• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය එළියට දාන්න පැය 24කට කලින් වැටුණු රට ගොඩගන්න වෙරිටේ රිසර්ච් ආයතනයෙන් යෝජනා 10ක්! අයවැයට දානවා නම් ‌මෙන්න යෝජනා ටික! PHOTOS I Sri Lanka Latest News

November 13, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
අයවැය එළියට දාන්න පැය 24කට කලින් වැටුණු රට ගොඩගන්න වෙරිටේ රිසර්ච් ආයතනයෙන් යෝජනා 10ක්! අයවැයට දානවා නම් ‌මෙන්න යෝජනා ටික! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 අයවැය අද දින (නොවැම්බර් 13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකය පුනර්ජීවනය සඳහා නිර්මාණය කරන ලද අයවැය යෝජනා 10 ක් එළිදක්වා ඇත.Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා (9) වෙරිටේ රිසර්ච් සංවිධානය කරන ලද ‘ ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය’ මැයෙන් පැවති කතිකාවේ දී මෙම යෝජනා ප්‍රකාශයට පත් කරන ලද අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ මාවත පිළිබඳ සංවාදයක් සඳහා අවකාශය ලබාදෙන ලදී.

එක්සත් රාජධානියේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ මහාචාර්ය මික් මුර්, ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත දේවරාජන්, ඔබර්ලින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදාර පීරිස් සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල්, පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රාජ් ප්‍රබු රාජකුලේන්ද්‍රන්, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මතීෂ අරංගල සහ ප්‍රධාන දත්ත විශ්ලේෂක අශ්වින් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීම් මෙම කතිකාවතට ඇතුළත් විය.

සිය සමාරම්භක අදහස් දැක්වීමේදී ආචාර්ය නිශාන් ද මෙල් මහතා තිරසාර ආර්ථික ප්‍රකෘතිය සඳහා ආදායම් වැඩි කරන අතරම පොලී පිරිවැය අඩු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. 2024 වර්ෂය සඳහා ඉදිරි අයවැයෙන් පුරෝකථනය කරන ලද පොලී පිරිවැය වර්තමානයේ IMF සමඟ එකඟ වූ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 234 කින් වැඩි බවද ඔහු සඳහන් කළේය. පොලී පිරිවැය සහ රජයේ ආදායම අතර ලෝකයේ පවතින ඉහළම අනුපාතය ශ්‍රී ලංකාව සතුව දිගටම පවතිනු ඇති බවටත් දැනට එය 70%ට වඩා වැඩි වන අතර, 2024 අපේක්ෂිත අයවැයට අනුව තවදුරටත් වැඩි අගයක එනම් 60% ක අගයක් ගනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

මෙම කතිකාවේ දී, ආදායම් වැඩිකිරීම අරමුණු කරගත් යෝජනා පහක් ඉදිරිපත් කිරීම සිදුවිය:

රඳවා ගැනීමේ බදු (WHT) අනුපාතික දැනට පවතින 5% සිට 10% දක්වා වැඩි කිරීම. – මෙම යෝජනාවෙන් තවත් රුපියල් බිලියන 90 ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිගරට් බදු සුචිගත කිරීම සඳහා ප්‍රකාශිත තාර්කික සූත්‍රය අනුගමනය කිරීම – මෙම යෝජනාව මගින් රුපියල් බිලියන 35 කට අධික මුදලක් එක් කිරීමට අපේක්ෂා කෙරේ.

සීනි බදු අඩු කිරීම සහ බදු වෙනස් කිරීම් පිළිබඳ විධායක අභිමතය ඉවත් කිරීම – විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත මගින් අමාත්‍යවරයාට අවසර දී ඇති අභිමතයේ ප්‍රතිඵලය වූයේ ‘සීනි වංචාව’ යි. එය වහාම නිවැරදි කිරීමෙන් (දැනට සිදු වූ පරිදි) බිලියන 25 කට වඩා ආදායමට එකතු කළ හැකිය.

ජාත්‍යන්තර වශයෙන් සුචිගත කර ඇති මිල සූත්‍රය අනුව නොව සමස්ත කර්මාන්තය මත ම වැඩි කරන ලද බද්දක් සහ වැඩි මිලක් නියම කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිරික්ත වියදම් අයකර ගැනීම – මෙම යෝජනාව හරහා තරඟකාරී නිෂ්පාදකයින්ගෙන් එකතු කරන ලද අමතර බදුවලින් දළ වශයෙන් රුපියල් බිලියන 25ක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

දේපල බදු ඇස්තමේන්තු කිරීම සහ අයකර ගැනීම සඳහා විස්තර කර ඇති ක්‍රමය ක්‍රියාත්මක කිරීම – මෙම යෝජනාව මගින් මුලදී බදු එකතු කිරීම අවම වශයෙන් රුපියල් බිලියන 17 කින් වැඩි කරනු ඇත.

කතිකාවේ ඊළග කොටසේ දී, ආර්ථික පුනර්ජීවනය අරමුණු කරගත් යෝජනා පහක් ඉදිරිපත් කිරීම සිදුවිය:

රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ හඳුන්වා දීම (MLB) – පුද්ගලික අංශය දැනට ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභවල සම්පූර්ණ පිරිවැය දරනු ලබන අතර, එමගින් කාන්තාවන් සේවයේ නියුක්ත කිරීම මිල අධික කාර්යයක් බවට පත් කරයි. පර්යේෂණවලින් පෙනී යන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ හඳුන්වා දීමෙන්, කාන්තාවන් වෙනස් කොට සැලකීම අවම කළ හැකි අතර කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ද ඉහළ නැංවිය හැකි බවයි.

