නියඟය හේතුවෙන්, පොළොන්නරුව, අනුරාධපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා ලබාදෙන පානීය ජලය සීමා කර ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
ඒ අනුව, අදාල ප්‍රදේශ සදහා ජලය සපයනු ලබන්නේ නිශ්චිත පැය ගණනක් පමණි.
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සදහා තවදුරටත් අඛණ්ඩව ජලය සපයන නමුත්, එම දිස්ත්‍රික්ක දෙකේ ද ජලය ප්‍රමාණවත් වන්නේ මාස දෙකක් සදහා පමණක් බව ජලසම්පාදන හා ජලපවාහ මණ්ඩලය පවසයි.
නියගය හේතුවෙන් ගංගාවල ජල මට්ටමල පහළ යාම නිසා, මුහුදු ජලය ගං දිය හා එක්වීමට පටන්ගෙන ඇති බැවින්, එයද පානීය ජලය සැපයුමට පලපෑමක් සිදුකරන බව වාර්තා වේ.
headlinenews










