• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොන්දේසියකුත් අරන් චීන බැංකු නිලධාරීන් හදිසියේම ලංකාවට! නන්දලාලුයි-සිරිවර්ධනයි විතරක් කාමරේ දොර වහගෙන රහස් සාකච්ඡාවක! මෙන්න දීපු උත්තරේ! I Sri Lanka Latest News

September 9, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කොන්දේසියකුත් අරන් චීන බැංකු නිලධාරීන් හදිසියේම ලංකාවට! නන්දලාලුයි-සිරිවර්ධනයි විතරක් කාමරේ දොර වහගෙන රහස් සාකච්ඡාවක! මෙන්න දීපු උත්තරේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට සති කිහිපයකට ඉහතදී චීන සංවර්ධන බැංකුවේ China Development Bank CDB විශේෂ නියෝජිතයන් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වීමට පියවර ගෙන තිබිණි. ලංකාව චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගෙන තිබුණද එක්සිම් බැංකුවද පාලනය වන්නේ චීන සංවර්ධන බැංකුවේ අධිපතිවරයා යටතේය. එහි තීන්දුද ගනු ලබන්නේ චීන සංවර්ධන බැංකුව මගින්ය. ඒ අනුව මීට සති කිහිපයකට ඉහතදී චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු ලංකාවට පැමිණිමට පියවර ගෙන තිබිණි. Sri Lanka Latest News

නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් වාර්තා කොට නොතිබූ නිසා ඔවුන් ලංකාවට පැමිණියේ ඇයි, මුණගැසුනේ කවුද? කතා කළේ මොනවාද යන්න පිළිබඳ කොතැනකවත් සඳහන් වී තිබුණේ නැත. ඊට ප්‍රධානතම හේතුවක් වි තිබුණේ මෙම චීන නියෝජ්‍ය අධිපතිවරයාගේ ගමන ඉතා රහසිගත ලෙස තබාගැනීමට මෙරට මහබැංකු ප්‍රධානීන් කටයුතු කර තිබීමය. සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ විදෙස් නිලධාරීන් ලංකාවට පැමිණි විට මැති ඇමැතිවරුන්, මහාභාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් හමුවීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මෙම චීන නිලධාරීන් ලංකාවේ පවත්වා තිබුණේ එකම එක සාකච්ඡාවක් පමණි. ඒ, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමග පමණි. මෙම සාකච්ඡාව මහබැංකුවේ නන්දලාල් මහතාගේ කාමරයේ පැවැති අතර ඊට මහබැංකුවේ වෙනත් කිසිදු නිලධාරියකු එක් කරගැනීමට නන්දලාල් කටයුතු කර තිබුණේ නැත. ඊට එක්ව සිටි එකම එක නිලධාරියා වූයේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පමණි. නන්දලාල් එසේ කොට තිබුණේ මෙම සාකච්ඡාව අතිශය රහසිගත ලෙස තබාගත යුතු වූ නිසාත්, එහි කතා කළ කරුණු මොනම ආකාරයකින්වත් එළියට නොයා යුතු නිසාත් විය යුතුය.

කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට මෙම සාකච්ඡාව පිළිබඳවත්, එහි කතාබහට ලක්ව තිබූ කරුණු පිළිබඳවත් බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලැබී තිබේ. නමුත් ඇතැම් කරුණු අතිශය සංවේදී කරුණු වීම නිසා ඒවා රටට අනාවරණ කිරීමට වගකිව යුතු මාධ්‍යයක් ලෙස අපද සූදානම් නැත. නමුත් එක් කරුණක් පමණක් මෙහිදී සඳහන් කිරීමට පුළුවන. ඒ, අප විසින් මීට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන ලද කරුණක් පිළිබඳ මෙම චීන නිලධාරීන් නන්දලාල්ටත්, මහින්ද සිරිවර්ධනටත් දැනුම් දී ඇති බවය. එම කරුණ නම් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කලින් මූල්‍ය අරමුදලේ ණය සහ ලෝක බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එම ආයතනද කටයුතු කළ යුතු යැයි කියාය. මෙම කොන්දේසිය වෙනස් කරගැනීමට නන්දලාල් සහ සිරිවර්ධන කෙතරම් උත්සාහ කළත් චීන නිලධාරීන් සිය ස්ථාවරය වෙනස් කොට නොමැති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබුණු තොරතුරුවලින් දැනගන්නට ඇත. ඒ අනුව චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තෙන් මතුව ඇත්තේ තරමක් ව්‍යාකූල තත්ත්වයකි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය නියාමනයක්? ඒකාධිපති පාලනයක්? VIDEO I Sri Lanka Latest News

Next Post

පිටරටවල උන් එහෙම කරද්දි අපේ උන්ට බැරි ඇයි I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.