• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තරලා මදිවාට ගුරුවරුත් රට යන්න පටන් අරන්! ගිය මාස 9ට ගුරුවරු 5000ක් රස්සාව දාලා රට ගිහින්! බෙහෙත් දෙන්න දොස්තරලා නැතුව ඉන්නවා මදිවාට උගන්නන්න ගුරුවරුත් නැතිවන ලකුණු! I Sri Lanka Latest News

August 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
එපා එපා වෙනස් කරන්නට ගුරුවරියන්ගේ සාරිය!
Share on WhatsAppShare on Facebook

2022 දෙසැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ සහ වැටුප් රහිත නිවාඩු ලබා දෙන, සේවයෙන් ඉවත් වූ ගුරුවරුන් සංඛ්‍යාව පන්දහස (5000) ඉක්මවා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.Sri Lanka Latest News

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, ගුරුවරුන් සම්පූර්ණයෙන් ම ගුරු සේවයෙන් ඉවත් වී විදේශගත වීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බැවින් එය අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීම සඳහා බලපාන බව ය.

සේවයෙන් ඉවත් වී ඇති ගුරුවරුන් අතර වැඩි දෙනෙකු ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය, තොරතුරු තාක්ෂණය යන විෂයයන් උගන්වන ගුරුවරුන් බව ත් මෙම තත්ත්වය දුෂ්කර පාසල්වලට ප්‍රබලව ම බලපා ඇත්තේ, මෙම විෂයයන් සඳහා සිටි එක ම ගුරුවරයා ද අහිමි වීමේ අවදානම නිසා ය.

රජය මගින් මේ වසර තුළ රාජ්‍ය සේවයට බඳවා නොගැනීමට තීරණයක් ගෙන ඇති බැවින් මේ වසර අගදී තවත් ගුරුවරුන් පන්දහසකට (5000) ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාම හේතුවෙන් මේ රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පයෙන් පෝෂිත පිරිසක් බවට පත් කිරීම ගැටලුවක් වනු ඇති බව ත්, එම තත්ත්වය ඇති වීමට මෙය ප්‍රධාන කාරණාවක් වන බව ත් ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ය.

ලංකාවේ ගුරු හිඟය හතලිස් දහසකට (40000) ආසන්න වන අතර එය බරපතළ ලෙස බලපා ඇත්තේ, දුෂ්කර පළාත් සඳහා ය. ඒ අනුව, මෙම ගැටලුව තවත් තීව්‍ර කරන අතර හාර දහසක (4000) පමණ ගුරු හිඟයක් පවතින උතුරු මැද වැනි පළාත් මේ තුළින් තවත් අපහසුතාවට පත් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, වෙනත් ක්ෂේත්‍ර සඳහා රාජ්‍ය බඳවා ගැනීම් සිදු නොකළ ද ගුරු පුරප්පාඩු හැකි තරමින් හෝ පිරවීම රජයේ වගකීමක් වන අතර එය ඉටු කරන ලෙසට තම සංගමය ඉල්ලා සිටින බව ය.

ලංකාවේ ගුරුවරුන් මෙසේ රැල්ලක් සේ විදේශගත වීම සහ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම වැළැක්වීමට නම් වහා ම මේ සඳහා රජය මැදිහත් වී ගුරුවරුන්ට ජීවත්වීමට හැකි පරිදි ඔවුන්ගේ වැටුප් විෂමතා සකස් කර දී මේ රටේ රඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය.

මේ සඳහා කිසිදු විකල්ප යෝජනාවක් රජය සතුව මේ වන විට නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා උපාධිධාරීන් හෝ වහා ම බඳවා ගත යුතු බව ත් උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ද මේ වන විට අවුල් ජාලයක් බවට පත් කර ඇති අතර එසේ බඳවා ගන්නේ නම් පුරප්පාඩු සහිත දුෂ්කර ප්‍රදේශවලට ප්‍රමුඛතාව දිය යුතු බව ත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

දිස්ත්‍රික්ක කිහිපයකට ජල සැපයුම සීමා කෙරේ! Sri Lanka Latest News

Next Post

ප්‍රසව හා නාරිවේද ඇඳන්වල උග්‍ර හිඟයක්! නවතම විගණන වාර්තාවකින් හෙළිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව...

Read more

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.