ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන්ගේ අවධානය යොමු වුවද මේ දිනවල කොළඹ බන්ධනාගාර කීපයක පැතිර යන සරම්ප රෝගයට සමාන උණ තත්ත්වයකින් රෝගී වූ සිරකරුවන් එහි සිටින බැවින් සචිත්‍ර සේනානායකව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේම රඳවා තැබීමට පසුව එම බලධාරීන් තීරණය කළහ.
කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ ‘එම්‘ වාට්ටුවේ ඊයේ (07) වන විට රඳවා සිටි සචිත්‍ර සේනානායකගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පැමිණි බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.










