• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් රට ගොඩදාන විදිහ I Sri Lanka Latest News

August 20, 2023
in Exclusive, News
Reading Time: 25 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ කියූ සැණින් අපේ රටේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ මතකයට නිරායාසයෙන්ම නැගෙන්නේ ‘අපි නොදන්න ලයිව්’ රූපවාහිනී ප්‍රහසන වැඩසටහනයි. එම වැඩසටහනෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත් ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවට තවත් ප්‍රහසන වීඩියෝවක් එක්කර තිබෙනවා.(Sri Lanka Latest News)

එම චැනලයේ ඇතුළත් වැඩසටහන් කිහිපයක් පසුගිය සති කිහිපය පුරාම ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප ඉදිරිපත් කළ අතර, ඔවුන්ගේ ‘රනිල් රට ගොඩදාන හැටි අපේ අය හිතන විදිය’ ලෙස නම්කර ඇති මෙම වීඩියෝවද මෙලෙස ඔබ වෙත ගෙන එමු.

අපි අද කතාවෙන් ඔබ වෙත ගෙන එන්නේ ටිකක් දිග මාතෘකාවක් ගැන. මේක ‘රනිල් රට ගොඩදාන හැටි අපේ අය හිතන විදිය’ තමයි කතාවේ නම. ඒක අවුල් කරන්න, ඒකට හිනාවෙන්න නෙවෙයි. කවුරු හරි රට ගොඩදාන්න එනවා නම් අත් දෙකම උස්සලා ඒකට කැමැතියි. ඒ ගැන හිතාගෙන ඉන්න විදියක් තියෙනවනේ. ඒක ගැනයි අපි කතා කරන්නේ. ඔන්න දැං අපේ රනා මහත්තයා ගත්තා කෝල් එකක් ඇමෙරිකාවේ ජෝ බයිඩන්ට.

හෙලෝ

හෙලෝ…

මිස්ටර් ජෝ බයිඩන්?

කතා කරනවා…

අයිම් රනිල් හියර්….

මං දන්නවා… ආව කොහොම හරි නේද හයවෙනි පාරටත්…?

ඔව් ඔව් අනේ. මොනවා කරන්නද ඉතිං. අනේ මට පොඩි සපෝට් එකක් දෙන්න ඕනෙ මේ වෙලාවේ…

සපෝට් එකක් දෙන්නං.

දන්නවනේ අපේ කට්ටිය පිස්සු කෙළලා කෙළලා…

ඒ වුණාට ඉතිං මේකනේ වැඩේ. එම්.සී.සී. එක එහෙම ගෙනාවට ඒවා කෙරුණේ නෑනේ…?

හරි හරි ඔයා ඉන්නකො ඉන්නකෝ. මමනෙ ඉන්නෙ දැං. මෙහෙම කරමු. එම්.සී.සී. නමට පොඩ්ඩක් කට්ටිය දන්නවනේ කේස් එක. ඒකට අපි වෙන නමක් දාමු. සී.ටී.බී. වගේ අපේ එවුන්ට හුරු නමක්. මේකෙන් අපට මාර හොඳ දෙයක් වෙනවා කියලා වෙන ප්‍රපෝසල් ටිකක් බර ඉංග්‍රීසියෙන් දාලා එවන්න. වැඩේ කරලා දාමු…

තාම ගෝ හෝම් ඉන්නවා නේ?

ගෝ හෝම් ඉන්නවා. ගෝ හෝමුයි, ඕගොල්ලන්ගෙ පරණ එක්කෙනා ඩොලන්ඩ් ට්‍රම්ප්. දෙකම එකනේ. සාත්තරකාරයෙක්ගෙන් එක එක ඒවා අහගෙන, ඒ විදියට වැඩ කරගෙන, හෙන කබ්බො ටිකක් ළඟට අරං පොරවල් කියලා හිතාගෙන, උං කියන දේවල් අහලා වැඩේ කෑවනේ එහෙම පිටින්ම. මම ඒවා ටික බැලන්ස් කරලා දෙන්නං. මට කොහොම හරි ඩොලර් බිලියන තුනක් හතරක් කරගන්න පුළුවන්ද?

පුළුවං පුළුවං.

එහෙනං මම ගනං තියාගන්නවා ඈ…

හරි හරි.

ලොකු අයියා අපිට ඩොලර් බිලියන හතරයි කියලා දාගන්නවා හරිද?

හරි හරි…

කවුද අර කැනඩාවේ ඉන්න නායකයා කොල්ලා හරි ෂෝක් නේද?

ඔව් හොඳයි.

මිනිහටත් පොඩ්ඩක් කියන්නකො. මිනිහා අපට සපෝට් එකක් දෙයිද? ඒ වගේ කොල්ලො තමයි එන්න ඕනෙ. අපි වගේ ඩයල් නෙමෙයි දැං එන්න ඕනෙ. මං ඇමෙරිකාවේ ආපු වෙලාවක දෙන්නා එක්ක යමුද කැනඩාව පැත්තෙ ගිහිං මිනිහවත් බලලා එන්න…?

