• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළමනාකරු කරපු දේ හරි! ඇමැති තොණ්ඩමන් සන්නද්ධ ආරක්ෂකයන් එක්ක ඇවිත් අශිෂ්ට ලෙස හැසිරුණා! විධිමත් පරීක්ෂණයක් ඉල්ලා වැවිලිකරුවෝ ජනපතිට ලියුමක් යවයි! Sri Lanka Latest News

August 23, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කළමනාකරු කරපු දේ හරි! ඇමැති තොණ්ඩමන් සන්නද්ධ ආරක්ෂකයන් එක්ක ඇවිත් අශිෂ්ට ලෙස හැසිරුණා! විධිමත් පරීක්ෂණයක් ඉල්ලා වැවිලිකරුවෝ ජනපතිට ලියුමක් යවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇති වූ සිදුවිම පිළිබඳ නිවැරදි සහ වගකීම් සහිත තක්සේරුවකින් තොරව රත්තවත්තේ වතු යාය තුළට සන්නද්ධ ආරක්ෂකයින් සමග පැමිණ අනීතික අශිෂ්ට හැසිරීමක් සහිතව කටයුතු කළ වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන්ගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකිමින් රත්වත්ත වත්තේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී විධිමත් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා වැවිලිකරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. (Sri Lanka Latest News)

සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යටතේ ඇති ආයතනයක් වන රත්වත්තේ වත්තේ ඇති වූ සිද්ධිය පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්ෂණික අවශ්‍යතාවයක් මතු වී ඇතැයි ද මැතිවරණයක් ආසන්නයේ දි දේශපාලන බලය සහිතව එළිපිට සිදුවන ඉඩම් කොල්ලයට එරෙහි යුක්තිය ඉටු වීමක් නොමැතිව වැවිලි ක්ෂේත්‍රය අනතුරකට නිරාවරණය වී ඇති ඇතැයි ද වැවිලිකරුවෝ ජනාධිපතිවරයාට කියා සිටිති.

ඔවුන් පවසන්නේ මෙම සිද්ධිය හුදකලා සිද්ධියක් නොවන බවය. මෙය වතු කළමණාකරුවන්ට වගවීමකින් රාජකාරිය ඉටු කිරීමට බාධා කරමින් දේශපාලනඥයන් කිහිප දෙනෙක් විසින් නිර්මාණය කර ඇති භීෂණයක් බවත් අන්තර්ජාලයේ පුළුල් ලෙස සංසරණය වන වීඩියෝ සාක්ෂි මේ ගැටුම සනාථ කරන බවත් ඔවුහු ජනපතිට දන්වා සිටිති.

පසුගිය දා ඇති වූ සිද්ධියට අදාල සිදුවීමේ දී රත්වත්තේ වත්තේ තාවකාලික ඉදිකිරීම සිදුකළ පුද්ගලයා මෙම අර්බුදය නිර්මාණය කළ බවත් මේ තැනැත්තා රත්වත්තේ වතු ප්‍රජාවට අයත් නොවන, වත්තේ නේවාසික සේවකයෙක් නොවන පිටස්තර පුද්ගලයෙක් බවත් වැවිලි කරුවන් වෙනුවෙන් එම සංගමයේ සාමාජික ධම්මික කොබ්බෑකඩුව ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියේ දක්වා ඇත.

මෙම ලිපියෙන් වැවිලිකරුවන් ජනපතිට දන්වන්නේ ඔවුන් අතිශයින් නීත්‍යානුකූලව සහ වගකීම් සහිතව කටයුතු කළ බවත් මුලින්ම වතු අධිකාරීවරයා මේ අනවසර පදිංචිකරුවා සම්බන්ධයෙන් පොලිසියට විධිමත් පැමිණිල්ලක් කළ බවත්ය.

එම ලිපියට අනුව අනතුරුව පොලිසිය මෙම පුද්ගලයාත් වතු පාලන අධිකාරියත් ගෙන්වා කළ විමසිමේ දී මෙම පුද්ගලයා තත්ත්වය පිළිගෙන අනවසර ඉදිකිරීම් ඉවත් කර භූමියෙන් ඉවත් විමට එකඟ වී ඇත.

දින කීපයකට පසු එසේ ඉවත් නොවී සිටීම සම්බන්ධව මෙම පුද්ගලයාගෙන් වතු අධිකාරීවරයා විමසීමේ දී ඔහු ප්‍රකෝපකාරී ලෙස හැසිරී අශ්ලීල භාෂාවෙන් ඇමතීමත් සමග තත්ත්වය අනපේක්ෂිත මුහුණුවරක් ගෙන එය වෙනත් මානයකට තල්ලු වී තිබේ.

