ද ෆිනෑන්ස් සමාඟම සතුව තැන්පතු කරුවන් 6400ක්, රුපියල් බිලියන 11.6ක තැන්පතු සහ බිලියන 5.5ක වත්කම් තිබුණත් මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය හෝ මහ බැංකුව ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට සාධාරනයක් ඉටු කර නොමැති බවත් මීට පෙරත් මේ සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
එසේම යූබී ෆිනෑන්ස් සමාගමේ ද තැන්පත්කරුවන් 2650කට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවත් ඒ අතරින් 48 දෙනකු සියදිවි නසා ගෙන ඇති බවත් මේ අයගේ ඉඩම් දෙපල වත්කම් වන්දි ආදිය මෙහි තැන්පත් කිරීම තුළ බරපතල අසාධාරණයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ආයතන සියල්ල මහ බැංකුවේ ලියාපදිංචි ආයතන බවත් තවමත් කිසිදු සහනයක් බවත් මේ තැන්පතුකරුවන් රවට්ටා මංමුලා කර ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුටරත් කියා සිටියේ ඊ.ටී.අයි. ආයතනයේ තැන්පතුකරුවන් 27000ක් සිටින බවත් ඔවුන්ගෙන් කොටසකට වන්දි මුදල් දුන්නත් 5000කට කිසිදු වන්දියක් නොමැති බවත් පැවසීය.
මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාගෙන් පිළිතුරක් හෝ විසදුමක් නොමැති බවත් ඒ නිසා පැහැදිලි විසදුමක් මේ ආයතන 3ටම අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.










