• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොන්දේසි ඉටු කරලා නෑ! දෙවන වාරිකය ලබා දීම IMF කල් දමන ලකුණු! I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පැමිණිමට නියමිත අතර, එහිදී මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් සහ ලංකාව මෙතෙක් ඉටුකොට ඇති කොන්දේසි සම්බන්ධයෙන් දීර්ඝව විමර්ශනය කිරීමට නියමිතය. මූල්‍ය අරමුදල මගින් ලංකාවට පළමු වාරිකය ලබාදුන්නේ පසුගිය මාර්තු මාසයේදීය. එහිදී ලංකාව විසින් ඉටුකළ යුතු කොන්දේසි ගණනාවක් ඇතුළත් ගිවිසුමක්ද මූල්‍ය අරමුදල මගින් ලබාදී තිබිණි. ඒ අවස්ථාවේදී ලංකා ආණ්ඩුව මූල්‍ය අරමුදලෙන් ලැබුණු පළමු වාරිකය සැමරුවේ රට වටේ රතිඤ්ඤා පත්තු කරමින් අති උත්කර්ෂවත් ආකාරයටය. එපමණක් නොව ආණ්ඩුවේ මුල් පෙළ නියෝජිතයන් රටට කියා සිටියේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබීමත් සමග විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් විශාල වශයෙන් ඩොලර් ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. විදේශ විනිමය අර්බුදයෙන් ඉතා ඉක්මනින්ම ලංකාවට ගැලවිය හැකි යැයි කියාය. ආණ්ඩුව එසේ කීවද ඒ අවස්ථාවේ අප කියා සිටියේ මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු සැණින් එසේ රටවල් ලංකාවට උදව් කිරීමට නොපැමිණෙනු ඇති බවත්, ඉතා දීර්ඝ සහ අසීරු ගමනක් ලංකාවට යෑමට ඇති බවත්ය. අප කී එම කරුණ සනාථ කරමින් මූල්‍ය අරමුදලේ සහාය ලැබුණද ජාත්‍යන්තර සහාය ආණ්ඩුව සිතු ආකාරයට ලංකාවට ලැබුණේ නැත.Sri Lanka Latest News

කොන්දේසි ඔක්කොම සපුරලාද?

කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 338 ලබාගැනීම නම් ලංකාව ඉටුකළ යුතු ප්‍රධානතම කොන්දේසිය වී තිබුණේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තය. නමුත් තවමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්පූර්ණ කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි. අනෙක් අතට මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සම්බන්ධයෙන් සොයා බලන වෙරිටේ රිසර්ච් ආයතනයද පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ තවමත් ආණ්ඩුව මෙම කාලයේ ඉටුකළ යුතු මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් ඉටුකර ඇත්තේ 38%ක ප්‍රතිශතයක් පමණක් යැයි කියාය. එසේ නම් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිට සිටින්නේ කුමන තැනකද?

චීනය තවම තීන්දුවක නෑ!

ආණ්ඩුව මුලින් සැලසුම් කර තිබුණේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන ඔක්තෝබරයට කලින් අවසන් කිරීමටය. පළමු අදියරේදී ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය ඒ සඳහා කොළ එළියක් නිකුත් කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දැක්විය හැකි බව දැනුම් දී තිබිණි. නමුත් ඒ අවස්ථාවේදී චීනය ප්‍රකාශ කොට තිබුණේ තමන් එම පොදු වේදිකාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සිදුකිරීමට එකඟ නැති බවත්, වෙනමම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය. නමුත් චීනයේ එම ප්‍රතිචාරයත් සමග පැරිස් සමාජයත්, ඉන්දියාවත්, ජපානයත් නිවේදනය කොට තිබුණේ ලංකාවේ ණය හිමි සියලු රටවල් එකම වේදිකාවක සිට එකම ගිවිසුමකට ඇතුළත්ව කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති නම් මුලින්ම චීනය සමග ඇතිකර ගැනීමට නියමිත එකඟතාව ප්‍රකාශයට පත්කළ යුතු බවත්ය. එම ප්‍රකාශයෙන් පසු මේ දක්වා පැරිස් සමාජය, ඉන්දියාව, චීනය හෝ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැඩි නිහඬ පිළිවෙතකි. ඒ අනුව ලබන ඔක්තෝබරය වන විට ආණ්ඩුව බලාපොරොත්තු වන පරිදි විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරගත හැකිවේද යන්න සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් ලංකාවේ මාධ්‍ය වචනයක් හෝ කතා නොකිරීම විශේෂ කරුණක් වන අතර, අඩුම තරමේ විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා කිසිවකු හෝ ඒ පිළිබඳ ජනතාව දැනුවත් නොකිරීමද කනගාටුදායක සිදුවීමකි.