මෙම තත්ත්වය රජයේ වතු පාලකවරයෙකුට රාජ්‍යයට අදාළ භාරකාර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකීමේ භූමිකාව පිළිබඳ පැහැදිලි කරගැනීමක් අවශ්‍ය බව වැවිලිකරුවෝ පෙන්වා දෙති.ඔවුන් පෙන්වා දෙන්නේ වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවෙක් නීත්‍යානුකූලව බැඳි සිටින බවය.

ඔවුන් පෙන්වා දෙන්නේ වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවෙක් නීත්‍යානුකූලව බැඳි සිටින බවය.

මැතිවරණ චක්‍රයක් ආසන්නයේ සිදු වන මෙවන් අනීතික ආක්‍රමණයක් ඛේදජනක ලෙස ජීවන් ඇමතිවරයා සමග ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව වතු පාලකවරු ජනපතිට පෙන්වා දෙති.

තොණ්ඩමන් ඇමතිවරයා සහ ඇමති ආරක්ෂක කණ්ඩායමේ සන්නද්ධ සාමාජිකයින් හය දෙනෙකු සභාපතිවරයාගේ උදෙස් මත සිය රාජකාරිය පැහැදිලි කිරීමට ගිය ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී සුරේෂ් නවතරන්නම් වෙත දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වැවිලිකරුවෝ ජනපතිට දන්වති.

අමාත්‍යවරයාගේ සංචාරයේ දී සුරේෂ් නවරත්නම් පැමිණ සිටියේ සිද්ධිය පිළිබඳ වගකීම් සහිතව කරුණු පැහැදිලි කිරීමට බවත්, තොණ්ඩමන් ඇමතිවරයාගේ සෘජු තර්ජනයෙන් සිදුවිය හැකි ව්‍යසනකාරී ප්‍රතිඵලයක් වැලැක්වීමට ඉක්මන් මැදිහත්වීමක් අවශ්‍ය වූ බවත් ඔවුහු ජනපතිට පැහැදිලි කරති.

“මෙම සිදුවීම බිය ගැන්වීමේ සහ ප්‍රචණ්ඩත්වයේ පුනරාවර්තන රටාවක නොසන්සුන් අඳුරක් වෙත අපව ඇදදමා ඇත.

වතු අංශය තුළ මෙම හැසිරීම සීමා කර දෙන ලෙසත්, සමකාලීන දේශපාලන ආචාර ධර්ම වර්ධනය කිරීම සඳහා කරන උත්සාහය තවත් වැඩි කරන ලෙසත්, සියලු දෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් කරමින් එම මූල ධර්මය හරහා යුක්තිය සහ සමානත්වය ස්ථාපිත කරන ලෙසත් අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.” වැවිලි කරුවන් වෙනුවෙන් එහි සාමාජික ධම්මික කොබ්බෑකඩුව ජනාධිපතිවරයාට ලියා ඇත්තේ එසේය.

නිශ්චිත දේශපාලනයකට අනුබද්ධ පිටස්තරයන් රජයට අයත් වතු තුළ කරන ආක්‍රමණය වතුකරයේ අඛණ්ඩතාවය නැති කරනවා පමණක් නොව, ප්‍රාදේශීය ප්‍රජාවන් අස්ථාවර කරන බවත් වැවිලි නායකයෝ ජනපතිට කියති.

අපක්ෂපාතීත්වය සහ යුක්තිය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්, නීතියේ ආධිපත්‍යය කෙරෙහි තමන්ගේ දැඩි පක්ෂපාතීත්වය සැලකිල්ලට ගෙන, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ජනපතිගෙන් ඔවුහු ඉල්ලා සිටිති.

රත්වත්තේ වත්තේ සිද්ධියෙන් අවධාරනය කරන්නේ වගවීම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා වූ දැඩි අවශ්‍යතාව බවත් සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම කමිටුවේ විෂය පථය ඇතුළත් විය යුතුය බවත්, සත්‍යය හෙළිදරව් කිරීම, ගැටුමට වගකිවයුතු පාර්ශ්වයන් හඳුනාගැනීම සහ මෙවැනි තත්ත්ව යළි ඇති නොවීමට විනිවිද පෙනෙන නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් වැවිලි නායකයෝ ජනපතිට දන්වා සිටිති.

lankasara

SendShareShare
Previous Post

අලවතුගොඩ තරුණ කාන්තාවගේ ඝාතකයා මාස 05කට පසු අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

නිර්වින්දන වායු ඖෂධවල දැඩි ගිඟයක්! දැනටමත් නුවරඑළිය රෝහලේ ශල්‍යකර්ම සීමා කරලා! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.