• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මුතු අම්ම කෙනෙක් වෙලා

March 8, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මුතු අම්ම කෙනෙක් වෙලා
Share on WhatsAppShare on Facebook

මුතු තරංගා ගායනයට වගේම රඟපෑමට දක්‍ෂ ශිල්පිනියක්. ඇයගේ රංග චාරිකාවට දොර විවර වුණේ සෙනේෂ් බණ්ඩාර අධ්‍යක්‍ෂණය කළ ‘පළිඟු ප්‍රාසාද’ ටෙලිනාට්‍යය හරහායි. ඉන්පසු ඇය විවිධ චරිත රඟපෑවා. ඉතින් දිගු නිහැඬියාවකට පසු මුතු තරංගා යළිත් රැස් ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයට ඇවිත්. ඒ අම්මා කෙනෙක් විදියට.
මුතු සැබෑ ජීවිතයේ අම්මා කෙනෙක් වෙන්න කලින්ම පුංචි තිරයේ අම්මා කෙනෙක් වෙලා නේද?
ඇත්තටම එය වෙනස්ම අත්දැකීමක්. හිතුවාටත් වඩා ප්‍රේක්‍ෂකයන් රැස් ටෙලි නාට්‍ය හරහා මගේ චරිතය වැලැඳගත්තා. ඒ ගැන සතුටුයි. මම මවකගේ චරිතයක් රඟපාන පළමු අවස්ථාවත් මෙය තමයි.
දිගු නිහැඬියාවකට පසු මුතු රැස් හරහා නැවැත හමුවුණත් ගොඩ දෙනෙක් හිතාගෙන හිටියේ ඔබ නැවැත රඟපාන්නෙ නැහැ කියලා?
මම රඟපෑමෙන් ඈත් වෙලා හිටියේ නැහැ. විදේශීය ප්‍රසංග සඳහා පසුගිය අවුරුදුවල කාලය වෙන්කළා. අවුරුදු දෙකකට පසු නැවැත මම රඟපාන්න ආවේ. නැතුව මම රඟපෑමෙන් ඉවත් වෙලා නෙවේ. වෙනස් නිර්මාණයක් හරහා හොඳ චරිතයක් කරන්න මම මඟ බලාගෙන හිටියේ.
මෙපමණ කාලයක් නිහඬව සිටීමෙන් ඔබේ ප්‍රේක්‍ෂකයන්ට ඔබ කළේ අසාධාරණයක් නේද?
එය මම පිළිගන්නවා. දැන් දීර්ඝ ටෙලිනාට්‍ය හැදෙන නිසා මම රඟපෑමට සම්බන්ධ නොවී ඉන්න තමයි හිතාගෙන හිටියේ. ඒත් පසුකාලීනව මට හිතුණා වෘත්තිය වශයෙන් මෙහෙම නිහඬ වී සිටීම නොගැළපෙන බව. එය මට කරගන්න අසාධාරණයක් වගේම ප්‍රේක්‍ෂකයන්ටත් මම කරන්නේ අසාධාරණයක්. ඒ නිසා ඔවුන්ගේ රස වින්දනය උදෙසා මම නැවැත රඟපෑමට එකතු වුණා. ඉතින් ඉදිරියට රඟපෑම වගේම මගේ ගායන කටයුතුත් සිදුවේවි.
ඔබ විවිධ චරිත රඟපෑවා. ඒ හරහා යම් කොටුවීම්වලටත් නතුවුණා. ඉදිරියට මවකගේ චරිතවලටම කොටුවීමක් සිදුවෙයිද?
සමහරවිට එහෙම නොවන්න පුළුවන්. මොකද මම කැමැති නම් විතරනේ රඟපාන්නේ. අම්මා කෙනෙක් වුණාම ඒ චරිතය තුළ විවිධ පැතිකඩ හරහා රඟපාන්න පුළුවන්. මම රඟපාන චරිත විනිවිද භාවයකින් නිරූපණය කිරීමටයි මම උත්සාහ කරන්නේ.
පසුගිය කාලේ ඔබට නිර්මාණවලින් ආරාධනා ලැබුණේ නැතිද?
