• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල: ජනපතිට වැරදුණු තැන් තිබුණාද? I Sri Lanka Latest News

November 19, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ අඟහරුවාදා (නොවැ. 14) කොළඹ, නෙලුම් පොකුණ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.(Sri Lanka Latest News)

මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළ පැවැත්වුණේ, වසර 3කට පසුව වන අතර, 2019 සහ 2020 දෙවසර තුළ තිරගත වූ සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණි.

2019 වසරේ තිරගත වූ චිත්‍රපට 30ක් සහ 2020 වසරේ ප්‍රදර්ශිත චිත්‍රපට 12ක් ලෙස චිත්‍රපට 42ක් පාදක කර ගනිමින්, රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් සහ සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 9ක් මෙහිදී පිරිනැමිණි.

එහිදී පිරිනැමුණු ප්‍රධාන සම්මාන මෙසේය.

★ 2019 වසරේ හොඳම නළුවා – කමල් අද්දරආරච්චි (ගින්නෙන් උපන් සීතල)
★ 2020 වසරේ හොඳම නළුවා – කුමාර තිරිමාදුර (ද නිව්ස්පේපර්)
★ 2019 වසරේ හොඳම නිළිය – සමාධි ලක්සිරි (දැකල පුරුදු කෙනෙක්)
★ 2020 වසරේ හොඳම නිළිය – නීටා ප්‍රනාන්දු (පාංශු)
★ 2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය – අනුරුද්ධ ජයසිංහ (ගින්නෙන් උපන් සීතල)
★ 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණය – විසාකේස චන්ද්‍රසේකරම් (පාංශු)
★ 2019 වසරේ හොඳම චිත්‍රපටය – ගින්නෙන් උපන් සීතල
★ 2020 වසරේ හොඳම චිත්‍රපටය – The newspaper

මෙහිදී, 2020 වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලිනීට හිමිවූ සම්මානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය අසුන්ගෙන සිටි ස්ථානයටම ගොස් පිරිනැමීම සුවිශේෂ සිදුවීමක් විය.

ෆේස්බුක්හි සටහනක් තබමින් සම්මාන උලෙළේ පූරකවරයකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි පවසා තිබුණේ සම්මාන දීමේදී තමන් ක්ෂණිකව යෝජනා කරන ලද ඇරයුමකට ජනාධිපතිවරයා එකඟ වූ හෙයින් එලෙස එම සම්මානය පිරිනැමූ බවයි.

විවේචන සහ සම්මාන පිළිබඳ වාද විවාද

වසර 3කට පසුව පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇතැමකු විරෝධය පළකර තිබූ අතර ඇතැමකු උපහාසාත්මක ප්‍රතිචාර දක්වා තිබිණි.

එවැනි කතාබහකට ලක්වූ එක් කරුණක් වූයේ, සිනමා සම්මාන උලෙළේ ජූරි සභාවය. මෙවර ජනාධිපති සිනමා සම්මාන උලෙළේ ජූරි සභාව සභිකයින් 7 දෙනකුගෙන් සමන්විත විය. ඒ, ආචාර්ය ශර්මාල් විජේවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, පියල් කාරියවසම්, ආචාර්ය හංසමාලා රිටිගහපොළ, චතුර ජයතිලක, දීප්ති කුමාර ගුණරත්න සහ රංග දසනායකයි.

ඔවුන් අතරින් කිහිප දෙනකුට සිනමාව සම්බන්ධයෙන් පවතින දැනුම පිළිබඳ සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබිණි. ඔවුන්ගේ තෝරාගැනීම් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍යවල අදහස් පළවී තිබිණි. ඒ පිළිබඳ, මීට පෙර සිනමා සම්මාන උලෙළවල් රැසක ජූරි සභාව නියෝජනය කර ඇති ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා පැහැදිලි කළේය.

‘මේ ජූරි සභාවේ සිනමාව ගැන දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. මම නම් ඔවුන් තෝරපු දේවල් ගැන දොස් කියන්නෙ නෑ. මොකද රුචිකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. මට හොඳ දේ වෙන කෙනකුට නරක වෙන්න පුළුවන්. මෙතැනදී වරද කරලා තියෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව. ඔවුන් දැනගන්න ඕනෙ සුදුස්සන්ව ජූරි සභාවට පත් කරන්න. ඒ නිසා මම නම් දොස් කියන්නේ, චිත්‍රපට සංස්ථාවට….’ ගුණසිරි සිල්වා පවසයි.

‘මගේ පෞද්ගලික කියවීම අනුව හොඳම චිත්‍රපටය ‘ගින්නෙන් උපන් සීතල’ නෙවෙයි. මට හිතෙන්නේ පිටපත ගත්තත්, සමස්ත චිත්‍රපටය ගත්තත් ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටය ඉදිරියෙන් ඉන්නවා. අනික් අතට ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ විජේවීරගේ බිරියගේ චරිතයට පණපෙවූ සුලෝචනා වීරසිංහටත් සම නැගී එන නිළිය සම්මානය දෙන්න තිබුණා. ඇගේ රංගනය විශිෂ්ට මට්ටමක තිබුණා. හැබැයි මේ මගේ මතය. අර ජූරි සභාවට ඊට වඩා වෙනස් මතයක් තියෙන්න පුළුවන්. ජූරි සභාවේ අවුලක් තියෙනවා නම් ඒකට වගකියන්න ඕනෙ චිත්‍රපට සංස්ථාව…’ ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙවර පැවැති ජනාධිපති සිනමා සම්මාන උලෙළ ‘තනිකරම කොමඩියක්’ බව ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා පවසයි. ඔහු එම සම්මාන උලෙළේ ආරාධිත අමුත්තකු වූ අතර ඔහු ඊට සහභාගි විය.

