මෙරට විද්‍යුත්, මුද්‍රිත හා විශේෂයෙන් ම සමාජ මාධ්‍ය යම් පාලනයකට ලක් කිරීමේ උත්සාහයක රජය නිරත වී සිටින බව දැන ගන්නට ලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්වයං නියාමනයක් සිදු විය යුතු වුවත් මාධ්‍ය නියාමනය කිරීමේ නමින් පාලනය කිරීමක් සිදු වන්නේ නම් එහි ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.










