• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නන්දා කැන්දා දඟගෙයි දාමූ… මේ ගී සේරම තහනම් කරමූ I Sri Lanka Latest News

September 27, 2023
in Exclusive, Heart, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නන්දා එල්ලමු. මේක තමයි අද මාතෘකාව. නන්දා මාලනියට දඬුවම් කළ යුතුයි. අපි එළිපිටම කියනවා. කොන්ද කෙළින් තියාගෙන කියනවා. ඔයාලා කලබල වෙයි, ඇයි නන්දා මාලනියට දඬුවම් කරන්නේ කියලා. නන්දා මාලනිය එදා ඉඳන්ම ඔහොමයි. හොඳ පරිප්පුවක් කන්න ඕනෙ කියන එකයි අපේ අදහස. නන්දා මාලනියට තියෙන්නේ තමන්ගේ පාඩුවේ සින්දුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්න. ෂෝ එකකට ගිහින් කීයක් හරි හොයාගන්න.(Sri Lanka Latest News)

එහෙම ගියාම ඉතින් ලොකු ගානකුත් දෙනවනේ. ඕනෙ නම් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරලා නන්දා මාලනියට පුළුවන් තානාපති සේවයට වගේ එකකට එකතු වෙන්න. හොඳ රටකට වුණත් ඇයට යන්න බැරිකමක් නෑ. එහෙම රටකට ගියාට පස්සේ සින්දුවක් කියාගෙන පොඩ්ඩක් විනෝදෙන් ඉන්න පුළුවන්. මම කියන්නේ මාලදිවයින වගේ රටකට නෙවෙයි, ඊට වඩා හොඳ රටකට.

ඒ වගේම නන්දා මාලනියට ඕනෙ නම් පුළුවන් පළාත් ආණ්ඩුකාරකමකට යන්න. සුදු ඇඳුමක් අඳින නිසා, දේශපාලනයත් එතුමියට ගැළපෙන්නේ නැත්තේ නෑ. ඇයි, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලගන්න. ඇත්තටම නන්දා මාලනිය වගේ කෙනකුට ජාතික ලැයිස්තුවට පොරකන්න ඕනෙත් නෑ. ඡන්දෙ ඉල්ලුවත් ඡන්ද නොලැබෙන්නේ නෑනේ. පළමු වතාවේ ලැබෙනවා. දෙවැනි වතාවේ තමයි ලැබෙන්නේ නැතිවෙන්නේ.

පබා පාර්ලිමේන්තු ගියා නම්, ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු ගියා නම් මොකද නන්දා මාලනියට බැරි? ඒක නිසා කරන්න පුළුවන් දාහක් දේවල් තියාගෙන මොනවද මේ නන්දා මාලනිය කරන වැඩ? නන්දා මාලනිය එදා ඉඳන්ම එහෙමයි. අපි නම් කෙළින්ම කියනවා. ඇත්තටම නන්දා මාලනිය එදා ඉඳන්ම කළේ මේ වගේ වැඩ කියලා.

‘පවන’ කියන ප්‍රසංගය අපි අහලා නැති බව ඇත්ත. පවන ප්‍රසංගය තහනම් කරනවනේ. පවනට විරුද්ධව දේශපාලකයෝ පෙරමුණට එනවා අභීතව. වීර සෙන්පතියෝ වගේ. හරියට යුද්ධයට නැති කඩුව කොස් කොටන්නටද වගේ කතාවක් කියනවා වගේ ඒගොල්ලෝ ඕනෙම වෙලාවේ යුද්ධයට එනවා කොන්ද කෙළින් තියාගෙන. ඇත්තටම එහෙම තමයි වෙන්න ඕනේ. මොකද හේතුව, මේ කොහේවත් ඉන්න තරුණ තරුණියන්ව කුලප්පු කරලා, උන්ව අවුස්සලා, තුන්හෙළේ කැලෑ තුළ සිංහ පැටවු නැත කියලා කිව්ව ගමන් උන් හිතුවා උන් තමයි සිංහයෝ කියලා.