හා යමු යමු…

එහෙනං ඩොලර් බිලියන හතරයි නේ…?

ඔව්…

ඔන්න දැන් අපේ රනිල් මහත්මයා දුරකතන ඇමතුමක් ගන්නවා චීනේ නායකයා ෂී ජින්පින්ට.

පින්…

ඔව් කතා කරනවා…

මේ මම…

ඔව් නම්බර් එකෙන් හිතාගත්තා.

ඔන්න කොල්ලා ආයෙත් ආවා… සපෝට් එක ඕනෙ ඈ. බොක්කෙන්ම ඕනෙ.

හරි හරි මොනා හරි කරමු.

එහෙම නිකං මොනා හරි කරමු කියලා නුහුරට කතා කරන්න එපා ඉතිං. සපෝට් එකක් දෙන්න.

හරි හරි ඉතිං බලමුකො මොනව හරි කරන්න. ඕගොල්ලො ඉතිං ඇමෙරිකාව, යුරෝපෙනෙ ලොකුවට විශ්වාස කරගෙන ඉන්නේ…?

අන්න අන්න… මට ඇඬෙනවා. එහෙම කියන්න එපා… එහෙම කරනවද ඔයාට මං? අපි අවුරුදු කීයක සම්බන්ධතාවයක්ද? එතකොට හම්බන්තොට වරාය කවුද බැලන්ස් කරලා දුන්නේ? ඒවා මතක නැද්ද ඔයාට එහෙම කතා කරන්නේ? ඒක නෙවෙයි මට මේ වෙලාවේ බොක්කෙ සපෝට් එක ඕනෙ. නැත්තං මටත් වෙන්නේ අනිත් අයට වෙච්ච පරිප්පුවමයි. හූ කියලා, ගම් හදාගෙන මම නිකං චාටර් වෙන සීන් එකක් තියෙන්නේ. මෙහෙමයි පරණ ගත්ත ණය පොඩ්ඩක් බැලන්ස් කරමුද?

කරමු කරමු මොනවා හරි…

අර පෝට් සිටිය හොඳටම හදාගන්නකො. හම්බන්තොට වරායෙ වැඩ කරගෙන යන්න. ඕනෙ නම් වරායක් පොඩි වරායක් දෙකක් හිමීට බැලන්ස් කරලා දෙන්නද?

වරායවල් නං ඕනෙ නෑ දැං…

එයාර්පෝට් එකක් දෙන්නද? නැත්නං අපේ එයාර් ලයින් එක ගන්න. අරං කරන්නකො. මං කතාකරලා දෙන්නං ගේම් එක.

හරි හරි මොකක් හරි කරමු.

අනේ මොකක් හරි කරලා දෙන්න ඩොලර් බිලියන දෙකක්වත් ඕනෙ ඉතිං. රනාට දුන්නෑනෙ අනිත් අයට දුන්නට. කරලා දෙනව නේද? කෑම නැවකුත් ඕනෙ. පුළුවන්ද…?

ඔන්න දැං අපේ රනිල් මහත්තයා තවත් දුරකතන ඇමතුමක් දෙනවා රුසියාවට.

හෙලෝ පුටින් මහත්තයා…

ආ… මං හිතුවා කෝල් එක මොකද පරක්කු කියලා…

පරක්කු නෙවෙයි. ඔයාට තමයි මේ ගත්තේ. වැඩ අනේ. මේ කට්ටිය එක එක ඒවා ඉල්ලනවා. ඇමැතිකම් ඉල්ලනවා, අරවා ඉල්ලනවා මේවා ඉල්ලනවා. තව එකෙක් ඉන්නවා ඌ කියන ඉංග්‍රීසි තේරුම් ගන්න ඩික්ෂනරි මදි. පුදුම රටක්නෙ මටත් ඉතිං කරන්න සෙට් වුණේ. ඒක නෙවෙයි මං කතා කළේ. තාම ගේම යනවද?

ඔව් ඔව් අපි අතඅරින්නෙ නෑ ගේම.

මම කියන එක අහපං. සෙලෙන්ස්කියා පව් බං. ඌ තනිවෙලානෙ ඉන්නෙ. ඔය එක එක එවුන් ඇවිත් කතා කළාට ඌ තනිවෙලා ඉන්නේ. අනිත් එක ඒ යකා මේ විහිළුකාරයෙක්නෙ බං. අර චූටි මල්ලිලා පොඩි මල්ලිලා වගේ අහිංසක මිනිස්සුනෙ බං. උන්ට ගහනවද බං. මොන පවක්ද උං වගේ එවුන්ට ගහන එක. ඕක අල්ලලා දාපං. මං ඌට කතාකරලා බැලන්ස් කරලා දෙන්නං.

