• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි විනාශයක් I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නට අදහස් කරන්නේ ඉතා සංවේදී පරිසර ප්‍රශ්නයක් බවට පත්ව ඇති වන අලින් ඝාතනය කිරීම ගැනයි.(Sri Lanka Latest News)

මේ වන විට වන අලින් සහ ඇතුන් 290ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් මත හෝ වෙනත් හේතූන් මත ඝාතනය වී හෝ මියගොස් තිබෙනවා. මෙම තත්ත්වය පසුගිය මාසයේදී ඉතා ඉහළ අගයක් ගත් අතර, එම මාසයක කාලය තුළ මියගිය සහ ඝාතනය වූ අලි ඇතුන් සංඛ්‍යාව 25කට ආසන්නයි. එසේම මාධ්‍යවලට වාර්තා නොවන අලි මරණද විශාල වශයෙන් පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. වනජීවී ඇමැතිවරයාට හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම මරණ පිළිබඳ වගේවගක් නැති බව පෙනීයන කරුණකි. මෙම කනගාටුදායක තත්ත්වයට විසඳුම් සෙවීමේ වුවමනාවක් ඔවුන් තුළ නැති බවද පෙනීයන්නේ ඔවුන් කසාය බිව් ගොළුවන් සේ සිටීම නිසාය.

මෙරට වන අලින්ගෙන් 65%ක් පමණ ජීවත් වන්නේ ජාතික වනෝද්‍යානවලින් පිටත රක්ෂිත, වැව් ආශ්‍රිත වනාන්තර හෝ ලඳු කැලෑවල බව නිරීක්ෂණය වී ඇත. එලෙස අලින්ගෙන් බහුතරයක් ජාතික වනෝද්‍යානවලින් පිටත ජීවත් වන බැවින් එම සතුන්ගේ ආරක්ෂාව සැලසීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගකීමකි. ඒ සඳහා ප්‍රතිපාදන නොමැති නම් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෙසු නිලධාරීන් එක්ව ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. වන අලින් ඝාතනය කරන්නන්ට නිසි දඬුවම් කළ හැක්කේ එවිටය. ඔවුන්ට දඬුවම් දීමට නීති නැතැයි කියමින් බලා සිටීම ඊට විසඳුම නොවන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

මෙරට ඇමැතිවරුන්ගෙන් මෙවැනි ගැටලුවකට ප්‍රායෝගික විසඳුම් බලාපොරොත්තු වීම අනුවණ ක්‍රියාවකි. ඇමැතිවරයා ලවා අවශ්‍ය නීතිරීති සකසා ගැනීමට අදාළ නිලධාරීන් වගබලා ගත යුතුය.

අපේ රටේ වන අලි සම්පත යනු රටට ඩොලර් වැසි වස්සවන මහා උරුමයකි. එහෙත් ලොව රටවලින් වන අලි ඝාතනය අතින් අංක එකට ශ්‍රී ලංකාව පත්වී ඇති බව මෙහිලා ලියා තබන්නේ ඉතා කනගාටුවෙනි. අවිධිමත් සංවර්ධන, වන අලි මංකඩවල් ඇහිරීම, වන අලි ජීවත් වන කැලෑ ප්‍රදේශ වගාවන් සඳහා යොදාගැනීම, හිතුමතේ හේන් කෙටීම වැනි හේතූන් ගණනාවක් මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ.

වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වන අලි ගහනය ඉහළය. එම සතුන් කළමනාකරණය කිරීම සඳහා වනජීවී අමාත්‍යාංශය සතු නිලධාරීන් සංඛ්‍යාව ඇතුළු සම්පත් සීමිත නම්, ඒ වෙනුවෙන් යුද හමුදාවේ සහාය ලබාගත හැකි අතර, අදාළ අංශවලින් ඉල්ලීමක් කර එම සහාය ලබාගැනීමට පුළුවන. ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති වන අලි මරණ වළක්වාගැනීම පිණිස තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර සහ උද්දච්ච හැසිරීම් පසෙකළා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කරමු.

එසේම දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාවද වාර්තාගත ලෙස පසුගිය දිනවල ඉහළ ගියේය. එම අනතුරු බහුලව සිදුවන පරිසර ප්‍රදේශ අධ්‍යයනය කොට ඊට නිසි විසඳුම් ලබාදීම බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමකි. මෙවැනි තත්ත්වයක් ඉන්දියාවේද පැවැති අතර, එයට නිසි විසඳුම් ලබාදී මේ වන විට දුම්රියේ ගැටී සිදුවන වන අලි මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවම කරගැනීමට ඔවුන් සමත්ව ඇත.

වනජීවී අමාත්‍යාංශය යනු අප රටේ සිටින සියලු වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වන්නේ ජාතික වනෝද්‍යානවල වැඩ බැලීම පමණක් නොවේ. දිනෙන් දින ඝාතනය වන වන අලින්, ඇතුන් ඇතුළු සියලු වන සතුන් වෙනුවෙන් ඔහු විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුය. එසේ නොමැති වුවහොත් නුදුරේදීම අප රටේ අලි ඇතුන් සියලු දෙනාම ඝාතනය වී අවසන් වනු ඇත. එවිට අපට අලි ඇතුන් දැකගත හැක්කේ ඡායාරූපවලින් පමණක් වනු ඇත. එසේ නොවීමට නම්, සියලු පරිසර බලධාරීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනා එක්ව මෙම ව්‍යසනයෙන් අලි ඇතුන් ආරක්ෂා කරගැනීමට හැකි ඉක්මනින් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුය.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ලංකාවෙයි ඉන්දියාවෙයි අවුරුදු 75ක රාජ්‍යතාන්ත්‍රික යාළුකම වෙනුවෙන් එළියට ආපු ලාංඡනය! Sri Lanka Latest News

Next Post

කමිටු 2ක විමර්ශන වාර්තා තවම ඉදිරිපත් කර නෑ! ඔක්කොම එකතු වෙලා සාක්කි හංගන්න හදනවා! උණට බෙහෙත් ගන්න ගිය 8 හැවිරිදි දැරියගේ අතක් කපා දැමූ සිද්ධියේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.