• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‌ප්‍රබල දේශපාලකයන් ගැන ‌ෆොන්සේකා කරපු ‌මහා හෙළිදරව්ව

March 15, 2020
in News, Politics
Reading Time: 14 mins read
A A
පාස්කු ප්‍රහාරයට ගෑවුණු ‌ප්‍රබල දේශපාලකයන් ගැන ‌ෆොන්සේකා කරපු ‌මහා හෙළිදරව්ව
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය ගැන සොයා නිර්දේශ ඉදිරිපත් කෙරුණු තේරීම් කාරක සභාවේ ඒ පිළිබඳව සිටි ඉතාම සුදුසු සාමාජිකයා තිස් අවුරුදු යුද්ධය අවසන් කළ යුද හමුදාපතිවරයා වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව අවිවාදාත්මක පිළිගැනීමය.
සාක්‍ෂිකරුවන් දුන් සාක්‍ෂි පාදකකර ගනිමින් ඒ මහතා සිය අත්දැකීම් හා විවේක බුද්ධිය අනුසාරයෙන් ගොඩනැඟූ තර්කානුකූල නිර්දේශ සහ නිගමන ඇතුළත් පිටු පනහකින් (50) යුතු වාර්තාවක්ද එම ප්‍රධාන වාර්තාවේ ඇමුණුමක් ලෙස ඈඳා තිබිණි.
විවාදාත්මක වන සෙයකින් වාර්තාවට ඇමුණුමක් වශයෙන් තිබුණු එම පෞද්ගලික වාර්තාවෙන් සිද්ධිය පිළිබඳ වගකිවයුතු පුද්ගලයන්ගේ සහ අංශවල අතපසුවීම්, වගකීම් විරහිත භාවයත්, නොසැලකිලිමත් භාවයන්ද, තක්සේරු කර නිර්දේශිත නිර්දේශ හා නිගමනයන් කෙරෙහි අවධානයක් හෝ යොමුවිය යුතුව තිබුණත් එසේ නොවීම අභාග්‍යයකි.
ප්‍රහාරය සිදුවූ අවධියේ මාධ්‍යවලින් අඩුතරමින් සමාජ මාධ්‍යවලින් පවා දක්නට ලැබුණු උනන්දුව හෝ වාර්තාව කෙරෙහි දක්නට නොවිණි. එපමණක් නොව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ සිය වාර්තාව පිළිබඳව මාධ්‍ය හමුවක් හෝ පවත්වා මහජනතාව දැනුවත් කළේද නැත.
ප්‍රහාරය පිළිබඳව වාර්තාවේ කරුණු නිර්දේශ නිගමන ආදිය දැනගැනීම මහජනතාවගේ අයිතිය බැවින් පසුගිය ඉරිදා අපේ පුවත්පත ඉදිරිපත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සාක්‍ෂියෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සකසා ගත් කරුණුය. එම වාර්තාවේ සෙසු කරුණුද මහජනයාගේ දැනුවත් වීම සඳහා ඉදිරිපත් කරන බව අපි ප්‍රකාශ කළෙමු.
ඒ අනුව එම වාර්තාවේ දේශපාලන සාක්‍ෂිකරුවන් කිහිප දෙනකුගේ සාක්‍ෂි අනුව සැකසුණු නිගමන නිර්දේශ මෙසේ ඉදිරිපත් කරමු.

රනිල් කියපු කතාව පිළිගන්න බෑ

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (49 වැනි සාක්‍ෂිකරු)

