ නායකවරයා වශයෙන් සැලකෙයි. ලොව දරුණුතම ඒකාධිපති පාලකයකු වන රුසියාවේ ව්ලැදිමීර් පුටින් සමග උරෙන් උර ගැටී දේශපාලනය සිදුකරන ඇලෙක්සි නවල්නි යනු ඉතා නොබියව කටයුතු කරන ඍජු ප්‍රතිපත්ති ඇති දේශපාලකයෙකි. රුසියාවේ ජනාධිපති පුටින්ගේ දරුණු ක්‍රියාකලාපයන් හරහා ඇලෙක්සි නවල්නි මර්දනය කිරීම සඳහා පියවර ගණනාවක් ගත්තේය. දේශපාලනික වශයෙන් සිදුකරන ප්‍රහාරයන්ට අමතරව පුටින් විසින් ඉතා දරුණු ම්ලේච්ඡ ප්‍රහාරයන්ද මෙම විපක්ෂ නායකවරයාට එරෙහිව ගනු ලැබුවේය. කිහිප වතාවක්ම විවිධ නඩුහබවල පටලවා සිරගත කිරීම් සිදුකළේය.

කෙසේ හෝ එම සිරදඬුවම් නිමකර ඔහු නැවත සමාජය වෙත පැමිණ දේශපාලන මෙහෙවර සිදුකළේය. ජනාධිපති පුටින්ගේ ඒකාධිපති පාලනය ගැන නොබියව විවේචනය කළේය. ඔහු රුසියාවේ දූෂණ විරෝධී පදනමේ නිර්මාතෘවරයා විය. මෙය හරහා ඔහු රුසියානු රජයේ දූෂණ වංචා රැසක්ම ලොවට හෙළිකර සිටියේය. මෙම තත්ත්වය හේතුවෙන් ජනාධිපති පුටින් තීරණය කළේ කෙසේ හෝ ඇලෙක්සි නවල්නි ඝාතනය කළ යුතු බවය. මේ අනුව වරක් ඔහු ගුවන් යානයක යමින් සිටියදී ඉතා දරුණු විෂ ශරීරගත වීමකට ලක්විය. 2020 වසරේදී එය සිදුවූ අතර, ඔහු මරණාසන්න තත්ත්වයට පත්විය. අවසානයේදී ජර්මනිය මැදිහත්ව ඔහු එරටට ගෙන්වාගෙන මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබාදුන්නේය.

ජර්මානු රජය රුසියාවට ගුවන් යානයක් එවා නවල්නි එරටට ගත්තේය. දරුණු ස්නායුකාරකයක් ඔහුගේ ශරීරගත කර ඇතැයි හෙළිවුවත් එය සිදුවූයේ කෙසේදැයි සොයාගැනීමට නොහැකි විය. රුසියානු රජය එම පරීක්ෂණ යටපත් කළේය. කෙසේ හෝ විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ ජීවිත කතාව බොහෝ දිගු එකක් හෙයින් එය මෙහි ලියන්නට ඉඩක් නැත. තත්ත්වය එසේ වුවද රුසියානු ජනාධිපතිවරයා පසුගියදා මෙම සටනින් ජය ගත්තේය. නැවත පසුගිය වසරේ බොරු චෝදනා ගොනු කරමින් ඇලෙක්සි නවල්නි අත්අඩංගුවට ගෙන නඩු පවරා වසර 9කට සිර දඬුවම් නියම කළේය. 2023 වසරේ අගෝස්තු මාසයේදී නැවත ආරංචි වූයේ ඔහුගේ සිරදඬුවම තවත් වසර 10කින් දීර්ඝ කර වසර 19ක සිරදඬුවමක් නියම කර ඇති බවය. ත්‍රස්ත අන්තවාදී සංවිධානයකට ආධාර කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා නගා තිබිණි. ඔහු දැනට 47 වැනි වියෙහි පසුවෙයි.

● මියැන්මාරය – අවුන් සාන් සුකී (Aung San Suu Kyi)

මියන්මාරයේ සිටින ඉතා ප්‍රවීණ දේශපාලන නායිකාවකි. ඇය වසර 4ක් පුරා එරට විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ අතර, එරට රජයේ ප්‍රධාන කැබිනට් ඇමැති ධුර කිහිපයක් දැරුවාය. ඇය විපක්ෂ නායිකාව ලෙස සිටි සමයේදී මියන්මාරය පාලනය කළ හමුදා බලධාරීන් කිහිප වරක්ම ඇය අත්අඩංගුවට ගෙන දැඩි මර්දනයකට ලක් කළේය. කිහිප වතාවක්ම විවිධ අයුරින් නඩුහබවලට පටලවා සිරගත කිරීම්ද සිදුකරනු ලැබුවේය. අවසානයේදී ඇය මියන්මාරය (බුරුමය) තුළ වසර 12ක පමණ දීර්ඝ කාලයක් පුරා නිවාස අඩස්සියේ තබන ලදී.

