• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම් පෙරළියේ නන්දා මාලිනිය සින්දුවක් කිව්වාද? සිංහල සිනමා වංශකතාව වැරදිද? රන් මුතු දූවෙ ගමිණී එක්ක රඟපෑවෙ මාලිනීද? දොයි දොයි දොයිය බබා නිසා ඔක්කොම කණපිට I Sri Lanka Latest News

November 19, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු ගානකට පස්සේ ජනාධිපති සිනමා සම්මාන උළෙල පසුගිය 14 වැනිදා සවස නෙලුම් පොකුණ රඟහලේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්වුණා. බොහෝ විට ඇදක් කුදක් හෝ මහා අසාධාරණයක් අලකලංචියක් ගැන ඇඟිල්ලක් දිගු කරන්නට බැරි තරමට සාධාරණ සම්මාන ප්‍රදානයක් මෙම සම්මාන උළෙලේදී සිදුවූ බව පෙනෙන්නට තිබුණේ මුහුණු පොතේවත් ඊට විරුද්ධව කිසිදුම ඇනුම්පදයක් පළවී තිබුණේ නැති නිසයි. එහෙම කිව්වේ මුහුණු පොතේ සගයන් ඕනෑ දේටයි එපා දේටයි දිගට හරහ දෝස්මුරේ දාන නිසා බවද මෙහිදී නොකියා බැරිය.(Sri Lanka Latest News)

දක්ෂයන් අතර අතිදක්ෂයන් සම්මානයට පාත්‍රවූ අතර, සිනමාවට කළ මහඟු සේවාව අගයමින් කේ. ගුණරත්නම් මහතාට ‘යුග අභිමානී’ සම්මානය පිරිනැමීමත්, එයට අමතරව ප්‍රවීණ සිනමාකරු චන්ද්‍රන් රත්නම්ට, ප්‍රවීණ සිනමා නළු සිරිල් වික්‍රමගේට සහ ප්‍රවීණ නිළි සුවිනීතා වීරසිංහ යන මහත්ම මහත්මීන්ට ‘ස්වර්ණ සිංහ’ සම්මානයන් තිළිණ කිරීමත් 2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේහි ඇස ගැටුණු සුවිශේෂ අවස්ථාවන් විය.

ඒ සියලු සංසිද්ධීන් කාගෙත් ඇස සිත ඇදීගිය තවත් අසිරිමත් සිදුවීමක් වූයේ සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය 2020 වර්ෂයේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වීමය.
එය එතරම්ම අසිරිමත් සිදුවීමක් වූයේ ඇයි? සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනිය මීට පළමුව හොඳම ගායිකාව ලෙස ජනාධිපති සම්මාන උළෙලක සම්මානයක් අරගෙන නැතිද?

තමා කොතරම් සම්මාන ගණනක් අරගෙන ඇද්දැයි සත්තකින්ම කියනවා නම් සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනියටවත් මතක නැති තරමට ඈ සම්මාන රැසකින් පිදුම් ලැබූ අභිමානනීය ගායිකාවක්. ඇය 2023 ජනාධිපති සම්මාන උළෙලේදී සම්මානයක් ගැනීමේ සිදුවීම මෙතැනදී අසිරිමත් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වේදිකාවෙන් බැහැලා ඇවිදින් ඇයට හිමි සම්මානය ඇගේ දෑතට පිරිනැමීමයි. ඒ විතරක්ම නෙවෙයි. ජනාධිපතිවරයා එතැනදී දශක ගණනක ඈතට ඉක්ම ගිය අතීත සිනමාමය වූ සිදුවීමක්ද මතකයට ගෙන ආවා. ඔහු කියා සිටියේ,

එක්දහස් නවසිය හැටතුන අවුරුද්දේ නන්දා මාලනිය ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීතයට හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලද බවත්, එදා එතැනදී තමාද එයට සහභාගි වෙමින් එම සොඳුරු අවස්ථාව රසවිඳි බවත්ය. එලෙස රැස්ව සිටි පිරිස හමුවේ සිය මතකය අවදි කළ රනිල් වික්‍රමසිංහ මහතා ‘දොයි දොයි දොයිය බබා’ යනුවෙන් යම් තාලයකට අනුව එකී ගීයේ කොටසක් අත්පුඩි ගසමින් ගායනා කළේ අන් අයද ඒ වෙනුවෙන් එකතු කරගනිමින්ය.

