• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සීගිරිය ගන්න පිදූ ගල පිදුරංගල

March 9, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
සීගිරිය ගන්න පිදූ ගල පිදුරංගල
Share on WhatsAppShare on Facebook

වසර 2500කට වැඩි ඓතිහාසික පසුබිමකට උරුමකම් කියන්නක් වශයෙන් එහි මූලාරම්භය සොයා යෑමේදී ක්‍රිස්තු වර්ෂ 475ත් ක්‍රිස්තු වර්ෂ 491ත් අතර රජකම් කළ කාශ්‍යප රජුට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. කාශ්‍යප රජු විසින් කුවේරගේ ආලකමන්දාව ලෙස සිහගිරි පව්ව ගොඩනැඟීමේදී, සිහගිරි පර්වතය කේන්ද්‍ර කරගනිමින්, ආරණ්‍යවාසීව වැඩසිටි මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලාට නැවත වැඩසිටීමට පිදූ ආරණ්‍ය ගල එතැන් පටන් පිදුරංගල රජමහා විහාරය ලෙස ප්‍රකට විණැයි ජනවහරේ පැවතේ. පළමුවැනි මුගලන් රජු කාශ්‍යප රජු සමඟ යුධ වැදීමට පෙර රහතන් වහන්සේලාට වැඩ සිටීමට විහාරයක් තැනවීමට රන් පිදූ බවත්, රනින් පිදූ ගල පිදුරංගල වූ බවත් ජනප්‍රවාදයේ එන තවත් ප්‍රකට කතාවකි.

කොලඹ සිට කිලෝමීටර 180ක පමණ දුරකින් පිහිටා තිබෙන පිදුරංගලට දඹුල්ල සීගිරිය හරහා හෝරා කිහිපයකින් ළඟාවිය හැකිය. සීගිරි පර්වතයේ උතුරු දෙසින් කිලෝමීටර දෙකක දුරකින් පහසුවෙන් ළඟාවිය හැකි ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව මුහුදු මට්ටමේ සිට මීටර 340ක උසකින් පිදුරංගල රජමහා විහාරය පිහිටා තිබේ. ප්‍රාග් ඓතිහාසික හා රාවණා යුගයට අයත් පසුබිමකටද පිදුරංගල ඈඳී පවතී.

පිදුරංගල පර්වත පාමුල විහාරාශ්‍රිතව දාගැබ, බෝධිඝරය, ප්‍රතිමාඝරය, පොහොය ගෙය හා සංඝාරාමය යන අංග පහම ඇතුළත් පංචාවාසික විහාර සංකීර්ණයක නටබුන් දැකිය හැකියි. එකල සීගිරි චිත්‍රවල දැක්වෙන ළඳුන් මල් රැගෙන පිදුරංගල විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙන්නට ඇති බව සැලකේ.

විහාරයේ දකුණු පසින් ඇති මාර්ගයෙන් ගල් අතරින් ගල් පඩිපෙළකින් තුරු සෙවණේ ගමන් කර සිහිල් වායුවෙන් ගත පුරවා ගැනීමෙන් පර්වතය ඉහළට ගමන් මාර්ගය ආරම්භ කෙරේ. පැයකට ආසන්න කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව තැනිතලා බිමක් මුණගැසෙන අතර මීටර 12.5ක් වූ සැතපෙන සෙල්මුවා සැතපෙන පිළිම වහන්සේ නමක් දැකගත හැකියි. කාශ්‍යප යුගයට අයත්ව තිබූ විහාර සංකීර්ණයට පිළිම වහන්සේ අයත් බව එච්.සී.පී.බෙල්, සෙනරත් පරණවිතාන යන පුරාවිද්‍යා ගවේෂකයන් සනාථ කර තිබේ.

පිළිම වහන්සේට සමීපව පිදුරංගල ගිරිලිපිය පවතින අතර ක්‍රිස්තු වර්ෂ 6-7 සියවස්වලට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර හෙවත් පැරැණි සිංහල බසින් “පෙදරේරු කර්මාන්තයේ නියුතු දලගනයුනක විසින් වී අමුණක් හා කහට ප්‍රදානය කළ බව” සඳහන් වේ. ගිරිලිපියෙන් හා පිළිම වහන්සේගෙන් අනතුරුව ජල පොකුණක් හමුවෙන අතර එය පසුකර මිනිත්තු 10ක පමණ අපහසු තීව්‍ර තරණයකින් පිදුරංගල මුදුනට ළඟාවිය හැකියි.

