• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

කොරෝනා අස්සේ කුඩු කිලෝ 100ක් ‌ගෙනා වැල්ලවත්තේ ‌කෝටිපතියා

March 15, 2020
in CID, News
Reading Time: 3 mins read
A A
කොරෝනා අස්සේ කුඩු කිලෝ 100ක් ‌ගෙනා වැල්ලවත්තේ ‌කෝටිපතියා
Share on WhatsAppShare on Facebook

කොරෝනා භීතියෙන් රටම වෙළී තිබුණු ඉකුත් 12 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ උකුසු ඇස් යොමු වී තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබුණු කන්ටේනරයක් දෙසටය. එම කන්ටේනරය අඩි 40ක් දිගැති එකකි. එය පකිස්තානයේ සිට මෙරටට ගෙන එන ලද අල කන්ටේනරයකි. එම අල කන්ටේනරයේ ආනයනකරු වූයේ වැල්ලවත්ත තට්ටු නිවාස සංකීර්ණයක පදිංචිව සිටින මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. ප්‍රකෝටිපතියෙක් වන එම ව්‍යාපාරිකයා වැඩි වශයෙන් පකිස්තානය සමඟ ගනුදෙනු කරන්නෙකි. අල පමණක් නොව, විවිධ ඉලෙක්ට්‍රෝනික් උපකරණද ඔහු විටින් විට මෙරටට පකිස්තානයේ සිට ගෙන්වනු ලබයි.
මෙම අල කන්ටේනරය කොළඹ වරායට සේන්දු වන්නේ දින කිහිපයකට පෙරය. එම කන්ටේනරය කොළඹ වරායට සේන්දු වූ මොහොතේ සිටම ඒ ගැන විශේෂ අවධානයකින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඇස ගසාගෙන සිටියේ ඒ තුළ රුපියල් කෝටි සියයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ලැබී තිබුණු තොරතුරකට අනුවය. ඒ තොරතුර ලැබෙන්නේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුටය. පසුගිය කාලය පුරාවට ඔහුට ලැබුණු ඔත්තුවලින් අල්ලාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 1000කට වැඩිය. මෙරට 2015 සහ 2016 වසරවලදී මෙරටින් අල්ලාගත් සීනි කන්ටේනර්වල සඟවා කොකේන් රැගෙන ඒමේ ජාවාරමද මුලින්ම හෙළිකරගන්නේ ඔහුට ලද ඔත්තුවකට අනුවය.
මෙම නිලධාරියාට ලැබී තිබුණු තොරතුරුවලට අනුව මෙම අල කන්ටේනරයේ ආනයනකරු වන මුස්ලිම් ජාතික ප්‍රකෝටිපතියා අල අස්සේ මෙරටට රැගෙන ආ පළමු මත්කුඩු තොගය වන්නේ මෙය පමණක් නොව, මෙයට පෙර ඔහු අවස්ථා ගණනාවකදීම අර්තාපල් අස්සේ මත්කුඩු තොග පිටින් මෙරටට රැගෙන විත් ඇත්තේ රේගුවේද ඇස් වසාය. මෙවරත් ඔහු සූදානම් වූයේ රේගුවේ ඇස් වසා මත්කුඩු තොගය සැඟවූ අර්තාපල් කන්ටේනරය රේගු අංගණයෙන් පිටතට ගන්නටය. ඒ සදහා ඔහුටම ආවේණික ක්‍රම වේදයක්ද ක්‍රියාත්මකය. එම ක්‍රමවේදය ඔස්සේ ඔහු 12 වැනිදා කන්ටේනරය ඔරුගොඩවත්තේ රේගු අංගණයෙන් පිටතට ගත්තේ නියමිත බදු මුදල්ද ගෙවාය. කන්ටේනරය රැගෙන යෑමට නියමිත වූයේ වෙන්නප්පුවේ ආරක්ෂක ගබඩාවකටය. අර්තාපල් අස්සේ සැඟවූ මත්කුඩු වෙන් කිරීම සිදුවන්නේ එහිදීය. එම ගබඩාව ගැනද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කල්තියාම තොරතුරු දැන සිටියේය.