ඒ වගේම රට ඇතුළේ තිබුනේ මොකක්ද, විප්ලවය, අරගලය, ඒක දිනන්න ඕනේ, පීඩිතයාගේ පීඩනය ගැන නන්දා මාලනිය සින්දු කිව්වා. එහෙම ඕනෙ නෑනේ. නන්දා මාලනියට තිබ්බනේ මහරජාණෙනි වගේ සින්දුවක් කරන්න. අපි දන්න තරමට නන්දා මාලනිය තවමත් එහෙම එක සින්දුවක්වත් කියලා නෑ. මෙච්චර මේ රටේ හොඳ පාලකයෝ හිටියා. නැත්තේ නෑ. නන්දා මාලනියට ඕනෙ නම් සහේලිද කවුද ගායිකාවක් කියන ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ එකේ රීමේක් එකක් කරන්න පුළුවන්.

නැත්නම් ඒ වගේ වෙන සින්දුවක් කරන්න පුළුවන්නේ. ඒ වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ සින්දුව තියෙන්නේ. ඒක තාමත් අපේ තුඩ තුඩ රැව්පිළිරැව් නැගෙන ගීතයක්. එහෙම ගීතයක් කියන්නේ නැතුව නන්දා මාලනීලා මේ රටේ මිනිස්සුන්ගේ දුක ගැන, ප්‍රශ්න ගැන, වේදනාව ගැන, කඳුළු ගැන, බඩගින්න ගැන සින්දු කියන්න පටන් අරගෙන. මේවා මේ වෙලාවේ නොවිය යුතු දේවල්. මොකද මේක රට සුඛිතමුදිත වෙච්ච සුරංගනා ලෝකයක් බවට පත්වෙච්ච කාලයක්.

බලන්න අපි කොච්චර සතුටින්ද කියලා. මේ ලිපිය ලියන වෙලාවේ මගේ ජංගම දුරකතනයට එනවා පණිවුඩයක්, හාල්මැස්සෝ මිල අඩුකරලා, සෝයාමීට් මිල අඩුකරලා. සමහර ඒවා රුපියල් 6කින්, රුපියල් 25කින්, රුපියල් 50කින් අඩුකරලා. මෙහෙම මිල අඩුකරපු රටක ඇයි මේ වගේ සින්දු කියන්නේ? ඇත්තටම මේ රටේ මිනිස්සු මැරෙනවද රෝහල්වල? රෝහල්වල මිනිස්සු මැරෙනවා තමයි.

අපේ ගරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමන්, එතුමන්ගේ අභීත සිංහ නාදය කරලා වීර වික්‍රමය පාලා පාර්ලිමේන්තුවේදී කිව්වා කියලා අපිට ආරංචි වුණා ඔය ඉස්පිරිතාල ඉස්සරහා මල්ශාලා හදලා තියෙන්නේ ඉස්පිරිතාලවල මිනිස්සු මැරෙන නිසා තමයි කියලා. ඇයි ඇමැතිතුමා ඔබතුමාට අමතක වුණාද? ඉස්පිරිතාලවල මෝචරියක් හදලා තියෙන්නෙත් ඉස්පිරිතාලවල මිනිස්සු මැරෙන හින්දනේ. නැත්නම් ඉස්පිරිතාලවලට මෝචරියක් මොකටද? එතුමා දන්න දේ මේ නන්දා මාලනීලට තේරෙන්නෙ නෑනේ.

අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ කලාකාරයෝ හරි උගත් කියලා. බලාගෙන ගියාම මේ මිනිස්සුනේ උගත්. අර අහිංසක මනුස්සයව එළවන්න පහුගිය දවසක විශ්වාසභංගයක්ද මොකක්ද එකක් ගෙනැල්ලා ඒ මනුස්සයා අයින් වුණා නම් මේ රටේ මිනිස්සුන්ට තේරෙයි. බහුජාතික සමාගමකින් කීයක් හරි ගත්තා කියලා, ඒවට කොමිස් කියන වචනය කියන එකත් වැරැදියි. ඇත්තටම මෙතැන වරද තියෙන්නේ මිනිස්සුන්ගේ වචනවල.