විපක්ෂ නායිකාව ලෙස වසර 4ක් සිටීමෙන් පසු ඇය මියන්මාරයේ රාජ්‍ය නායිකාව බවටද පත්වූවාය. එනම් 2016 සිට 2021 දක්වාම මියන්මාරයේ රාජ්‍ය කොන්සල් තනතුර දැරුවාය. මෙය අගමැතිවරයකුට සමාන රාජ්‍ය තනතුරකි. ඇය එම තනතුරට පත්වූයේ මහ මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරමිනි. අවුන් සාන් සුකී වෙත ලොව ඉහළම ප්‍රණාම සම්මානයක් වන නොබෙල් සාම සම්මානයද හිමිවිය. ඇය දැනට 78 වැනි වියෙහි පසුවන අතර 2023 මාර්තු දක්වාම දේශපාලනයෙහි නිරත වූවාය.

● ටියුනීසියාව – රැචෙඩ් ගනෝව්චි (Rached Ghannouchi)

2023 වසරේ මැද බාගයේදී ටියුනීසියාවේ වත්මන් විරුද්ධ පක්ෂ නායකයා වන රැචෙඩ් ගනෝව්චිට එරෙහිව ප්‍රබල මර්දනයක් එරට රාජ්‍ය බලධාරීන් විසින් සිදුකරනු ලැබුවේය. ඔහුගේ නායකත්වය යටතේ තිබෙන දේශපාලන පක්ෂවලට ඉතා දරුණු ලෙස ප්‍රහාර එල්ල විය. දේශපාලන වරප්‍රසාද නැතිකර දමමින් විරුද්ධ පක්ෂ නායකයා අත්අඩංගුවට ගෙන සිර දඬුවම් පැමිණවීමටද කටයුතු කළේය. ඔහුගේ පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබීම පවා සිදුකළේය.

ටියුනීසියාවේ වත්මන් ජනාධිපති වන කායිස් සෙයිඩ් (Kais Saied) විසින් මෙම දරුණු මර්දන පිළිවෙත සිදුකරනු ලබයි. විරුද්ධ පක්ෂ නායකවරයා දීර්ඝ සිරගත කිරීමකට ලක්කිරීමට දැනට පාලන රජය උත්සාහ කරමින් සිටියි. මෙම මර්දනයට එරෙහිව දැනට ලෝක බලවතුන් ගණනාවක්ම ටියුනීසියානු ජනාධිපතිවරයාට තම බලවත් අප්‍රසාදය දක්වා ඇත. ටියුනීසියානු විපක්ෂ නායක රැචෙඩ් ගනෝව්චි දැනට 80 වැනි වියෙහි පසුවන පරිණත දේශපාලනඥයෙකි.

● බෙලාරුස් රාජ්‍යය – විපක්ෂ නායිකා ස්යැට්ලානා සිකනෝස්කයා (Sviatlana Tsikhanouskaya)

පසුගිය නොවැම්බර් මාසයේදී බෙලාරුස් රාජ්‍යයේ විපක්ෂ නායකවරියට එරෙහිව ප්‍රබල මර්දනයක් සිදුකෙරිණි. ඇයට කාලයක් පුරා එරට රාජ්‍ය පාලකයන් විසින් සිදුකරන ලද මර්දනය උච්ච වූයේ පසුගියදාය. එනම් ඇය අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කරන ලදී. ඒ අනුව ඇය ඇමෙරිකාවට ගොස් දේශපාලන රැකවරණය ලබාගත්තාය. ඇය පසුගිය 2023 දෙසැම්බර් 05 දා ඇමෙරිකාවේ කොංග්‍රෂය අමතමින් දැඩි ඉල්ලීමක් සිදුකර ඇත්තේ මෙම මර්දනය නැවැත්වීම සඳහා මැදිහත් වන ලෙසටය. වර්තමානයේ බෙලාරුස් රාජ්‍යයේ ඒකාධිපති රාජ්‍ය පාලකයා වන ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකෂෙන්කාට එරෙහිව සම්බාධක පනවන ලෙසටත්, ඇය ඇමෙරිකානු පාලනයෙන් ඉල්ලා සිටියාය.

