පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටය පාදක කරගෙන චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඇතැම් නිලධාරීන්ට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සම්බන්ධයෙන් එම ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන්ගේ පවුල්වල ඥාතීන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි.Sri Lanka Latest News
මෙම ප්‍රහාරයෙන් විදේශිකයන් හතළිස්දෙදෙනකු (42) ඇතුළු 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, එම මියගිය විදේශිකයන් අතර ඩෙන්මාර්ක් ජාතික ප්‍රකෝටිපතියකු වූ ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් සහ ඔහුගේ දරුවන් තිදෙනකුද වූහ.
මෙතෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර ඇති දේශීය විමර්ශනවලදී ඊට වගකිව යුත්තන් සහ එහි මහමොළකරුවන් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නොතිබීම හේතුකොට ගෙන මෙතෙක් එම සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට මියගිය විදේශිකයන්ගේ ඥාතීන්ට අවස්ථාවක් ලැබී නොතිබිණි.
නමුත් චැනල් 4 නාලිකාව මගින් විකාශය කළ වීඩියෝව හරහා ප්‍රහාරය සැලසුම් කිරීමේදී ඊට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති අසාද් මවුලවි නමැත්තා නිශ්චිතවම ප්‍රකාශ කර සිටින්නේ අදාළ ප්‍රහාරය සැලසුම් කරන්නේ රාජපක්ෂවරයකු බලයට ගෙන ඒම සඳහා යැයි කියාය.
නමුත් එම චෝදනාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කොට තිබිණි.
කෙසේ වෙතත් මේ වන විට අදාළ චැනල් 4 වීඩියෝ පටය මුල් කරගෙන චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයාට සහ නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පැවරීමට එම මියගිය අයගේ පවුල්වල ඥාතීන්ගේ අවධානය මේ වන විට යොමුව ඇති බව දැනගන්නට ඇත.