ගම්පෙරළිය චිත්‍රපටය ගැන පුරසාරම් දොඩනවා නම් එහි වටිනාකමට සරිලන ආකාරයට එය නිම කිරීමට නම් පත්තරයක එක පිටුවක් ඒ සඳහා කොහොමවත් සෑහෙන්නේ නැති බව විශේෂයෙන්ම කියන්නට ඕනෑය. කෙටියෙන් මෙතැනදී ගම්පෙරළිය චිත්‍රපටයෙහි විචිත්‍රවත් අභිමානනීයභාවය ගැන ලියනවා නම් එය සිංහල සිනමා වංශකතාවෙහි රන් අකුරින් ලියැවුණු අනභිභවනීය මතක සටහන් තැබූ චිත්‍රපටයකි. එය සිංහල සිනමාවට කලාත්මක ගණයේ චිත්‍රපට කලාව හඳුන්වා දුන් චිත්‍රපටයකි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ ඇන්ටන් වික්‍රමසිංහ මහතා එකට එක්ව කළ මෙම සොඳුරු නිර්මාණ මෙහෙවර වෙනුවෙන් අතිදක්ෂ නළු නිළි හවුලක් දායක වූහ.

දිල්ලි චිත්‍රපට සම්මාන උළෙලේදී රණ මයුර සම්මානයෙන් පිදුම් ලද ගම්පෙරළිය ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම ජාත්‍යන්තර සම්මානය දිනූ චිත්‍රපටය ලෙසද ඉතිහාසගත විය.

එලෙසම ගම්පෙරළියෙහි ගුණාත්මක බව ගයන්නට වයන්නට තව තව බොහෝ තොරතුරු නැත්තේ නොවේ. ඒ අතරතුර තිබෙන හරි අපූරු සිදුවීම් අතර ගම්පෙරළිය නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහත්තයාට චිත්‍රපටයෙහි අවසානය කරා යන්නට මුදල් නැතිවූ බවත්, අතන මෙතන ගිහින් උන්නැහේට ණය ගන්නට නොදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නැවත නොගත් පොරොන්දුව මත ඔහුට ඒ මුදල දුන් බවත් සිනමා පත්තරවල පිටු අතර සඳහන් විය.

ගම්පෙරළිය චිත්‍රපටය අරගෙන අධ්‍යක්ෂවරයාගේ ආරාධනය මත දිල්ලි සිනමා උළෙලට ගිය සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාට, සිනමා පටය ජූරිය හමුවේ තිරගත කරන විට එහි රීල්වල උඩ යට මාරුවී ඇති බව දැක ඔහු මහා පෙරළියකට මුහුණ දුන් බවද ගම්පෙරළිය ගැන ලියැවුණු ප්‍රකට සිනමා ලිපිවල සඳහන්ව තිබිණි.

ගම්පෙරළිය ගැන පාරට්ටුව දැනට මෙතැනින් නවතා දමන්නට සිතුවෙමු. ඒ, මන්ද යත් ආචාර්ය නන්දා මාලනිය 2023 ජනාධිපති සම්මාන උළෙලෙහි හොඳම ගායිකාව ලෙස සම්මාන ලැබූ සිදුවීම ගම්පෙරළිය චිත්‍රපටය සමග කිසිදු සබඳතාවක් නැති නිසාවෙනි.

