පන්සලට ලැබෙන පිරිකර අලෙවි කර ලබාගත් මුදලින් ලෝක ළමා,වැඩිහිටි දිනයදා වැලිකන්ද අලුත්වැව ගම්මානයේ දරුවන් විහාරස්ථානට ගෙන්වා දරුවන් සියලු දෙනාට ත්‍යාග ලබාදී පෝෂදායි ආහාර වේලක් ලබාදීමට වැලිකන්ද අලුත්වැව ශ්‍රී සීලාලංකාර මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පිටිපන කවීශ්වර නාහිමියෝ කටයුතු කළහ. (Sri Lanka Latest News)
මෙම වැඩිසටහනට දරුවන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
ඉතා දුෂ්කර දිවි පෙවතක් ගතකරන ජනතාවක් සහිත අලුත්වැව ගම්මානය වන අලි ගැටලුවලට මුහුණ දෙන, අඩු ආදායම්ලාභී පවුල් විශාල පිරිසක් ජීවත්වන ගම්මානයකි.
මේ වැඩසටහන සඳහා පිරිවැය සොයාගත්තේ තමන්ට ලැබී තිබූ සියලු පිරිකර අලෙවි කිරිමෙන් බව පිටිපන කවීශ්වර හිමියෝ සඳහන් කළහ.
මීට අමතරව ගම්මානයෙන් පැමිණි වැඩිහිටියන් සඳහාද පෝෂදායී ආහාර වේලක් ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ. මෙම වැඩසටහනට ගම්මානයේ බාල, තරුණ, මහළු සියලු දෙනාගේම සහයෝගය ලැබී තිබිණි.
lankasara










