එදා ක්‍රිකට් තරගයක් පැවැත්වෙද්දී එහි ප්‍රේක්ෂකාගාරයේ නිතරම දැකගන්නට ලැබුණු චරිතයක් ලෙස ‘පර්සි අන්කල්’ ප්‍රකටය.Sri Lanka Latest News
අපේ කොල්ලෝ හයේ හතරේ ඒවා ගහද්දී කඩුලු ගනිද්දී සිංහ කොඩියක් අතින් ගෙන ඔවුන් දිරිමත් කිරීමට පර්සි අන්කල් පිටිය වටේ දිව්වේය.
මේ නිසා ප්‍රේක්ෂකයන් අතරද පර්සි අන්කල් නමක් දිනාගෙන සිටියේය.
කොටින්ම කියනවා නම් ක්‍රිකට් කණ්ඩායමේ නිල දිරිගන්වන්නා ලෙස පර්සි අන්කල් පසුව ප්‍රසිද්ධ විය.
කෙසේවෙතත් පසුගිය දිනෙක පර්සි අන්කල රෝගාතුරව පසුවූ අතර ඇතැම් මාධ්‍ය ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පවා පළකිරීමට පියවර ගෙන තිබිණ.
එදා ක්‍රිකට් පිල නියෝජනය කළ මහත්මයකු ලෙස සැලකෙන රෝෂාන් මහානාම පසුගිය දිනෙක පර්සි අන්කල් හමුවී ඔහුට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට කටයුතු කොට තිබුණේ මෙසේය.