ඔහු විපක්ෂ ක්‍රියාකාරීන් ඉතා කුරිරු මර්දනයකට ලක්කර ඇතැයි ඇය චෝදනා කළාය. නිදහස් බෙලාරුස් රාජ්‍යයකට සහාය දීම ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ඇමෙරිකාව සිදුකරන ආයෝජනයක් යැයි ඇය අවධාරණය කර ඇත. බෙලාරුස්හි විරුද්ධ පාක්ෂික දේශපාලන සිරකරුවන් 1,500කට අධික ප්‍රමාණයක් සිටින බවද විපක්ෂ නායකවරිය ප්‍රකාශ කර ඇත. ඇය දැනට 41 වැනි වියෙහි පසුවන අතර, ඇය රටින් පිටුවහල් කිරීමෙන් පසුව ඇයට බෙලාරුස් අධිකරණය විසින් වසර 15ක සිර දඬුවමක්ද නියම කර ඇත. ඇය යම් හෙයකින් නැවත බෙලාරුස් වෙත පැමිණියහොත් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට සැලසුම් කර ඇත.

● සිම්බාබ්වේ – ජොබ් සිකාලා (Job Sikhala)

විපක්ෂයේ ක්‍රියාකාරීන් ඉතා දරුණු මර්දනයකට ලක්කරන රටක් වශයෙන් සිම්බාබ්වේ රාජ්‍යය ප්‍රකට වී ඇත. වත්මන් ජනාධිපති එමර්සන් මනගැග්වා (Emmerson Mnangagwa) විසින් මෙම මර්දනය සිදුකරන බවට ලොව මානව හිමිකම් සංවිධාන රැසක්ම චෝදනා නගා ඇත. අප්‍රිකානු රාජ්‍යයක් වන සිම්බාබ්වේහි දැනට ප්‍රධානතම විපක්ෂ ක්‍රියාකාරිකයා වශයෙන් සැලකෙන රජාබ් සිකාලා නමැති දේශපාලකයාට එරෙහිව මර්දනය ඉතා උග්‍රවී ඇත. ඔහු පසුගිය වසර දෙකක පමණ කාලය තුළදී 65 වතාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, කිහිප වතාමක්ම සිරදඬුවම්වලටද නියම වුණේය දැනට 50 වැනි වියෙහි පසුවන මෙම අප්‍රිකානු දේශපාලකයා එරට විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වෙයි. මොහුගේ පක්ෂයේ ක්‍රියාකාරීන් තිදෙනකුම පසුගිය මාස කිහිපයක කාලය තුළදී ඝාතනයට පවා ලක්විය.

● බංග්ලාදේශය – රැෆිකල් ඉස්ලාම් (Rafiqul Islam)

මෙම සමයේදී තම විරුද්ධ පාක්ෂිකයන් දැඩි ලෙස මර්දනයට පත්කරන රටක් ලෙස බංග්ලාදේශය ප්‍රකටය. රැෆිකල් ඉස්ලාම් නමැති විරුද්ධ පක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය කාලය පුරා රාජ්‍ය විරෝධී පෙළපාළි රැසක් සංවිධාන කරන ලදී. මෙහිදී බංග්ලාදේශයේ වත්මන් නායිකාව වන අගමැතිනි ෂේක් හසීනාගේ උපදෙස් මත මෙම විරුද්ධ පාක්ෂිකයන් රාශියක් ඉතා කෲර ලෙස මර්දනයට ලක්කර ඇතැයි මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස චෝදනා කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවට ආපු ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරෙන්දිරන් ඇතුලු නායකයෝ මහනුවරට ගිහින් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි!  PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවයි මහින්දලායි එකතු වෙලා සජිත්ට මඩ ගහන හේතුව තුෂාර ඉදුනිල් එළියට දමයි! ආණ්ඩුවේ හොරකම් එළියට දාලා ජනතාව වෙනුවෙන් හිටගනිද්දී ආණ්ඩුව දැන් පිස්සු බල්ලෝ වගේ! හැබැයි අපි කා එක්කවත් ඩීල් දාන්න යන්නේ නෑ! JVP එක පහුගිය දවස්වල ජනතා ප්‍රශ්නවලින් මගහැරියා! ජවිපෙ ෆයිල් ගැනත් මඩ ගහන අයගේ ෆයිල් ගැනත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.