නෑ, ඌ නේටෝ එකට යන්න හදන එකනේ ප්‍රශ්නෙ.

ඒක මං කතාකරන්නම්කො. මං කියන්නම්කො. එහෙ තියෙන ඛනිජ සම්පත්, ගෑස්, මං බැලන්ස් කරලා දෙන්නද?

හරි හරි.

මගෙ පොඩි හීනයක් තියෙනවා. මට මේක බැලන්ස් කරලා නොබෙල් සාම තෑග්ග ගන්න. හරිද?

අපේ යුද්දෙ නවත්තලා?

ඔව්. නොබෙල් සාම තෑග්ග ගන්න. ඔයා කියන්න මම තමයි කතා කළේ කියලා. එහෙම කරන්න ඕනෙ හරිද?

හරි හරි.

මාස තුනකට විතර මේ පොඩි දූපතක්නෙ බං. තෙල් ටිකක් දියංකො. තෙල් නැව් තුන හතරක් එව්වා නම් ඇති. මාස තුන බැලන්ස් කරගත්තා නම් මට ගොඩදාගන්න පුළුවන්.

බලමු බලමු. මොනවා හරි කරමු ඉතිං.

මං නේටෝ එකේ ඒවා ඔක්කොම බැලන්ස් කරලා දෙන්නං. එහෙනම් තෙල් නැව් හතරයි. හරිනේ…

ඔන්න දැං රනිල් මහත්තයා යුක්රේනයේ නායකයා සෙලෙන්ස්කිට කෝල් එකක් දෙනවා.

සෙලෙන්ස්කි මල්ලි…

ආ… කොහොමද…?

රනා… දන්නවනේ. ආරංචි වුණොනේ… ඔයාටත් ප්‍රශ්න අස්සේ දැක්කද මෙහෙ කතාව…?

ඔව් ඔව් ආරංචි වුණා.

මෙහෙත් එහෙම තමයි. අප්පා තව පොඩ්ඩෙන් ඉවරයි. ගිනිතියලා. දැක්කෙ නැද්ද වීඩියෝ…?

දැක්කා දැක්කා….

මිසයිල් නෙවෙයි නිකං ගිහින් ගැහුවේ පෙට්‍රල්වලින්. ඒක නෙවෙයි දැන් මොකද තත්ත්වෙ?

පුටිනා නවත්තන්නෙ නෑනෙ මේක.

මෙහෙමයි. මං ඔයාට දැන් ගන්න ඉස්සෙල්ලා පුටින්ට ගත්තා. මේවා කවුරුත් ඩිරෙක්ට් කතාකරන්නෙ නෑනෙ බං. වටෙන් වටෙන් කතාකරනවා මිසක් අපි වගේ ඩිරෙක්ට් කතාකරන්නෙ නෑනෙ කවුරුවත්. මම කිව්වා මේක නවත්තමු කියලා. මොකද කිව්වේ?

මිනිහා පොඩ්ඩක් කැමැතියි. දැන් නේටෝ එක ඔයාට කළාද? ඔයා අසරණ වුණාම නේටෝ එක බැලුවද? බොරුවට ඇවිල්ලා ඇමෙරිකාවෙන් ආයුධ ටිකක් එහෙම එවුවනේ. එච්චරනේ. ඔයත් නිකං ඕනෙ නැති වැඩනේ මල්ලි උඹ පටලවගත්තේ. අනිත් එක උඹ මොකටද බං මේ දේශපාලන කෙහෙල්මලට ආවේ? උඹ අර කොමඩි දාගෙන හිටියා නම් අපිත් ඒවා බලලා හිනා වෙවී හටියනෙ බං. මේ ඒක නෙවෙයි වැඩේ ගොඩ. දැන් ඒක නවත්තයි. ඔයා නේටෝ එකත් අල්ලලා දාන්න. අර පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලනවා පුටිනා. ඛනිජයි, ගෑසුයි, බලාගාර වගේ දේවල් ටිකක්. මිනිහට ඒවා බැලන්ස් කරලා දෙන්න. අපි උඹලා ඉන්නෙ තව කී දොහද බං? ඉන්නෙ එක සොමියෙ ඉඳහන්කො. මේ, ඔහෙ ගෑස් තියෙනවද මල්ලි?

ගෑස් තියෙනවා… ඒත් මුකුත් කරගන්න බෑනේ මේ යුද්දෙ නිසා.

හරි හරි. යුද්දෙ බැලන්ස් කරලා දෙන්නම්. ඒක කරලා තියෙන්නේ. මට ගෑස් ටිකක් එවහං මාස දෙක තුනකට.

යුද්දෙ බැලන්ස් කරලා දෙනවා නම් අවුරුද්දකට හරි ගෑස් දෙන්නම්.

