එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.රට බංකොලොත් වූයේ බදු සහන නිසාවෙන් නම් සජබ හා ජනතා විමුක්ති පෙරමුණද එයට දායක වී ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
රට බංකොලොත් කිරීමේ වගකීම භාරගත යුත්තේ එදා යහපාලන ආණ්ඩුවේ සිටි වත්මන් සජබ ලොක්කන් සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් යැයි නාමල් රාජපක්ෂ තවදුරටත් පැවසීය.Sri Lanka Latest News
2015 මැතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන විට රටේ ආර්ථික වර්ධන වේගය 7% ක් බවත්, එහෙත් යහපාලනයෙන් පසුව 2020 නැවත රට භාරගන්නා විට ආර්ථික වර්ධන වේගය 2%කට බැස්සවූයේ එදා යහපාලනයේ සිටි අද සජබෙ ඉන්න අයවලුන් බවත් සහ එදා යහපාලන ආණ්ඩුවට මුක්කු ගසා සිටි ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් බවත් නාමල් රාජපක්ෂ රාජපක්ෂ පැවසීය.
2019 පත්වූ ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව බදු අඩු කරන බවට සිය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දුන් අතර. එයට ලැබුණු ජනවරම අනුව ක්‍රියාත්මක වී බදු අඩුකිරීම වරදක් වන්නේ කෙසේදැයි තමන් සජබයෙන් ප්‍රශ්න කරන බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය
මෙහි විහිළුවට කරුණ වන්නේ වැට් බදු ඇතුළු බදු අඩුකිරීමට එරෙහිව උසාවි ගිය විද්වතුන් වගේම පක්ෂ වත්මන් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ජනතාවගේ බදු විශාල ලෙස ඉහළ දමන විට ඊට එරෙහිව බොරුවට මහ පාරේ පෙළපාළි යාම බව නාමල් රාජපක්ෂ පැවසීය.
සමහරුන් අයවැය විවේචනය කිරීම සම්බන්ධයෙන් රිදවාගෙන ඇති බවත් ඕනෑම ආණ්ඩුවක වැරැද්දක් ඇතොත් ජනතාව වෙනුවෙන් එම වැරැද්ද පෙන්වා දීමට තමුන් පසුබට නොවන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කාබනික පොහොර භාවිතය වැනි වැරදි තීන්දු තීරණ වලට කට වහගෙන සිටීම නිසා අද මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන බවත් එයින් පාඩමක් ඉගෙන ගෙන ඇති බවත් එම නිසා අයවැය විතරක් නොව ඕනෑම ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමට හා පෙන්වා දීමට පසුබට නොවන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.