ආරාධනා නිතරම එනවා. ඒ චරිතවල මට යමක් කරන්නට තිබුණේ නැහැ. ඒ නිසා මම සම්බන්ධ වුණේ නැහැ.
ඔබ වඩාත්ම කැමැති ගායන ක්‍ෂේත්‍රයේ ඉදිරියට යෑමද නැතිනම් රංගනය හරහා යන්නද?
මට පොඩි කාලේ ඉඳලා ආශාවක් තිබුණේ ගායිකාවක් විදියට කටයුතු කරන්නට. නමුත් ප්‍රේක්‍ෂකයන් මාව දැනහඳුන ගත්තේ ටෙලිනාට්‍ය හරහා. ඉතින් රඟපෑමට මගේ ලොකු ආශාවක් තිබෙනවා කියලා පැවසුවොත් හරි.
නළු නිළියන්ට ගායන ක්‍ෂේත්‍රයට ඇවිත් හඬ අවදි කරන්න ආවට ගියාට බැහැ නේද?
එය පහසු කටයුත්තක් නෙවේ. ගායන ක්‍ෂේත්‍රයෙත් කැපිලි කෙටිලි තිබෙනවා. සමහරු කියනවා රඟපාන අය මොකටද ප්‍රසංග වේදිකාවට කියලා. ඔය වගේ විවිධ මත භේද එක්ක තමයි මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්නේ. ඔය කැපිලි කෙටිලි කලා ක්‍ෂේත්‍රයේ විතරක් නෙවේ හැම අංශයකම තිබෙන දෙයක්.
ඔබ හාපුරා කියා ගායනා කළ ළංවුණා, ළංවුණා ගීතයට පසු ගීත නිර්මාණවල අඩුවක් අපි දකිනවා?
ඔව්. මගේ ‘ළං වුණා ළං වුණා’ ගීතය මම අදටත් ප්‍රසංගවල ගායනා කරනවා. අපි නිතර දෙවේලේ නිර්මාණ කළේ නැත්නම් අපිව අමතක වෙනවා. මම ටෙලිනාට්‍යවල රඟපාපු නැති නිසා මම රඟපාන්නේ නැහැ කියලා කිව්වා වගේ තමයි. ගායනා කළේ නැත්නම් අලුත් නිර්මාණ එළිදැක්වූයේ නැත්නම් අපි මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ නැහැ කියලා තමයි කතා කරන්නේ. එහෙම වුණාම පසුබෑමක් ඇති වෙනවා.
විදේශීය ප්‍රසංගවල කොහොමද ප්‍රතිචාර?
විදේශීය අයට අපිව දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් හමුවෙලා කතාබහ කරන්න ලැබෙනවා. මූල්‍ය පහසුකම් ප්‍රශ්නයක් නැතිනම් මම විදේශීය ප්‍රසංග සඳහා යනවා.
ගොසිප් කලාව අද පැතිරෙන්නේ ජනප්‍රියත්වයට. එය ගැන ඔබේ අදහස?
ගොසිප් හොඳ වගේම නරකටත් බලපානවා. ගොසිප් කියන දේ මම විශ්වාස කරන්නේ නැහැ. ඒ හරහා හොඳ පැත්තට වඩා නරක පැත්ත ගැන තමයි කතා කරන්නේ. මිනිසුන් ගොසිප් හරහා හොයන්නේ තව කෙනෙක්ගේ අඩුපාඩු. ඉතින් මම මේ ක්‍ෂේත්‍රයේ හරිම පරෙස්සමෙන් තමයි කටයුතු කරන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලකුණේ ප්‍රශ්නය විසදෙද්දී රනිල්ගෙන් තවත් බාල්දියක්

Next Post

මම ලොකු කට්ටක් කාපු කෙනෙක් නෙමෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.