නැවේ අවුල!

මීට අමතරව ඉන්දියාව ආරම්භයේ සිටම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණද මේ වන විට ඔවුන්ද ඒ සම්බන්ධයෙන් ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විශේෂ සිදුවීමකි. ඊට බොහෝ දුරට හේතුපාදක වී ඇත්තේ පසුගිය දිනවල ලංකාව, චීනය මුල් කරගෙන ගෙනගිය විදේහ ප්‍රතිපත්තියය. ඉන්දීය විරෝධය මැද මේ වන විට ලංකාව චීන ආරක්ෂක නැවකට ලංකාවට ඇතුළු වීමට අවසර ලබදී ඇති අතර, ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමටද නියමිතය. ඒ අනුව ඉන්දියාව අනුමාන කර සිටින්නේ ජනාධිපතිවරයා අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවට වඩා රාජපක්ෂවරුන් මෙන්ම චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කොට ඇති බව විය යුතුය. මේ නිසා අතීතයේදී චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කළ මහින්ද රාජපක්ෂ රජයට මෙන්ම ගෝඨාභය රාජපක්ෂ රජයටත් දැක්වූ ප්‍රතිචාරයම ඉන්දියාව විසින් වත්මන් ආණ්ඩුවටද දක්වනු ඇති බව බොහෝ දෙනාගේ අනුමානය වී තිබේ.

ඔත්තෝබර් කරගන්න බැරි වෙන ලකුණු!

අනෙක් අතට මේ වන විට අවස්ථා කිහිපයකදීම පැරිස් සමාජය, ඉන්දියාව සහ ජපානය ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය (ෆෝමියුලා) ලබාදෙන ලෙස ඉල්ලා තිබුණත් තවමත් ආණ්ඩුව පැත්තෙන් එය ලබාදීමට කටයුතු කොට නැත. ඇතැමුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙම ක්‍රමවේදය ලබාදීමට කටයුතු කළේ නම් දැනටමත් ආයෝජන අවස්ථා රැසක් ලබාගැනීමට ලංකාවට හැකියාව ලැබෙනු ඇති බවකි. නමුත් තවමත් එවැනි වැඩපිළිවෙළක් දියත්ව නොමැති වීම හේතුකොටගෙන ජාත්‍යන්තර දේශපාලනය ගැන දන්නා බොහෝ දෙනා කියා සිටින්නේ මෙම තත්ත්වය යටතේ ඔක්තෝබර් මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරගැනීමට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවට මතුවනු ඇතැයි කියාය.

නැව හම්බන්තොටට එනවා!

අනෙක් පැත්තෙන් චීන නැවේ ප්‍රශ්නයද මෙ වන විට ලංකාව හා ඉන්දියාව අතර පමණක් නොව, ජාත්‍යන්තරයටම බලපාන ප්‍රශ්නයක් බවට පෙරළෙන ලකුණු මේ වන විට පහළ කොට තිබේ. මෙකී අර්බූදය නිසා මෙම නැව චීනයට 100%ක්ම අයිතිය හිමි හම්බන්තොට වරායට ඇතුළු වීම වළක්වා එය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සීමා කිරීමේ උත්සාහයක් පසුගිය දින කිහිපයේ විවිධ පාර්ශ්වවලින් දියත් වන ආකාරයක් දැකගත හැකි විය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් කියවෙන්නේ නාරා ආයතනය සහ අනෙකුත් ආයතනවලින් දැනටමත් එම නැවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබාදී තිබීම නිසා එම නැව කොළඹ වරායට ගෙන ඒම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව ඇති බවය.