සීගිරි තරණයට වඩා වෙහෙසකර අත්දැකීමකින් පිදුරංගල තරණය සිදුකළද, පිදුරංගලට පිවිසීමත් සමඟ දකින දර්ශනයත්, සුළඟේ පවතින සෞම්‍ය ස්වභාවයත් ගතේ මෙන්ම සිතේ විඩාවද මොහොතකින් පලවා හැරීමට සමත්වේ. අක්කර කිහිපයක පුළුල්ව විහිදී ගිය පර්වත මුදුන් තැනිතලාවක ස්වරූපයක් ගනු ලැබුවත් පවතින තරමක ආනතියත්, අඩුවැඩිවෙමින් යන සුළඟේ දැඩි බවත්, රිළවුන්ගේ ආක්‍රමණයනුත් සංචාරය කරන්නන්ගේ අවධානයට ලක්විය යුතු කාරණා වේ.

වර්තමානයේ පිදුරංගල දැඩි ලෙස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට පාත්‍ර වීමට සීගිරිය වෙනස් කෝණවලින්, සෙල්ෆි ඡායාරූප හා ඡායාරූපවලට නැංවීම මඟින් සමාජ ජාලාගත කර ප්‍රසිද්ධියට පත්වීම හේතු වී තිබේ. පිදුරංගලට සීගිරිය මෙන්ම රිටිගලද මනාව දර්ශනය වන අතර හරිත වන වැස්ම රන්පැහැ ගන්වමින් උදය කාලයේ හෝ සවස් කාලයේ සූර්ය උදාව හා බැසීම එකම තලයක සිට මනාව නිරීක්ෂණය කළ හැකියි.

පිදුරංගල තරණය කිරීමේදී අවශ්‍ය තරම් පානීය ජලය රැගෙන යෑමත්, සුදුසු අන්දමේ ඇඳුමකින් සැරසී යෑමත් සංචාරයේදී පහසු වේ. හිරු උදාව හෝ බැසීම නිරීක්ෂණය කිරීමට යන්නේ නම් අඳුර තුළින් මාර්ගයේ ගමන් කිරීමට සුදුසු විදුලි පන්දමක් ගෙනයෑමට සැලකිලිමත් වන්න.

පිදුරංගල තරණයේදී සමහර කණ්ඩායම් අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා සංස්කෘතික වටිනාකම්වලට අගෞරව වන පරිදි කටයුතු අවස්ථාද දැකගත හැකිවීම කනගාටුවට කරුණක් ලෙස සඳහන් කළ යුතුය. ප්ලාස්ටික් පොලිතින් අවභාවිතයද පිදුරංගලට තර්ජනයක් වීමට ඉඩනොදීමට සංචාරකයන් වන අප වගබලා ගතයුතුයි.

උදෑසන 9ට සීගිරි පව්වත්, මධ්‍යහ්නයේ අරඹා හෝරා තුනකුත් පමණ සම්පූර්ණ කළ පිදුරංගල තරණයෙනුත් අනතුරුව විරාජි, මධූ, තරිඳු, මල්ශා හා මා ඇතුළු අප පස්දෙනා තල්කොටේ වැවෙන් ස්නානය කළේ දවසේ අත්දැකීම් නැවත ආවර්ජනය කරමිනි. ඈතින් එකම දර්ශනය පෙනෙන සීගිරියේත් පිදුරංගලත් දැවටී එන සුළං තල්කොටේ ජල රැලි මත වැදි එදා රහතන් වහන්සේලාගේ, රජුන්ගේ ගත විඩාව සන්සිඳුවාක් මෙන් අවසානයේ අපවද සංසිඳුවමින් ඉවතට හමාගියේ තවත් එක් අමරණීය මතක ගොන්නක් අප සිත් තුළ තැන්පත් කිරීමට සමත් වෙමිනි.
අකිල දහනායක

SendShareShare
Previous Post

රෝහලේ ලයිට් දාන භූතයෙක්

Next Post

බිසෝවරු නාපු තැන බලන්න කරවනැල්ලෙන් මාවනැල්ලට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.