කන්ටේනරය රේගු අංගණයේ සිට වෙන්නප්පුවට රැගෙන යෑමට යොදා ගනු ලබන්නේ එස්.ඒ. වෙල්ගම සහ සමාගමට අයත් කන්ටේනර් පෙට්ටි ප්‍රවාහනය කරන රථයකි. එය කුලියට ගත් එකක් මිස එම සමාගමේ බලධාරීන් අර්තාපල් කන්ටේනරය තුළ ඇති මත්කුඩු ගැන හාංකවිස්සියක්වත් දැන සිටියේ නැත. එසේ දැන සිටියේ නම් ඔවුන් කිසිසේත්ම එම කන්ටේනරය ප්‍රවාහනය කිරීමට භාර ගන්නේද නැත. බොහෝ විට ඒ තොරතුර පොලිසියට ලැබෙන්නේ එම ප්‍රවාහන සමාගම හරහාය.
ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් කන්ටේනරය පටවාගත් රථය පිටතට එන්නේ එදින දහවල් කාලයේදීය. එහි ගමන් මඟ වැටී තිබුණේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ වෙන්නප්පුව බලා ගමන් කරන්නටය. ඒ වන විට පකිස්තානු ජාවාරම්කරුද සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සිටියේය. පකිස්තානයේ සිට මෙරටට එම කන්ටේනරය පටවන්නේ ඔහුය.
මෙම කන්ටේනරයේ මෙරට නියෝජිතයා වන ප්‍රකෝටිපති මුස්ලිම් ජාතිකයා විවාහ වී සිටින්නේ පකිස්තානු ජාතික කාන්තාවක් සමඟිනි. ඔහුට දරුවන් තිදෙනෙකි. දියණියක් සහ පුතුන් තිදෙනෙක් ලෙසිනි. ඒ අය පකිස්තානු පුරවැසියන්ය. මෙම ප්‍රකෝටිපතියාද පකිස්තානු පුරුවැසිභාවය ලබා සිටින ද්විත්ව පුරවැසියෙකි. දියණිය සහ බිරිය සමඟ ඔහු පදිංචිව සිටින්නේ වැල්ලවත්තේ පිහිටි සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයකය. සෙසු දරුවන් දෙදෙනා සිටින්නේ සිංගප්පූරුවේ සහ මලයාසියාවේය. මේ සියලු කරුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ ක ාර්ය බළකාය සතු විය.
කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු අංගණයෙන් පිටතට ගන්නා විටත් එම පකිස්තානුවා සිටියේ රේගු අංගනය ආසන්නයේ රැඳෙමිනි. ඒ සුඛෝපභෝගී මෝටර් රථයක නැඟීය. ඒ කිට්ටුව පාතකම තවත් මෝටර් රථයක නැඟී මෙරට නියෝජිත ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා රැදී සිටියේය. කන්ටේනරය රේගු අංගණයෙන් පිටතට පැමිණ ගමන් කරන විට එහි පිටුපස සහ ඉදිරිපසින් ගමන් කරන්නට වූයේ මෙම ජාවාරම්කරුවන් දෙදෙනාගේ මෝටර් රථය.
කන්ටේනරයට ටික දුරක් නිදහසේ යන්නට දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය බලා සිටින්නට විය. ජාවාරම්කරුවන් ඒ වන විටත් සිටියේ සතුටින් ඉපිලීය. ඒ ගැටලුවක් නොමැතිව කෝටි ගණනක් වටිනා මත්කුඩු තොගය රැගත් කන්ටේනරය වරායෙන් පිටතට ගැනීම නිසාය. ඒ වෙනුවෙන් දූෂිත රේගු නිලධාරීන්ට ලබාදුන් දොළ පිදේනි ගැන දැන සිටියේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා පමණි.