ෂුවර්ද?

ඔව්.

අවුරුද්දකට එහෙනං ගෑස් දියං හරිද?

ඒත් මේ යුද්දෙ අස්සෙ ඕවා කරන්න බෑ.

යුද්දෙ බැලන්ස්. ඊළඟට මාව නොබෙල් ප්‍රයිස් එකට යෝජනා කරන්න යන්නේ. උඹ කියපං මම තමයි මේක බැලන්ස් කළේ කියලා ඈ….

රනිල් මහත්තයා දැන් කතා කරන්නේ ජපානෙ අගමැති කිෂිඩාට.

කිෂිඩෝ… කිෂිඩෝ….

ආ… කවුද…?

මම මම. රනා…. ශ්‍රී ලන්කන්.

හරි හරි…

කොහොමද ඉතිං?

හොඳයි. අවුලක් නෑ.

ආරංචිද අපිට වෙච්ච වින්නැහිය.

ආරංචියි. මං ප්‍රවෘත්ති බැලුවා.

අපෝ මුං ඉන්නවා නේද? පිස්සො බං. මෙහෙ ඉන්නෙ පුදුම පිස්සො. අර නිකං ඉන්න කොල්ලන්ට ගැහුවනෙ බං ගොබ්බයො වගේ. මොළේ කඳුළක් තියෙනවද බං මුන්ට. මීහරක්නෙ බං මුං.

දැන් මොකටද කතා කළේ?

නිකං කතා කළේ. මට සපෝට් එකක් දෙනවා නේද?

ඔව් දෙන්නං දෙන්නං.

මම දන්නවා අපේ අතිනුත් වැරැදි වුණා. මගෙන් නෙවෙයිනෙ බං මේවා වුණේ. අර එල්.ආර්.ටී. ප්‍රොජෙක්ට් එක ආපු ගමන්ම මේ යක්කු ඒක අයින් කළානෙ බං. අර ජයිකා එකෙන් අපට හදලා දෙන්න හැදුවේ. ඒවා කරමු. මම අස්සන් කරලා දෙන්නම් ඒක. ඒක පටන්ගමු ආයෙත්. අනිත් එක දෙවෙනි ලෝක යුද්දෙදි උඹලගෙන් ඔක්කොම සල්ලි අයකරගන්න හැදුවා. ඒක කළා නම් උඹලා ලොවෙත් නෑ. ඒ වෙලාවෙ අපේ මාමා තමයි ‘නහීවේරේණ වේරාණි’ වෛරයෙන් වෛරය සන්සිඳෙන්නෙ නෑ කියලා ටෝක් එකක් දීලා උඹලගෙ රට බේරගත්තේ.

ඔව්.

ඒවා උඹලගෙ ඉතිහාසයේ තියෙනවා. අහලා බලපං.

තියෙනවා තියෙනවා…

ඒවත් සලකපං අපි අමාරුවෙ වැටිච්ච වෙලාව මේක. විශේෂයෙන්ම මම. උඹලට යුතුකමක් තියෙනවා අපේ මාමා වෙනුවෙන් මට යමක් කරලා දෙන්න.

මොනව හරි කරමුකො.

එහෙම නෙවෙයි. මම කියන්නම්. ඔයාට මහ ලොකු දෙයක්ද ඩොලර් බිලියන තුනක් කියන්නේ. ඩොලර් බිලියන තුනක් කියන්නේ ජපානෙට මොකක්ද? නතිං නේ. මම ලැයිස්තුවක් හදාගෙන යනවා ලියාගන්නද එහෙනම් ජපානේ කිෂිඩා ඩොලර් බිලියන තුනයි කියලා.

ඔව් ලියාගන්න ලියාගන්න.

එහෙනං තෑන්ක් යූ…

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

ප්‍රතිපත්ති වෙනස් වුණත් අපි රනිල්ව ජනාධිපති කළා! හැබැයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී රටට-රටේ ඒකීයත්වයට-අපේ දේශපාලන කඳවුරට හානියක් වෙනවා නම් අන්න එදාට අපි එළියට බහිනවා! නාමල් මැදකොළඹදී ජනාධිපතිට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් පක්ෂ හැදුවොත් අපිව පාරේ ඇවිද්දනවා කිව්වා! රත්තරන් අශ්වයෝ-ලැම්බෝගිනි ගැන කිව්වා! දැන් තාජුඩීන්ව ගොඩගන්න හදනවා! ලැජ්ජයි මෛත්‍රී ලැජ්ජයි! මෛත්‍රීට මැදකොළඹදී ජොනීගෙන් ලොකු ප්‍රහාරයක්! අනුර කියන්නේ ලෝක ඉතිහාසයේ ලොකුම බොරුකාරයා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News
Exclusive

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Load More
සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.