  1. බෝම්බ පිපිරීමෙන් පසුව ආරක්‍ෂක ප්‍රධානීන්ට, ආරක්‍ෂක ලේකම්ට හා පොලිස්පතිට අග්‍රාමාත්‍යතුමන් හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔවුන් නොපැමිණීම විශාල විනය විරෝධී ක්‍රියාවක් වන්නේය. ආරක්‍ෂක ලේකම් පැවසුවේ එසේ නොයන ලෙසට ජනාධිපතිතුමන් උපදෙස් දුන් බවය.
  2. අග්‍රාමාත්‍යතුමන් පවසන අන්දමට, ආරක්‍ෂක මණ්ඩලය නිසි පරිදි නිසි ආකාරයට පවත්වා නොමැති අතර, ඇතැම් විට මාසයකට වරක් පවත්වා ඇති අතර, සමහර මාසවල එක් වරක් හෝ රැස්වී නොමැති අවස්ථාද තිබිණි. මෙයින් පෙනෙන්නේ ආරක්‍ෂාව ගැන ජනාධිපතිතුමන් නිසි ප්‍රමුඛත්වයදී ක්‍රියා නොකළ බවය.
  3. 2018 ඔක්තෝබර් 26 දේශපාලන අර්බුදයෙන් පසුව ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම් කෙසේවත් පැවැත්වූවාද යන්න ප්‍රශ්නයකි. 2019 පෙබරවාරි මාසයේ පමණක් එක් රැස්වීමක් පවත්වා ඇත. ඊට පසු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වන තෙක්ම ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම් පවත්වා නොමැත.
  4. අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රකාශයට අනුව 2018 ඔක්තෝබර් 26 දිනෙන් පසුව, ජනාධිපතිතුමන් විසින් අග්‍රාමාත්‍යතුමා ආරක්‍ෂක මණ්ඩලයේ වැඩකටයුතුවලට හෝ කතාබහට සහභාගි කර නොගත් බව පෙනී යයි.
  5. එංගලන්තය, ඉන්දියාව වැනි රටවල නීතිය හා සාමය අමාත්‍ය තනතුරට එම රාජකාරි ගැන අත්දැකීම් තිබෙන අය පත්කර ඇති බව අග්‍රාමාත්‍යතුමා විසින් පිළිගනු ලැබුවේය. එම රාජකාරි ගැන අත්දැකීම් තිබෙන අය සිටියේ නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිව තිබුණු බව අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශ කළේය.
  6. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන් හා පොදුවේ ආරක්‍ෂක අංශ මුස්ලිම් අන්තවාදය පිළිබඳව කතාබහ කරමින් සිටියා මිසක එය ත්‍රස්තවාදය බවට හැරෙන බව තේරුම් ගෙන කටයුතු කර නොමැති බව පෙනී යන අතර, එම තත්ත්වය අග්‍රාමාත්‍යතුමන් විසින්ද පිළිගන්නා ලදී.
  7. ආරක්‍ෂක යාන්ත්‍රණය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවුණු බැවින්, බෝම්බ පිපිරීම් සිදුවුණද අපට නිසි තොරතුරු ලැබී නොතිබිණි.
  8. සහරාන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වුවද අදාළ බුද්ධි අංශ ඒවා ගැන අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට අපොහොසත්වී තිබිණි. රාජ්‍ය බුද්ධි සේවා හා එහි ප්‍රධානියා ඒ සම්බන්ධයෙන් අසමත්වී තිබේ නම් හා රාජ්‍ය බුද්ධි සේවාව අසාර්ථක නම්, එහි ප්‍රධානියා ඒ ගැන වගකීම දැරිය යුතුය.
  9. ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් විසින් ත්‍රස්තවාදීන් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන අවසාන යැයි පැවසීම පිළිගැනීමට නොහැකි වාතාවරණයක් තවමත් පවතියි. මෙය මෙසේ නොවේ යැයි පැවසීමට අග්‍රාමාත්‍යතුමන්ටද නොහැකි විය.

ආරක්ෂක පිළිවෙත් අනුගමනය කර නෑ

රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන (50 වැනි සාක්‍ෂිකරු)

ඔහුට පවරා දී තිබුණේ හමුදා පුහුණු මධ්‍යස්ථාන, රක්නා ලංකා ආරක්‍ෂක සමාගම, රණවිරු සේවා අධිකාරිය, සිවිල් ආරක්‍ෂක බළකාය හා ශිෂ්‍යභට බළකාය පමණක් නමුත්, පාර්ලිමේන්තුවේදී රටේ ආරක්‍ෂාවට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහුට සිදුවීම නොගැළපෙන කරුණක් වන අතර, ආරක්‍ෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී පිළිතුරු දීමේ පිළිවෙත හොඳින් සිදුනොවූ බව පෙනී යයි.

රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා පවසන ආකාරයට ආරක්‍ෂක ලේකම්වරුන් පවා වසර පහක් ඇතුළත පස්වතාවක් මාරු වූ බැවින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය දුර්වල ආකාරයෙන් වූ බව පෙනේ.

ජනාධිපතිතුමන් රටෙන් බැහැරවන සමහර අවස්ථාවලදී රාජ්‍ය අමාත්‍යවරයාට වැඩ බැලීමට පවරා නොගිය බව ඔහු ප්‍රකාශ කළේය. මෙය ඉතාම ප්‍රබල ලෙස ජාතික ආරක්‍ෂාවට බලපාන ප්‍රශ්නයකි. ජනාධිපතිතුමන් මෙම පැහැර හැරීම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු වන්නේය.

ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම් ස්ථිර කාල වකවානු තුළ නොපැවැත්වූ බවත්, ආරක්‍ෂක මණ්ඩලයේදී 2018 ඔක්තෝබර් මාසයට පෙර කිසිවිටෙකත් සහරාන්ගේ ක්‍රියාකාරකම් ත්‍රස්ත ක්‍රියාකාරකම් ලෙස හඳුනාගෙන ඒවා මැඬලීමට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා නොදුන් බවක් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට ත්‍රස්ත විරෝධී මෙහෙයුම් හෝ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලතල ලබාදී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තේය. මෙය නිවැරැදි කළ යුතු කරුණකි.

දැනගත යුතු දේවල් දැන සිට නෑ

හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක (2018 මාර්තුවලට පෙර)
(51 වැනි සාක්‍ෂිකරු)

රාජ්‍ය බුද්ධි සේවය (එස්.අයි.එස්.) පොලිසියේ කොටසක් වුවද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ තිබුණු බව ඔහු ප්‍රකාශ කළේය. එනමුත්, රාජ්‍ය බුද්ධ සේවය ආරක්‍ෂක අමාත්‍යාංශයේ කා වෙත වාර්තා කළේද යන්න තමන් නොදන්නා බවද ඔහු පවසා සිටියේය. මෙම ක්‍රියා පිළිවෙළ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා දැනගත යුතුව තිබිණි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට අදාළ විෂයයන් ගැන පසුබිම් දැනුමක් ඔහුට තිබුණේ නම් පහළ නිලධාරීන්ගේ උපදෙස් මත නොරැඳී ඔවුන් මෙහෙයවීමට හැකි බව අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබීය. මෙවැනි අමාත්‍යවරුන් පත්කිරීමෙන් එම දැනුම නොමැති අය පත්කිරීම නිසා වගකීම්වල උපරිම දායකත්වය ලබාගැනීමට නොහැකි විය.

අමාත්‍යතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළද, සහරාන් ත්‍රස්තවාදියකු ලෙසට හඳුනා ගැනීමට හෝ හැකියාවක් නොතිබුණු බවත්, ආගමික අන්තවාදියකු ලෙසට පමණක් සැලකුණු බවක් ප්‍රකාශ කළේය. මෙය ආරක්‍ෂාව භාර අයගේ අසාර්ථක බවකි. තවද, සහරාන් ගැන සෙවීමට උපදෙස් දුන්නා යැයි පැවසුවද, මොනයම් වේලාවක හෝ සහරාන් අත්අඩංගුවට ගැනීමට හෝ විනාශ කිරීමට උපදෙස් දුන් බවක් ප්‍රකාශ නොවන අතර, පොලිසියේ උපරිම ශක්තිය යෙදවීමට අමාත්‍යතුමා ලෙස කටයුතු නොකර පොලිස්පතිවරයා මත පමණක් රැඳීමෙන් පෙනෙනුයේ අමාත්‍යවරයාගෙන් ලැබිය යුතු නායකත්වය නොලැබුණු බවය.

තීන්දු අරගෙන නෑ

හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර (2018 මාර්තු සිට ඔක්තෝබර් දක්වා) (52 වැනි සාක්‍ෂිකරු)

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සිටි මාස 7ක කාලය ඇතුළත ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි වූයේ තුන් වතාවක් පමණක් යන්න අසතුටුදායක තත්ත්වයකි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයන් දෙදෙනාම ඉදිරිපත් කළේ මෙම අමාත්‍යාංශයට පූර්ණකාලීන ඇමැතිවරයකු සිටිය යුතු යන මතයයි. මෙය රජය පාර්ශ්වයෙන් සිදුවූ වරදක් බව පෙනේ.

පූර්ණකාලීන අමාත්‍යවරයකු නොසිටි බැවින් ත්‍රස්ත මර්දන මෙහෙයුම් අසාර්ථක විය යන මතය අමාත්‍යවරයාද අනුමත කරන ලදී.

කෙසේ වෙතත්, සහරාන් අල්ලා ගැනීමේ අත්‍යාවශ්‍ය බව තේරුම් ගෙන විශේෂ මෙහෙයුම් හරහා සහරාන්ව අත්අඩංගුවට ගැනීමට හෝ විනාශ කිරීමට අදාළ තීන්දු තීරණ ගැනීම අමාත්‍යවරයාගේ මට්ටමෙන් සිදුවී නොමැත. අවම වශයෙන් මෙම අවශ්‍යතාව සඳහා විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) යෙදවීමට හෝ තීරණයක් ගැනීම අමාත්‍යවරයාගේ මට්ටමෙන් සිදුවී නොමැත.