එහෙම නම් කියවන ඔබ හිතනවා ඇති සමහර විට ඇයි අමරණීය ගම්පෙරළිය චිත්‍රපටයත් එක්ක 1963 දක්වා අතීතාවර්ජනයකට ‘මව්රට’ ඔබව අරගෙන ආවේ කියලා. හේතුව හරි සරලව ඔබට කියන්නම්.

ඊට පාදක වූයේ රටේ නායකතුමාගේ ‘දොයි දොයි දොයිය බබා’ ගීතයේ කතන්දරයයි. තවදුරටත් ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් ලංකාවේ පළමු පුරවැසියා ලෙස තානාන්තර දරන රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ නොවැම්බර් 14 වැනි අඟහරුවාදා සවස් යාමයේදී නෙලුම් පොකුණේදී පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලේදී සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනී හමුවේ ප්‍රසිද්ධියේ පවසන ලද ‘දොයි දොයි දොයිය බබා’ ගීතය රැගත් 1963 සිදුවීම ගැන ගම්පෙරළිය චිත්‍රපටය ගැන මෙතෙක් ලියැවුණු කිසිම සටහනක සඳහන්ව නැති බව කිව යුතුය. එයට ඇති හොඳම සාක්ෂිය වන්නේ ගම්පෙරළිය ගැන කතා කරන විට සුවිශේෂව සටහන් වන්නේ එය එකම එක ගීතයක්වත් නැති පළමු සිංහල කලාත්මක චිත්‍රපටය බවය.

ඒක එහෙම නම් හොඳම ගායිකාව ලෙස එදා සරසවි සම්මාන උළෙලේදී විශාරද නන්දා මාලනිය සම්මාන ගත්තේ කොහොමද?

ප්‍රශ්නය ඇත්තේ අන්න එතැනය. ගම්පෙරළිය චිත්‍රපටය ගැන කියවෙන විට හැම තැනකම ලියැවෙන්නේ එහි කිසිදුම ගීයක් නැති කතාවකි. අනෙක් කාරණය නන්දා මාලනිය ගැන ලියැවුණු කිසිදු ලිපි සටහනක්වත් ඈ සමග කළ කිසිදුම විද්‍යුත් කතිකාවක ඇගේ සංගීත දිවියක ගම්පෙරළිය සමග ඇති සම්බන්ධකමක් ගැන මෙතෙක් කියැවී නැත. හැම තැනකම වාගේ නන්දා මාලනියගේ සංගීත තෝතැන්නෙහි ආරම්භය ගැන කීමට බොහොමයක් වූ මාධ්‍යවේදීන් සිහියට ගන්නේ තෝරාගන්නේ ‘රන් මුතු දූව’ චිත්‍රපටය ප්‍රවීණ සංගීත විශාරද නාරද දිසාසේකරයන් සමග ඈ ගායනා කළ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතයය. 1964 සරසවි සම්මාන උළෙලේදී නන්දා මාලනිය එකී ගීතය වෙනුවෙන් නම් හොඳම ගායිකාව ලෙස සම්මාන ලැබුවාය.

ඒ කියන්නේ 1963 ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී ‘දොයි දොයි දොයිය බබා’ ගීතය වෙනුවෙන් නන්දා මාලනිය 1963 අවුරුද්දේ සරසවි සම්මාන උළෙලෙහි හොඳම ගායිකාව ලෙස සම්මාන ගත්තේ නැතිද?

