ත්‍රිපෝෂ ලබා දීමේ බරපතල ඌණතාවක් නිර්මාණය වී ඇති බවත් කුඩා දරුවන්ට හා කිරිදෙන මෙන්ම ගැබිනි මව්වරුන්ටවත් හරියට ත්‍රිපෝෂ නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මේ වන විට ත්‍රිපෝෂ කර්මාන්තශාලාවත් පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වන බවත් එය එසේ නොකරන ලෙසත් ත්‍රිපෝෂ ලබා දීම ඕනෑම රජයක ජාතික වගකීමක් බැවින් හරියාකාරව එය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.