වගකීමෙන් තොරව කතා කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (26 වැනි සාක්‍ෂිකරු)

දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන අන්දමට බෝම්බ පුපුරවා ගැනීමට ටාජ් සමුද්‍ර හෝටලයට ගිය ත්‍රස්තවාදියා නැවැත හැරී ගිය බව ඔප්පු කිරීමට නොහැකිය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයා (ඩී.අයි.ජී.-සී.අයි.ඩී.) පැවසුවේ සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව පෙනෙන ආකාරයට ත්‍රස්තවාදියා බෝම්බය පුපුරවා ගැනීමට උත්සාහ දැරුවත් කිසියම් හේතුවක් නිසා බෝම්බය පුපුරා නොගිය බවයි. එබැවින් එම ප්‍රකාශය මන්ත්‍රිවරයා වගකීමකින් තොරව කරන ප්‍රකාශයක් ලෙස දැක්විය හැකිය.

සාක්‍ෂි දෙන අතරතුරදී මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස විදේශීය බලවේග සිටින බව ඔප්පු වෙමින් පවතින බව පැවැසුවද, මවිසින් දිගින් දිගටම හරස් ප්‍රශ්න ඇසූ විට එම කරුණ සනාධ කිරීමට නොහැකි විය. මෙය ඇතැම් විට, සිතින් මවාගත් කරුණක් පවසමින් සියල්ලන් නොමඟ යැවීමට කරන උත්සාහයක් ලෙසද පෙනී යයි.

මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ, විරුද්ධ පක්‍ෂයේ වුවද, ජනාධිපතිතුමන්ට අවශ්‍ය නම් ඕනෑම අයකු ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමකට කැඳවිය හැකි බවය. ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීම්වලදී ආරක්‍ෂක කටයුතු පිළිබඳව රහස්‍ය තොරතුරු සාකච්ඡා කරන බැවින් එය කවර ආකාරයකින් වුවද සදාචාරාත්මක නොවේ. ජනාධිපතිතුමන් මෙවැනි ක්‍රියාවලියන් නිසා ආරක්‍ෂක ප්‍රධානීන් අපහසුතාවයනට පත්කර ඇති බව පෙනී යයි.

චෝදනා පිළිගන්න බෑ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්
(21 වැනි සාක්‍ෂිකරු)

විශ්‍රාමික පරිපාලන නිලධාරි මයුනුදීන්ගේ පුත්‍රයා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත්කල ඔහු මුදා ගැනීම සඳහා යුද හමුදාපතිවරයාට කතා කළාද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා දුන් පිළිතුර වූයේ ‘ඔහුගේ පියාට අවශ්‍ය වූයේ තම පුතා සිටින්නේ කා ළඟද යන්න සහ ජීවතුන් අතර සිටින්නේද යන්න දැනගැනීමට’ බවත්ය. මුදාගැනීමක් පිළිබඳව හිටපු අමාත්‍යවරයා විමසීමක් නොකළ බව යුද හමුදාපතිවරයා විසින්ද පිළිගන්නා ලදී. එසේ හෙයින්, තව වසර එකහමාරකින් කතා කරන ලෙසට යුද හමුදාපතිවරයා විසින් පැවසීම අදාළ කරුණක් නොවේ.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවේ සඳහන් චෝදනාවල සත්‍යතාවක් නොමැති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දී තිබිණි.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව තිබූ විශ්වාස භංග යෝජනාවේ, හිටපු අමාත්‍යතුමාගේ උපදේශකයකු ලෙස කටයුතු කරන මවුලවිවරයකු ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බැවින් අත්අඩංගුවට ගෙන ඇති බව කර තිබෙන සඳහනෙහි සත්‍ය අසත්‍යතාව ගැන විමසූ විට හමුදාපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ වේදිකාවක කථා කළ මවුලවිවරයකු පිළිබඳව පරිගණක සී.ඩී. තැටියකින් පෙන්වා එම චෝදනාව ඇත්තේ එකී මවුලවිවරයාට බවයි. මෙම මවුලවිවරයා රිෂාඞ් බදියුදීන් මහතාගේ ආධාරකරුවකු නොව අතිගරු ජනාධිපතිතුමන්ගේ ආධාරකරුවකු බව මෙයින් පෙනී යයි.

අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් සිංහල බෞද්ධ ආභාසයෙන් මේ රටේ සංස්කෘතිය ගොඩනැඟී ඇති බවට කළ ප්‍රකාශය පිළිබඳව මතය විමසූ විට තමන්ද එම අදහස පිළිගන්නා බව රිෂාඞ් බදියුදීන් මහතා පවසා සිටියේය.

සකස් කළේ චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සසර ගමනේ ස්වභාවය

Next Post

අනතුරක්ද-රැග් එකක්ද: ජපුරේ ‌මොකද වුණේ?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.