එවැන්නක් මෙතෙක් කිසිම තැනක සටහන්ව නැත. එලෙසම නන්දා මාලනිය 1963දී ඉන්දියාවේ ‘භාත්ඛණ්ඩ’ කලා ආයතනයෙහි සංගීතය හදාරමින් සිටි බවත්, අනතුරුව 1964දී සංගීත විශාරද පණ්ඩිත් අමරදේවයන් විසින් ගුවන්විදුලියෙහි ළමා මණ්ඩපයට හඳුන්වා දුන් බවත් නන්දා මාලනිය ගැන ලියැවුණු අතීත කතාවල සඳහන්ව ඇත. එතැනින් ආරම්භ වූ එතුමියගේ සංගීත දිවිය ඈ තුළ වූ අසමසම දස්කම් නිසා ‘රන් මුතු දූවේ’ ගලන ගඟකි ජීවිතේ ගයන්නට ඇයට අවස්ථාව ලැබුණේය. පැටිකිරියෙහි හැටියට සරසවි සම්මාන උළෙලෙහි පළමු සම්මානය ගන්නා විට මේ අසහාය ප්‍රවීණ ගායිකාවගේ වයස යන්තම් අවුරුදු 22 පිරුණා විතරය.

එතකොට ගම්පෙරළියෙ ‘දොයි දොයි දොයිය බබා’ නැළවිල්ල කී ගායිකාව කවුද? ඇය නන්දා මාලනිය නොවෙයිද?

ගම්පෙරළියෙහි ගායිකාවකට ගයන්නට ගීතයක් තිබුණේ නැති බව චිත්‍රපටය බලන ඕනෑම කෙනකුට වැටහෙන බව දෙවරක් කිව යුතු නැත.

‘දොයි දොයි දොයිය බබා’ නැළවිල්ල ගැන ජනාධිපතිවරයා කී සංසිද්ධිය මොකක්ද?

‘දොයි දොයි දොයිය බබා’ කියන්නේ ගීතයක් නෙවෙයි. එය අම්මා කෙනකුගේ මුවින් කියැවෙන පද හතරක දරු නැළවිල්ලක්.

එය කියන්නේ කවුරුන් විසින්ද?

එය කවුරුන් විසින් කියන්නක්දැයි සුවිශේෂ සටහනක් නැහැ. එය ගයන හඬ අවුරුදු විස්සක විසිපහක ළාබාල කෙල්ලකගේ යැයි කියන්නට බැරි බව එයට සවන් දෙන ඕනෑම අයකුට පැහැදිලිව දැනෙනවා. බොහෝ විට ඒ හඬ හරහා ගම්‍ය වන්නේ මඳක් මුහුකුරා ගිය කාන්තාවකගේ වියපත් ස්වරයක්. අනෙක් පද පේළි තුන හතරක දරු නැළවිල්ලකට හොඳම ගායනයට හිමි සම්මානයක් දෙන්න තරම් 1963 සරසවි සිනමා සම්මාන උළෙල මෙහෙයවූ ජූරියට හිතුණා නම් එය බොහෝ විට විහිළුවක් උපහාසයක් නොවන්නේද?

ගම්පෙරළියෙහි එන ඒ දරු නැළවිල්ල තත්පර ගණනක් තුළ පසුබිමෙන් ශ්‍රවණය වන්නේ ජිනදාස ලෙස රංගනයෙහි යෙදෙන සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සිය බිරිය වූ නන්දාගෙන් සමුගෙන මුදල් හරි හම්බ කරගෙන එන්නට වන්නියට යන්නට පියවර මනින අතර වාරයේය. විකිපීඩියා ගොස් මොහොතකට හෝ එම දර්ශනය නරඹන්නට මෙය කියවන ඔබට පුළුවන් නම් ඒ දරු නැළවිල්ල කියන හඬ එවක යොවුන් බාලිකාවකගේ වයසක උන් නන්දා මාලනියගේ හඬ නොවන බව මොනවට පැහැදිලි වනු ඇත.

එතකොට වැරැදුණේ කොතැනද? වැරැදුණේ කාටද?

අනුමාන කරන්නට බැරි ඒකය. ඒ දරු නැළවිල්ල එදා කිව්වේ විශාරද නන්දා මාලනිය නම් ඒ ගැන කිසිවකුත් විසින් සඳහන් නොකළේ ඇයි? අතීත සිනමාව ගැන ලියැවුණු පොතක පත්තරයකවත් ඒ ගැන සඳහන් නොවූයේ ඇයි?