දේශපාලකයන්ගේ හිත් රිදවන්න හොඳ නෑ. මේ සින්දු අහද්දී දේශපාලකයන්ගේ හිත් රිදෙනවා. අපි දන්නවා මේ රටේ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු පාලකයන්ට මේවා පපුවටම දැනෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ වේදනාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. අවංක දේශපාලන ජනතා පුත්තුනේ මේ රටේ ඉන්නේ. එහෙම පාලකයන්ට රිදෙන විදියට සින්දු කිව්වම ඔයාලා හිතනවද මේක මේ හරි ලොකු වැඩක් කියලා?

අපිට ආරංචියි දයාසිරි ජයසේකර මහත්තයත් සින්දු කියලා. එතුමා නම් ඉතින් එදා ඉඳන්ම කරන්නේ සින්දු කියන එකනේ. ඒ මනුස්සයට වුණත් සත්‍යය වැටහෙන්න කල් ගියා. මතකනේ අර හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිව්වා, ආයෙ නෑ කිව්වා. එහෙම සත්‍ය වැටහෙනවා කාලයක් ගියාම ඕනෙම දේශපාලකයෙක්ට. මට මතකයි එක දේශපාලකයෙක් ලියුම්කරුත් එක්කම සාකච්ඡාවකට ඇවිල්ලා මොකක්දෝ නමක් කියලා කිව්වා මම නම් ඒ ජාතියේ මනුස්සයෙක් නෙවෙයි කියලා. ටික දවසකින් මෙන්න බලද්දී මේ මනුස්සයා අනිත් පැත්තට ගිහිල්ලා. ඒ තමයි සත්‍ය වැටහුණා.

කාලයක් ගියාම සමහරුන්ට සත්‍ය වැටහෙනවනේ. ඒ නිසා මම හිතන්නේ නන්දා මාලනියටත් සත්‍ය වැටහෙයි. නන්දා මාලනිය මේ වෙලාවේ කියලා තියෙන සින්දුවේ වචන ටික අපි ඔයාලට කියන්නම්. හැබැයි ඉතින් වාසනාවකට කිසිම මාධ්‍ය ආයතනයක් මේ මනුස්සයගේ මේ සින්දුව වාදනය කරන්න උත්සාහ කරන්නේ නෑ. මොකද එයාලා දන්නවා මේ වගේ උතුම් රටක සත්‍ය වැටහුණු මිනිස්සු ඉන්න රටක සුඛිත මුදිත දේශයක ප්‍රශ්න නැති මිනිස්සුන්ට, බඩගින්නේ ඉන්නවා, දරුවන්ගේ ප්‍රශ්න ගැන, අරවා මේවා ගැන සින්දු හදපුවාම ඒ මිනිස්සුන්ගේ හිත් ලෙඩ වෙනවනේ. ප්‍රශ්න ඇතිවෙනවනේ.

නන්දා මාලනීලට අවශ්‍ය කරන්නේ ඕක තමයි. එදා ඉඳන්ම නන්දා මාලනීලා කළේ රට ගිනිතියපු එක. මේ වතාවේ කරන්න හදන්නෙත් රට ගිනිතියන එක. හොඳ වැඩේ උන්දැලාට. මේවා නොදා ඉන්න එකම තමයි හොඳ රේඩියෝවල. මොකද තෙලෙන් කාලා කිරෙන් අත හෝදලා, කිරි පිටි පැකට් එක ඕනෙ වෙලාවට ගිහින් කඩෙන් අරගෙන, තෙල් නම් තෙල්, ගෑස් නම් ගෑස්, කරන්ට් එක නම් කරන්ට් එක. මේ සියල්ලම ඕනෙ තරම් තියෙන රටක පොත්පත්වල මිල හිතාගන්න බැරි තරමට අඩුවෙලා. කඩදාසි ඕනෙ තරම්.

වෙනදා බුක්ෆෙයාර් එකට ගියාම සාමාන්‍යයෙන් පොත් 10ක් 15ක් ගන්න රුපියල් 14,000ක්, 15,000ක් 20,000ක් යනවා. මේ සැරේ රුපියල් 1,500යි, 2,000යි. මම කියන්නේ පොතක මිල නෙවෙයි, පොත් 10ක මිල. ඒ තරමට පොත්වල මිල අඩුවෙලා. ඉතින් කොච්චර සුන්දරද මේ රට? හිතලා බලන්න. මේ රටේ තැන් තැන්වල වෙඩිතැබීම්, පිහි ඇනුම් වගේ දේවල් වාර්තා වුණා ඉස්සර. බොහොම ඈත කාලේ.

