ගම්පහ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ කාවින්ද ජයවර්ධන මහතා අද (12) දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය යටතේ තරග කිරීම සදහා නාමයෝජනාවලට අත්සන් තැබීමට පියවර ගත්තේය.
දේශපාලනයට පිවිසි දින සිටම රනිල් වික්‍රමසිංහ මහතාගේ විශ්වාසවන්තයකු ලෙස කටයුතු කළ ඒ මහතා මෙවර ප්‍රේමදාස මහතා සමග එක්වීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.

කාවින්ද ජයවර්ධන මහතා යනු වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කළ හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයාය.