ගම්පෙරළියෙහි නැළවිලි ගීයක් වැනි පසුබිම් හඬක් වෙනුවෙන් තමා සම්මාන ලැබුවා නම් විශාරද නන්දා මාලනියවත් ඒ ගැන කිසිම තැනක සඳහනක් නොකළ හේතුව කුමක්ද?

පණ්ඩිත් අමරදේවයන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතින්වත් එවැනි සඳහනක් කිසිදුම කතිකාවකදී සිදු නොවූයේ මන්ද?

අහලා දැනගන්නවත් කෙනෙක් නැත. ගම්පෙරළිය වැනි ඓතිහාසික නිර්මාණයකට දායකවූ බොහෝ කලාකරුවන් අද ජීවතුන් අතර නැත. ඇතැමුන් විදේශ රටවලය.

වැරැදුණේ කොතැනද? වැරැදුණේ කාටද?

වැරැදි කතාව කිව්වේ රටේ නායකයාද? බොහෝ විට බටහිර තාලෙට හැඩගැසුණු ඔහුට ඒ වැරැදි තොරතුරු දුන්නේ කවුරුන් විසින්ද? තමාද එදා ඒ සරසවි සම්මාන උළෙල සමග හිටපු බවත්, ‘දොයිය බබා’ ගීතය වෙනුවෙන් විශාරද නන්දා මාලනිය සම්මාන ගන්නවා දුටු බවත් හැඟවෙන කතාව එතරම් ප්‍රසිද්ධ අවස්ථාවක ඔහු එහෙම කිවවේ ඇයි? දරු නැළවිල්ලක සහ ගීතයක වෙනස ඔහුට වෙන්කොට හඳුනා ගන්නට බැරි වුණාද? මේ සියල්ලට වැරැදිකාරයා ජනාධිපතිවරයාට වැරැදි ඉතිහාසය දැක්ම දුන් අයද?

කොයික කෙසේ වෙතත් රටේ නායකයා වශයෙන් ගම්පෙරළිය වැනි ඓතිහාසික නිර්මාණයක් ගැන ප්‍රසිද්ධියේ කතාකරන විට ජනාධිපතිවරයා මීට වැඩිය ටිකක් සිතන්නට තිබිණි.

අනෙක වසර තුනකට පසු ජනාධිපති සම්මාන උළෙලට පැමිණ සිටි සුවිශේෂ ආරාධිතයා ඔහුය. මඳ අසනීප ගතියකින් සිටි ශ්‍රේෂ්ඨ ගායිකාවක වෙත ඇයට හිමි සම්මානය දෙපා මුලටම රැගෙන යෑමට තරම් නිහතමානී වූ ඔහු ඈ වෙනුවෙන් ආචාරය පුදකොට නැවත ආපිට වේදිකාවට ආවා නම් හොඳය. නොදන්නා දේ ගැන නන් දොඩවනවාට වඩා මොනවත් නොදොඩා සිටීම නුවණට හුරුය. ‘හැම ශබ්දයටම වඩා නිශ්ශබ්දතාව හොඳය’. ‘දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමඟ’ යැයි යන කියමන් පරණ මිනිස්සු කීවේ නිකමට නොවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රටේ නායකයාය. කියන්නා කෙසේ කීවත් බුද්ධියෙන් එය සිහි ඇතුව අසා දැනගන්නට ඔහුට යුතුකමක් තිබිණි.

කොහොම වුණත් ‘මව්රට’ කියවන ඔබටත් පුළුවනි විමසිලිමත් වෙන්න.

වැරැදුණේ අපටද? රටේ නායකයාටද? එහෙමත් නැතිනම් වෙන කවුරුන් හෝ කෙනකුටද?

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

අපි කළේ පවතින අපහසුතා ගැන ICC එක දැනුවත් කරපු එක! යවපු ලියුම් ගැන ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

20 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල: ජනපතිට වැරදුණු තැන් තිබුණාද? I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.