පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්වයක් ඇතැයි දැනුවත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
අදාළ ණයවර ලිපි සඳහා රජයේ ඇපකර නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.