එවැනි අදහසක් පළ කිරීමකට බලපෑ හේතු මොනවාද යන්න අපි ගුණසිරි සිල්වාගෙන් විමසුවෙමු.

‘ජනපතිට වැරැදුණු තැන්’ තිබුණාද?

‘අවස්ථා කිහිපයක්ම තිබුණා හාස්‍යය උපදවන. එකක් තමයි, ‘රන් මුතු දූව’ චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රඟපෑවා කියපු එක’ ඔහු පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මෙසේය.

‘රන් මුතු දූවේ මාලනී ෆොන්සේකා මෙතැන ඉන්නවා. තාම මතකයි, පිපී පිපී රේණු නටන සින්දුව….’

එහෙත්, ගුණසිරි සිල්වා පැවැසුවේ, රන් මුතු දූව චිත්‍රපටයේ මාලනී ෆොන්සේකා රංගනයෙන් දායක නොවූ අතර එහි ප්‍රධාන භූමිකාව ජීවරාණි විසින් රඟපානු ලැබූ බවය.

අප කළ සොයා බැලීමකදීද තහවුරු වූයේ මයික් ජේ. විල්සන් අධ්‍යක්ෂණය කරන ලද, සෙරන්ඩිබ් චිත්‍රපට ඉදිරිපත් කළ ශේෂා පලිහක්කාර සහ ආතර් සී. ක්ලාක් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ මුල්ම අංග සම්පුර්ණ වර්ණ චිත්‍රපටය ලෙස හැඳින්වෙන රන් මුතු දූව චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස සමග එහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවා ඇත්තේ ජීවරාණි කුරුකුලසූරිය බවයි.

මේ අතර ජනාධිපතිවරයා දැක්වූ තවත් අදහසක් විවාදයට පාත්‍රවී තිබේ. ඒ, නන්දා මාලනීට සම්මානය ලබාදෙන මොහොතේ ජනාධිපතිවරයා කියන ලද කරුණක් සම්බන්ධයෙනි.

‘1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගේත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා….’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ගුණසිරි සිල්වා පවසන්නේ ‘මං දන්න තරමින් නම් ගම්පෙරළිය චිත්‍රපටයේ ගීතයක් තිබුණෙ නෑ…’ යනුවෙනි.

නමුත් උලෙළේ පූරකවරයකු ලෙස කටයුතු කළ ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටිගෙන් මේ සම්බන්ධයෙන් විමසමින් ඔහුගේ ෆේස්ක්බුක් පෝස්ටුවට එක්කොට තිබූ කමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා තිබුණේ එවන් ගායනයක් ගම්පෙරළියේ ඇති බවත්, නමුත් සිරස්තලවල නමක් සඳහන් කර නොමැති බවත්ය.

‘ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවක හා නන්දක්කා හමුවූ අවස්ථාවක මම මේ ගැන වැඩි විස්තර අසා දැනගන්න උත්සාහ කරන්නම්…’ ඔහු එහි වැඩිදුරටත් සඳහන් කොට තිබිණි.

මේ සම්බන්ධව තොරතුරු සොයා යාමේදී අපට මෙතෙක් හමුවූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය ‘ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය’ ලෙස ඉතිහාසයට එක්ව ඇති බවත්, චිත්‍රපටය වෙනුවෙන් ඩබ්ලිව්.ඩී. අමරදේව සංගීතය නිර්මාණය කොට ඇති බවත් යන්න පමණි. ‘ගීත ගායනය/ නැළවිලි ගායනා’ චිත්‍රපටයේ සිරස්තල නාම ලේඛනයට ඇතුළත්ව නොතිබිණි.

කලා නිර්මාණවලින් ‘වාරණය’ යන වචනය ඉවත් කළ යුතුයි

මේ අතර ජනාධිපතිවරයා කලා නිර්මාණ වාරණය සම්බන්ධයෙන්ද සම්මාන උලෙළේදී අදහස් පළ කළේය.

‘රැඟුම් පාලනය සම්බන්ධයෙන් නව පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා. මෙරට රැඟුම් පාලක මණ්ඩල පනත දැන් වසර සියයකටත් වඩා පැරැණියි. රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප සැලසුම් කර තිබෙනවා….’

‘එසේම කලා නිර්මාණවලින් ‘වාරණය’ යන වචනය ඉවත් කළ යුතුයි. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගැනෙනවා. ඒ හේතුවෙන් කලාකරුවන්ට අපහසුතාවන්ට මුහුණදීමට සිදුවෙනවා. අප මේ පිළිබඳ අලුතින් සිතිය යුතුයි. පැරැණි නීතිවලට සිරවී එම කටයුතු කළ නොහැකියි. ඒ නිසා චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරනවා. මෙම නීති ලබන වසරේදී ඉදිරිපත් කිරීමට අප බලාපෙරොත්තු වෙනවා…’ හෙතෙම කියා සිටියේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ගම් පෙරළියේ නන්දා මාලිනිය සින්දුවක් කිව්වාද? සිංහල සිනමා වංශකතාව වැරදිද? රන් මුතු දූවෙ ගමිණී එක්ක රඟපෑවෙ මාලිනීද? දොයි දොයි දොයිය බබා නිසා ඔක්කොම කණපිට I Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් වුණේ බදු සහන නිසා නම් සජබෙ-ජවිපෙත් ඒකට වගකිව යුතුයි! මගේ විවේචන නිසා සමහරුන්ට රිදිලා! මම ගෝඨාගේ ආණ්ඩුවෙන් පාඩමක් ඉගෙන ගත්තා! ඒ හින්දා අයවැය විතරක් නෙමෙයි ආණ්ඩුවේ ඕනෑම වැරැද්දක් මම විවේචනය කරනවා! I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.