ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ, ලබුගමින් වාර්තා වූ අතර, එය මිලිමීටර් 106.3කි. (Sri Lanka Latest News)
මේ අතර දකුණු පළාතට ඇදහැලෙන තද වැසි සමග ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලටත් දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.
divaina










