• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!

October 9, 2023
in Business
Reading Time: 4 mins read
A A
සරණි තිලකරත්න, නවීනතම RFID තාක්ෂණය ක්‍රීඩා ඇඟලුම්වලට මුසුකර SAMPAYO එළිදක්වයි!
Share on WhatsAppShare on Facebook

ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙළේ කාන්තා චරිතයක් මෙන්ම ඒ සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක සහ කීර්තිමත් පුහුණුකාරිනියක වන සරණි තිලකරත්න (@physique.by.sari), මෙරට ක්‍රීඩා ඇඟලුම් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට මුලපුරමින්, ADETEX-ID සමාගම හා අත්වැල් බැඳගනිමින් නවතම SAMPAYO සන්නාමය එළිදක්වයි. ශ්‍රී ලංකාවේ ක්‍රිඩා ඇඟලුම් ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක්කරමින් එළිදකින මෙම සන්නාමයේ ඇඟලුම් සඳහා RFID තාක්ෂණයට අනුව සකස් කර ඇති RFiD නූල්, ඩිජිටල් ටැග් එකක ආකාරයෙන් යොදාගෙන තිබේ. මෙවැනි අතිනවීන තාක්ෂණයක් ශ්‍රී ලාංකේය ඇඟලුම් වෙළෙඳපොළට හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය ජාත්‍යන්තර වශයෙන් නමක් රැන්දූ ලාංකික විද්‍යාඥ ආචාර්ය අනුර රත්නායක විසින් ආරම්භ කරන ලද ADETEX-ID සමාගමේ නිමැවුමකි.

‘විවේකීමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්’ යන සංකල්පයට අනුව SAMPAYO සන්නාමය ශාරීරික යෝග්‍යතාවෙහි නිරත වෙමින් සෞඛ්‍ය සම්පන්න, පරමාදීර්ශී ජීවන රටාවකට පිළිපන් සියලු දෙනා සතුටින් වැළඳ ගන්නා අතර, වෘත්තීය ශාරීරික යෝග්‍යතා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වල නිරත වීමට උනන්දු පිරිස, අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම විලාසිතා සම්බන්ධ උනන්දුවක් දක්වන පිරිස් ඇතුළුව ක්‍රියාශීරලී පුද්ගලයන් සඳහා සිය සන්නාමයේ ක්‍රීඩා ඇඟලුම් තිළිණ කරයි. සෑම SAMPAYO ඇඟලුම් නිර්මාණයක් සඳහා භාවිත කරන සෑම රෙදි වර්ගයක්ම, සාමාන්‍යයේන ක්‍රියාකාරී කාර්යයන් සදහා යෝග්‍ය ඇඟලුම් සඳහා භාවිත කරන රෙදි වන අතර, SAMPAYO සන්නාමයේ ක්‍රීඩා ඇඟලුම් සඳහා ඒවා ඉතා නිර්මාණාත්මක ලෙස යොදාගෙන තිබේ. RFiD නූල්, නිෂ්පාදනයෙහි සමස්ත ජීව චක්‍රය තුළ නොනැසී පැවැතීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරමින් ඇඟලුමට ටැග් එකක ආකාරයෙන් එක්කෙරෙන ප්‍රතම නිෂ්පාදනය වන අතර, ක්ෂේත්‍රයේ නවතම ඩිජිටල් යුගයක් කරාද එමගින් දොරගුළු විවර කෙරේ. නිෂ්පාදනය සම්බන්ධ ඩිජිටල් හඳුනාගැනීම් ක්‍රමවේදයක් ලෙසින් මෙම RFiD නූල් IoT හා සම්බන්ධ වේ. මෙවැනි ඩිජිටල් සම්බන්ධිත නිෂ්පාදන තුළින් සන්නාමයකට පහසුවෙන් සියලු ක්‍රම ඇතුළත් උපාය මාර්ග දියත් කිරීම නිෂ්පාදන විධිමත් කිරීම, සැපයුම් දාම කළමනාකරණය ආදිය ක්‍රියාත්මක කිරීමට හැකියාව සැලසේ. එමෙන්ම නිෂ්පාදන ගබඩා කිරීම, බෙදාහැරීම, සාමාන්‍ය භාණ්ඩ තොග කළමනාකරණය, පාරිභෝගික අත්දැකීම්, විනිවිදභාවය, දත්ත එක්රැස් කිීම, නිෂ්පාදන අලුත් කිරීම හා නැවත විකිණීම මෙන්ම නිෂ්පාදනයන්හි විශ්වසනීයත්වය පවත්වා ගැනීම හා ප්‍රතිචක්‍රීකරණය ආදී වශයෙන් බොහෝ දේ පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට ඉන් හැකියාව ලැබේ.

ජාත්‍යන්තර පිළිගැනීමක් දිනූ පුරෝගාමී ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ADETEX-ID සමාගමේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය අනුර රත්නායක, 2017 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම්හි H&M පදනම විසින් වාර්ෂිකව සංවිධාන කරන ලද Global Change Award සම්මාන උළෙලේදී තෙවැනි තැන හිමිකරගත් විද්‍යාඥයාය. ඔහු විසින් නිර්මාණය කරන ලද Content Thread නම් විප්ලවීය නවෝත්පාදන ඇඳුම් වර්ග කිරීඹ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම වෙනුවෙන් ඩිජිටල් සූත්‍රිකාවක් උපයෝගී කරගන්නා ක්‍රමවේදයකින් සමන්විත විණි. ඔහුගේ අසමසම නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන හැකියාව පිළිබිඹු කරමින් ඊට තෙවැනි තැන හිමිවූයේ විද්‍යාඥයන් 130කට අධික පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද නවෝත්වාදන සංකල්ප 3000 ආසන්න ප්‍රමාණයක් අභිභවමිනි.

– ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉන්දියාව-තායිලන්තය-මැලේසියාව-ජපානය-කොරියාව- සිංගප්පූරුව-චීනය පරදා කෝටිපති ව්‍යාපාරික ධම්මිකගේ DP EDUCATION ආසියාවෙන්ම පළමු තැනට! I Sri Lanka Latest News

Next Post

ජැක්සන් හෙට ජයරත්න Respect Home එකට එනවා! 11-12 කඩවත රාගම ගෙදරට යනවා! I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News
Uncategorized

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

තමන් කටයුතු කරන්නේ 2023 අංක 9 දරන පනතට අනුව බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.