හැබැයි දැන් අහන්න තියෙනවද, දකින්න තියෙනවද ඒ වගේ සිදුවීමක්. තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත කියපු ගමන් අපට හිතෙනවා මේක හරි ජාතිකානුරාගයෙන් කියපු කතාවක් කියලා. එතන තියෙන්නේ ජාතිකානුරාගයක් නෙවෙයි ජෛව විවිධත්වය ගැන ගීතයක්. ඇත්තටම ලංකාවේ සිංහ පැටව් නෑනේ. ඒ හින්දා එහෙම එව්වා කිව්වට කමක් නෑ නන්දා මාලනී. හැබැයි මේ වගේ මිනිස්සු කුලප්පු වෙන විදියේ සින්දු කියනවා නම් වහාම පියවරක් ගන්න ඕනෙ කියන එකයි අපේ අදහස. ඇත්තටම මේ වගේ සින්දු රේඩියෝවල දාන්න හොඳ නෑ.

මේවා රේඩියෝවල දැම්මම වෙන්නේ මෙච්චර සැපපහසු දේශයක මෙච්චර සුරංගනා ලෝකෙක ඉන්න අපට එකපාරටම හිතෙන්න ගන්නවා, අපේ රට මහ නරක රටක්, අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා, මේක මහ කරුම රටක්, කන්න බොන්නවත් නෑ, මොනවද මේ වෙලා තියෙන්නේ, මේකෙන් ගොඩ එන්න අපට කවුරුවත් උදව් කරන්නේ නෑ, දේශපාලකයෝ කියන්නේ හොරු. මේ වගේ අදහස් අපට ඇතිවෙන්න පටන් ගන්නවා. එහෙම අදහස් ආවට පස්සේ වෙන්නේ මේ අහිංසක පාලකයන්ව එළවන්න අපට හිතෙන්න ගන්නවා.

පාලකයන්ව එලෙව්වට පස්සේ මේ පාලනය ජනතා හිතවාදී පාලකයන්ට ලබාදෙන්න ඕනෙ කියලා හිතෙනවා. මුන් අපිව ගසාකන බව, මංකොල්ල කන බව, මුන් අපේ රට විනාශ කරපු බව අපට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ නරක දේවල් හිතෙන්නේ නැතුව සතුටින් ඉන්න පුළුවන් නම් ඇයි අපි මේ නන්දා මාලනීගේ සින්දු අහන්නේ? කෝකටත් අන්තිමට දාන්නම්කෝ මොකක්ද ඔය අලුතෙන් හදපු සින්දුව කියලා. කැමැති නම් අහන්න, අකැමැති නම් නිකන් ඉන්න.

කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී
ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී
අකුරට යන පුතා මිරිවැඩි ඉල්ලන්නේ
දුවනිය පොතක් ගත හැකිදැයි විමසන්නේ
පොල් අතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ
මුතු ඇටයට උනේ මොකදැයි කියපන්නේ
තිස්තුන් කෝටියක් අපි දෙස බලනු මැනේ
යන්නට තැනක් නෑ මගෙ පැටවුන්ට අනේ
දෙනු මැන අපට එක වරමක් දොවා සෙනේ
වැටෙනෙමි නළල තබලා ඔබ දකුණු දනේ
කුසගිනි වැදී හඬනා දරුවන් දකිමී
ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී

මේ ගීයේ පද රචනය මහාචාර්ය ආනන්ද දසනායකයන්ගෙන් වන අතර, සංගීතය සපයා ඇත්තේ නවරත්න ගමගේලු. මළ විකාර…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමින් ආණ්ඩුව මේ ගේන්න හදන්නේ ව්‍යවස්ථා විරෝධී පනතක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙට සජිත් අක්කරෙයිපත්තුවට යනවා…! හිස් අතින් නෙමෙයි! එහේ පාසලක දරුවන්ට බස් රථයකුත් අරගෙනයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.