අධිවේගයෙන් පිටතට පැමිණ කන්ටේනරය මීගමුව පසුකර ඉදිරියට ගමන් කරන්නට වූයේ හලාවත මාර්ගය ඔස්සේය. එහෙත් එම රථ පෙළට කොච්චිකඬේ පසුකරන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩ දුන්නේ නැත. වහාම කන්ටේනරය සිය භාරයට ගත්තේ පසුපසින් පැමිණ පකිස්තානුවාද සමඟිනි. ඒ ඇසිල්ලෙන් ඉදිරිපසින් ගමන් කළ ප්‍රකෝටිපතියා පැන ගත්තේය.
අඩි 40ක කන්ටේනරයක් පරීක්ෂා කරන්නට තරම් ඉඩකඩක් ඇති ස්ථානයක් ඒත් එක්කම සොයන්නට ගත්තේය. ස්ථාන කිහිපයක් තිබුණත් ඒ සෑම ස්ථානයකම ආරක්ෂාව පිළිබඳව ඇතිවන්නේ ගැටලුවකි. එබැවින් තීරණය වන්නේ කොච්චිකඬේ නගර සභා ක්‍රීඩාංගණයට රැගෙනගොස් කන්ටේනරය පරීක්ෂා කරන්නටය.
ඒ අනුව 12 වැනිදා සවස කන්ටේනරය පරීක්ෂා කිරීමේ කටයුත්ත අරඹන්නේ දැඩි ආරක්ෂාවක් යොදවමිනි. කන්ටේනරයේ පටවා තිබුණු අල ගෝණි එකිනෙක පිටතට ගෙන පරීක්ෂා කරන්නට විය. හෙරොයින් තොග හසුවන්නේ අර්තාපල් ගෙඩි ආකාරයට ප්ලාස්ටික්වලින් සකස් කළ ව්‍යාජ අර්ථාපල් තුළ සඟවා තිබියදීය. මැදියම් රැය වන තුරුම එම කන්ටේනරය පරීක්ෂාවට ලක්විය. ඒ තුළ තිබී හෙරොයින් පුරවන ලද අර්තාපල් විශාල ප්‍රමාණයක් සොයා ගත්තේය. අවසානයේදී එම අර්තාපල් අස්සේ සඟවා තිබුණු හෙරොයින්වල බර කිරා බැලීමේදී පෙනී යන්නේ කිලෝ 105ක් ඒ තුළ ඇති බවය.
ඒ අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැටලීම් මාලාවක් දියත්කරමින් තිබුණේ පලාගිය ප්‍රකෝටිපතියා අල්ලා ගන්නටය. මුලින්ම අල්ලාගන්නේ ඔහුගේ පකිස්තානු බිරිය සහ දියණියයි. ඒ අය අත්අඩංගුවට ගැනීමත් සමඟ ව්‍යාපාරිකයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාරවන්නේ පලාගොස් පලක් නොවන බව වටහාගෙනය. අනතුරුව මෙම ජාවාරමට සම්බන්ධව සිටි තවත් මුස්ලිම් ජාතිකයෙක් සහ සිංහලයින් 06 දෙනෙක්ද අත්අඩගුවට ගත්තේය. ඒ මෙරට මත්කුඩු ජාලයේ තවත් එක් පුරුකක් බිඳ දමමිනි.
මේ ආකාරයට අර්තාපල් තුළ සඟවා ජාවාරම්කරුවන් මෙරටට මත්කුඩු රැගෙන එන්නේ කලක සිටය. 2010 වසරේ ඔක්තෝබර් 10 වැනිදාද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එකල සේවයේ නිරතව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාද අර්තාපල් තුළ සැඟවූ මත්කුඩු කන්ටේනරයක් අල්ලා ගත්තේය. එදාත් එම අර්තාපල් කන්ටේනරයේ මත්කුඩු සඟවා තිබුණේද මේ ආකාරයටමය. එම කන්ටේනරයෙන් එදා හෙරොයින් කිලෝ 40ක් සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් වූ නඩු විභාගය වසර හතක් පුරාවට ඇදී ගියේය. එදාත් මෙම ජාවාරමට පකිස්තානුවෙක් සම්බන්ධව සිටි අතර ඔහුවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත්තේය. එම නඩු විභාගය හමාර වන්නේ පකිස්තානුවා ඇතුළු ජාවාරමට සම්බන්ධව සිටියවුන්ට මරණීය දණ්ඩනය නියම වෙමිනි.

SendShareShare
Previous Post

කොරෝනාව ලංකා‌වෙ ආර්ථිකයත් විනාශ කරයිද? මහාචාර්යවරු ‌දෙන්නෙක් මව්රටට කියපු කතාව ‌මෙන්න

Next Post

මේ තමයි ඒ ලීලසේන

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.