• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලන්කන් අමු පිස්සුවක් නටයි! නේපාලයට යන්න උදේ 7.15ට යානයට නග්ගපු මගීන් දවල් 11ට යානයෙන් බස්සවයි! අන්තිමේදී ගුවන් ගමන් 2ක්ම කැන්සල් කරයි! මගීන් කටුනායක යකා නටයි! ඇමැති සිසිර ජයකොඩිත් බස්සපු මගීන් අතර! VIDEO I Sri Lanka Latest News

October 1, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
බංකොලොත් ශ්‍රී ලන්කන් තවත් යානා 21ක් ගන්න සූදානම් වෙයි! මහ විහිළුවක්! ආණ්ඩුවේ මන්ත්‍රීම ට්විටර් පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

නේපාලයේ කත්මන්ඩු නුවර බලා අද (01) උදෑසන පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානයක ගමන් වාරය අවලංගු වීමෙන් මගීන් 200ක් පමණ දැඩි අපහසුතාවට ලක්ව තිබුණි.Sri Lanka Latest News

මගීන් අතර සිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වූ බවය.

ශ්‍රීලන්කන් ගුවන් ගමනක් අදත් මෙලෙස අවලංගු වූයේ මෙරට ගුවන්යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව ඇති පසුබිමකය.

ශ්‍රීලන්කන් ගුවන් ගමන් වාර ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ දිනවල රට තුළ මතුව ඇත්තේ දැඩි කතාබහකි.

මීට දෙදිනකට පෙර ද ගුවන් යානා ප්‍රමාදයක් සිදු වූ අතර එහිදී ගුවන්තොටුපොළ තුළ ඇතිවූ නොසන්සුන්තාව සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම එදින සඳහන් කළේ යානා කිහිපයක එකවර තාක්ෂණික දෝෂ මතුවීම හේතුවෙන් ප්‍රමාදය සිදුවූ බවය.

අද මෙම අවලංගු වීම සිදුවුයේ එවැනි පසුබිමක් තුළය.

අද එලෙස ප්‍රමාද වූයේ UL 181 දරණ ගුවන් යානයයි.

එම යානය අද පෙරවරු 8.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ගුවන් මගීන් පෙරවරු 07.15ට පමණ ගුවන් යානයට ඇතුළු කර තිබුණත් පෙරවරු 11.00 වන තෙක්ම යානය ගමන් ආරම්භ කර තිබුණේ නැත.

ප්‍රමාදයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි මගීන් එය පටිගත කර තිබූ දර්ශන කිහිපයක් ද දැකගත හැකි විය.

මෙහි කාර්මික දෝෂයක් නිසා වෙනත් ගුවන් යානයක් ලබාදෙන බව පැවසූවත් එය ද සිදු නොවුණු බවට මගීන් චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් දෙස් විදෙස් මඟීන් රැසක් ගුවන්තොටුපොළේදී සිය අප්‍රසාදය පළ කළේය.

කෙසේ වෙතත් පැය ගණනක ප්‍රමාදයෙන් පසු එම ගුවන් ගමන අවලංගු කර තිබුණි.

රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදවීම් පිළිබඳ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයෙන් අප විමසුමත් කළේය.

එහිදී ඔවුන් පැවසුවේ ගුවන් ගමන් ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීමට හෙට පෙරවරු 9.30ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවය.

ඊට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතය.

SendShareShare
Previous Post

ලෝකෙටම ආදර්ශයක් දී වැලිකන්දේ පන්සලක් ළමා දිනය සමරයි! අවුරුද්දක් තිස්සේ පන්සලට ලැබුණු පිරිකර විකුණා ගමේ දුප්පත් දරුවන් 200කට තෑගි අරන් දීලා! Sri Lanka Latest News

Next Post

මුලින්ම සිනොපෙක් වැඩි කළා! ඔන්න සිපෙට්කෝ-IOC එකත් ඩීසල්-පෙට්‍රල් ඔක්කොම වැඩි කරයි!  I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.