ඉලක්කගත සංක්‍රාම ගෙවීම් සහ සහනාධාර ප්‍රතිසංස්කරණ හඳන්වා දීම තුළින් දුප්පතුන් ආරක්ෂා කිරීම – වඩා හොඳ ඉලක්කගත සංක්‍රාම ගෙවීම් තුළින් අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන අතර සහනාධාර වෙන් කිරීමේ කාර්ය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරයි.

වෙළදාම පහසුකරලීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම – ශ්‍රී ලංකාව සිය වෙළඳ පියවරවලින් 69% ක් සඳහා බාහිර ආධාර ඉල්ලා ඇති අතර, මෙම තත්ත්වය අවම සංවර්ධිත රටවල් අතර නිරීක්ෂණය කරන ලද 40% ක සාමාන්‍යයට සාපේක්ෂව එය සැලකිය යුතු ඉහළ ප්‍රතිශතයකි. ප්‍රගාමීව මෙම පියවරයන් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම පිළිබඳ මැඩ්රිඩ් ප්‍රොටෝකෝලය හා සම්බන්ධ වීම- ජාත්‍යන්තර වෙළඳ ලකුණු ලියාපදිංචියේ කාර්යක්ෂමතාව සහ කඩිනම් බව ඉහළ නැංවීම මේ හරහා සිදුවන බැවින්, ඉහළ වටිනාකමකින් යුත්, අගය එකතු කරන ලද නිශ්පාදනවලට අන්තර්ජාතික තලය ජයගැනීම සඳහා එම නිශ්පාදන සිදුකරන අපයනයකරුවන්ව කුළු ගැන්වීමක් මෙමගින් සිදුවේ.

බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග – බැංකු අංශයේ අවදානම් අවම කිරීම සඳහා මහ බැංකුව, රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහයෝගී ප්‍රයත්නයන් අවශ්‍ය වේ.

තැන්පතු ඇපකර සීමාව ඉහළ නැංවීම, බැංකු අසාර්ථකවීම් හමුවේ ද්‍රවශීලතාවය ඇති කිරීම සඳහා මූල්‍ය ස්ථාවරත්ව අරමුදලක් නිර්මාණය කිරීම සහ අක්‍රීය ණය හැසිරවීමට කැප වූ වත්කම්කළමනාකරණ සමාගමක් පිහිටුවීම වැනි පුළුල් යෝජනා ක්‍රියාත්මක කිරීම මෙයට ඇතුළත් වේ.

ආදායම් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව, නිශාන් ද මෙල්, සුභාෂිණී අබේසිංහ, මහාචාර්ය මික් මුරේ සහ මහාචාර්ය ශාන්ත දේවරාජන් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් යුත් විද්වත් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්විණි. වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂවරයාගේ උපායමාර්ගික උපදේශිකාව වන ඉනෝෂිනි පෙරේරා විසින් මෙම සැසිවාරය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාව ණය ලබා ගැනීමේ පිරිවැය අවම කිරීම සඳහා අවදානම් සංජානනය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, විධායකයේ බලතල සීමා කිරීම ඇතුළු වඩා හොඳ ආණ්ඩුකරණයක අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි. ආර්ථික වර්ධනයට අනුබල දෙන ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය වියදම්වල සංයුතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා විය.

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ කතිකාවෙන් අනතුරුව, නිශාන් ද මෙල්, සුභාෂිණී අබේසිංහ, මහාචාර්ය ශාන්ත දේවරාජන්, මහාචාර්ය උදාර පීරිස් සහ අර්නස්ට් ඇන්ඩ් යංග් ආයතනයේ ශ්‍රී ලාංකික කළමණාකාර හවුල්කරු දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි. හේමාස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆ් අලි විසින් මෙම සැසිවාරය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාව සිය අපනයන ක්ෂේත්‍ර විවිධාංගීකරණය කිරීම, ජාත්‍යන්තර වෙළඳාමට ඇති බාධක අවම කිරීම සහ සංචාරක, තොරතුරු තාක්ෂණික, වරාය සහ නාවික යටිතල පහසුකම්වල ආර්ථික අවස්ථා අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව විද්වත් මණ්ඩලය විසින් අවධාරනය කරන ලදී. බදු අයකර ගැනීමේ සහ ආයතනික ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාවයන්ට විසඳුම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සැසිවාරය අවසන් කරමින්, නිශාන් ද මෙල් මහතා මේ සඳහා ඒකාබද්ධ මැදිහත්වීමක අවශ්‍යතාවය අවධාරණය කළ අතර අනෙකුත් යෝජනා අතර මෙම යෝජනා ද ක්‍රියාත්මක කිරීම කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු බව ද අවධාරණය කළේය. එය ශ්‍රී ලංකාව දෙවනවරටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට මුහුණ දීම වැළැක්වීම සහ වර්තමාන ගමන් පථයේ ඵලදායීබව සහ තිරසාර බව සහතික කිරීමට ද ඉතා වැදගත් බව අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ඉන්දියාවේ ජේ. ෂා සහ ෂම්මි අතර තියෙන සම්බන්ධය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

බළන්ගොඩ නායයෑමක්! එකම පවුලේ හතර දෙනෙක් අතුරුදන්! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.