• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාජබ වේදිකාවට නැග්ගාට බ්ලැක් ලිස්ට් කොට විශ්‍රාමික වරප්‍රසාද අහිමි කර තිබූ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ සියලු වරප්‍රසාද ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාජබ වේදිකාවට නැග්ගාට බ්ලැක් ලිස්ට් කොට විශ්‍රාමික වරප්‍රසාද අහිමි කර තිබූ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ සියලු වරප්‍රසාද ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය දේශපාලන රැස්වීම්‌ සඳහා සහභාගිවීම හේතුවෙන්‌ තනතුරට අදාළ විශ්‍රාමික වරප්‍රසාද අභිමිකර තිබූ ගුවන්‌ හමුදාවේ විශ්‍රාමික එයාර්‌ වයිෂ්‌ මාෂල්‌ සම්පත්‌ තුයියකොන්තාගේ අදාළ වරප්‍රසාද කඩිනමින්‌ ඔහුට නැවතත් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට හා වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (7) නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News

අභිමි කරන ලද වරප්‍රසාද නැවත ලබාදෙන බවට සඳහන්‌ ලිපියක්‌ පෙත්සම්කාර සම්පත්‌ තුයියාකොන්තා මහතාට හා ඔහු වෙනුවෙන්‌ පෙනී සිටි නීතිඥවරයාට ලබා දෙන ලෙසටයි විනිසුරුවරුන් නියෝග කර ඇත්තේ.

ජාතික ජන බලවේගය රැස්වීම්‌ කිහිපයකට සහභාගිවීම හේතුවෙන්‌ ගුවන්‌ හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කර තමන්ව අසාදු ලේඛනගත කිරීමට ගුවන්‌ හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසත්‌ තමන්ගේ මූලික අයිතිවාසිකම්‌ උල්ලංඝනය කිරීම වෙනුවෙන්‌ ඔහුගෙන්‌ රුපියල්‌ මිලියන 5ක චන්දියක්‌ අය කරදීමට නියෝගයක්‌ ලබාදෙන ලෙසත්‌ ඉල්ලමින්‌ ගුවන්‌ හමුදාවේ විශ්‍රාමික එයාර්‌ වයිෂ්‌ මාෂල් සම්පත්‌ තුයියකොන්තා හමුවේ එම මුලික අයිතිවාසිකම්‌ නඩුව ගොනුකර තිබුණා.

ගුවන්‌ හමුදාපතිවරයාට අමතරව ගුවන්‌ හමුදා පරිපාලන අධ්‍යක්ෂවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්‌ භා නීතිපතිවරයා වගඋත්තරකරුවන්‌ කරමින්‌ මෙම පෙත්සම ගොනු කර තියෙනවා. ගුවන්‌ හමුදා විශ්‍රාමික වරප්‍රසාද අභිමි කරමින්‌ තමන්ව අසාදු ලේඛන ගත කර ඇති බවට ඉකුත්‌ මාර්තු මාසයේදී මාධ්‍ය මඟින්‌ තමන්ට දැනගන්නට ලැබුණු බවත්‌ එහෙත්‌ ඒ සම්බන්ධයෙන්‌ ගුවන්‌ හමුදාව මඟින්‌ මෙතෙක්‌ තමන්ට කිසිදු දැනුම්දීමක්‌ සිදුකර නොමැති බවයි විශ්‍රාමික එයාර්‌ වයිෂ්‌ මාෂල් සම්පත්‌ තුයියකොන්තා එම පැමිණිල්ල මඟින්‌ පෙන්වාදී තියෙනවා.

ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවෙහි තම මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස තමාව අසාදු ලේඛනගත කිරීමට සිදුවූ බවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්‌ පාර්ලිමේන්තුවේ දී පැවසූ බවද එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

මෙරට පැවැති යුද්ධය නිමා කිරීමට ගුවන්‌ නියමුවකු වශයෙන්‌ වසර 30කට වැඩි කාලයක්‌ තමා ඉතා විශාල මෙහෙයක් සිදු කළ බවත්‌ ඒ වෙනුවෙන්‌ පිරිනැමෙන වීරවික්‍රම, වීරවිභූෂණ, රණශූර ඇතුළු පදක්කම්‌ රැසක්‌ තමන්‌ හිමි කරගෙන තිබෙන බවත් ඔහු පවසනවා.

ගුවන්‌ හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටියදී හෝ ගුවන්‌ හමුදාවෙන්‌ විශ්‍රාම යෑමෙන්‌ අනතුරුව තමන්‌ කිසිදු නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බව විශ්‍රාමික එයාර්‌ වයිෂ්‌ මාෂල් සම්පත්‌ තුයියකොන්තා කියනවා. එවැනි තත්ත්වයක්‌ තුළ ගුවන්‌ හමුදා විශ්‍රාමික වරප්‍රසාද අහිමි කරමින්‌ තමන්ව අසාදු ලේඛනගත කිරීම දැඩි ගැටලු සහගත තත්ත්වයක්‌ බවත් ඔහු ඉදිරිපත් කළ එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

විශ්‍රාමික නිලධාරියකුට අදාළ සම්මත නීති පටිපාටින්‌ අනුගමනය කිරීමකින්‌ තොරව තමන්ව අසාදු ලේඛන ගත කිරීමට ගුවන්‌ හමුදාපතිවරයාට හෝ ඔහුගේ නියෝජිත බලධාරීන්ට බලය හිමිවී නොමැති බවයි සම්පත්‌ තුයියකොන්තා මහතා සිය පැමිණිල්ලෙන් පවසා ඇත්තේ.

කිසිදු විමසීමකින් තොරව තමන්ව අසාදු ලේඛන ගත කිරීම තමන්ගේ මූලික අයිතිවාසිකම්‌ උල්ලංඝනය කිරීමක්‌ බැවින්‌ ගුවන්‌ හමුදාපතිවරයා ගෙන තිබෙන එම තීරණය බලරහිත කරන ලෙසත්‌ තමන්ගේ මූලික අයිතිවාසිකම්‌ අහිමි කිරීම වෙනුවෙන්‌ ගුවන්‌ හමුදාපතිවරයාගෙන්‌ රැපියල්‌ මිලියන 5ක වන්දි මුදලක්‌ අයකර දෙන ලෙසත් සම්පත්‌ තුයියකොන්තා මහතා සිය පෙත්සම මඟින්‌ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්‌ ඉල්ලා තිබෙනවා.

නීතීඥ සුනිල්‌ වටගල හා ජේ.එම්. විජය බණ්ඩාර යන නීතිඥවරු පෙත්සම්කාර සම්පත්‌ තුයියාකොන්තා මහතා වෙනුවෙන්‌ පෙනී සිට තිබෙනවා.

SendShareShare
Previous Post

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 400කට සංඥා පද්ධති හයිකරන්න බන්දුල ආණ්ඩුවට සල්ලි නෑ කියයි! සජිත් ඒ මොහොතේම සජබයෙන් සල්ලි දෙන්න ලෑස්තියි කියයි! බන්දුලගෙන් ඇස්තමේන්තුවත් ඉල්ලයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

එක මාසෙට නිල සංචිත 4.4%කින් බහී! දැන් තියෙන්නේ ඩොලර් මිලියන 3765යි! I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.