වාරිකය කල් යයිද?

කෙසේ වෙතත් මේ වන විට බොහෝ දෙනාට මතුව ඇති ප්‍රශ්නයක් වන්නේ චීනය සමග මේ ආකාරයෙන් ගනුදෙනු කිරීමට ගොස් ආණ්ඩු බිඳගත් ආසන්නතම උදාහරණ ගණනාවක් පැවැතියදී යළි යළිත් එවැනි ගැටලු ඇතිකර ගැනීමට වත්මන් ආණ්ඩුවද කටයුතු කරන්නේ මන්ද යැයි කියාය. බොහෝ දෙනා කියන්නේ ජනාධිපතිවරයා මෙවැනි තීන්දුවක් ගෙන ඇත්තේ ලබන ඔක්තෝබරයේ සිදුකිරීමට නියමිත ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී විශාල සහනයක් චීනයෙන් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින නිසා යැයි කියාය. නමුත් එහි ඇති භයානක තත්ත්වය වන්නේ යම් හෙයකින් මෙම ගැටලු මුල්කොට ගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඔක්තෝබර් මාසයේදී සාර්ථකව අවසන් කරගැනීමට ලංකාවට නොහැකි වුවහොත් එම කරුණ මුල්කොට ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ගිවිසුමෙන් ඉවත් නොවී දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම කල්දැමීමේ අවදානමක් මතුව තිබීමය. එසේ මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලංකාවට ලබාදීම පමා කිරීමට තීන්දු කළහොත් එය නියත වශයෙන්ම ලංකාවේ ආර්ථිකය මුල්කරගෙන එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් වනු නොඅනුමානය. මන්ද යත් ලංකාවට මෙම කටයුතු සාර්ථක කරගැනීමට නොහැකි බවට ඒ හරහා ලෝකයට පණිවුඩයක් යෑම ඊට හේතුවය.

පෝර්ට් සිටියත් චීනයට?

මීට අමතරව සිය චීන සංචාරයට ප්‍රථම ජනාධිපතිවරයා පසුගිය සතියේදී පෝර්ට් සිටිය භාරව සිටින දිනේෂ් වීරක්කොඩි මහතා හට උපදෙස් ලබාදී ඇත්තේ පෝර්ට් සිටියට චීන ආයෝජන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙසය. ඒ හරහා ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වී ඇත්තේ පෝර්ට් සිටිය සංවර්ධනය කිරීමේ වැඩි කොටසක් චීනයට ලබාදී ලංකාවේ ආර්ථිකයට චීනයෙන් විශාල තල්ලුවක් ලබාගැනීමටය.

චීනය වෙනම කණ්ඩායමක් එවයි!

මේ සියල්ල අතරවාරයේ මීට සති කිහිපයකට ඉහතදී චීනයද විශේෂ කණ්ඩායමක් ලංකාවට ගෙන්වා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණ. සාමාන්‍යයෙන් චීන තානාපති කාර්යාලය හරහා ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් චීනය නිතරම වාර්තා ලබාගත්තද මෙම විශේෂ පර්යේෂණ කණ්ඩායම ලංකාවට එවීම හරහා චීන රජය බලාපොරොත්තු වී ඇත්තේ ඉදිරි කාලයේදී ලංකාවේ විය හැකි දේශපාලන විපර්යාස මොනවාද, ඉදිරියේදී ලංකාවේ කුමන තත්ත්වයක් මතුවිය හැකිද යන්න සම්බන්ධයෙන් නියම තත්ත්වය දැනගැනීමය. ලංකාව සම්බන්ධයෙන් චීනය තීන්දු තීරණ ගැනීමේදී මෙම විශේෂ විමර්ශන කණ්ඩායම ලබාදෙන වාර්තාව සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බවක්ද දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

වැඩිම වැස්ස ලබුගමට! ගංගා දෙකක් පිටාර මට්ටමේ! Sri Lanka Latest News

Next Post

ආණමඩුවේ සුබාහු ඇත් රජු විදුලි සර වද්දා ඝාතනය කරයි! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.