• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ භික්ෂු උපදේශක සභාවේ දෙවන අදියරෙන් ගාලු දිසාවම කසාවතින් බැබළෙයි! ගාල්ල නගර ශාලාව මහාසඟරුවනින් පිරී ඉතිරී යයි! ජනාධිපතිගේ ක්‍රියාකලාපය ජාතික සමගියට බාධාවක්! ආචාර්ය අකුරැටියේ නන්ද හිමි! මම දේශපාලනඥයෝ විශ්වාස නොකළාට සජිත් මහත්තයාව විශ්වාස කරනවා! තිනියාවල පාලිත හිමි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 27 mins read
A A
සජබ භික්ෂු උපදේශක සභාවේ දෙවන අදියරෙන් ගාලු දිසාවම කසාවතින් බැබළෙයි! ගාල්ල නගර ශාලාව මහාසඟරුවනින් පිරී ඉතිරී යයි! ජනාධිපතිගේ ක්‍රියාකලාපය ජාතික සමගියට බාධාවක්! ආචාර්ය අකුරැටියේ නන්ද හිමි! මම දේශපාලනඥයෝ විශ්වාස නොකළාට සජිත් මහත්තයාව විශ්වාස කරනවා! තිනියාවල පාලිත හිමි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එදා අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත් ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඒකීය ස්වෛරී රටක් භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් මේ සියල්ල අද වන විට තර්ජනයට ලක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටක ඒකීය භාවය ස්වෛරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත් සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන විදිහට කටයුතු කරන බවත් පැවසීය.

ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන සංකල්ප ගැන කතා කරන්න පෙර රට තුළ ඇති බෙදීම නැතිකර දැමිය යුතු බවත් සියලුම ජන සමාජ සියලුම ජන කොට්ඨාස සුරක්ෂිතභාවය ඒකීය භාවය වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර අද (15) ගාල්ල නගර ශාලාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් පැවැති අවස්ථාවේ දී මේ බව පැවසීය.

රට තුළ මේ වන විට කතාව වැඩි වී ක්‍රියාව අඩු වී ඇති බවත් පසුගිය දිනක මිහින්තලා පුදබිමේ සිදුවූ විදුලි කප්පාදුව ගැන කණගාටුවට පත් වන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රජය විසින්ම අමු අමුවේම උල්ලංඝනය කිරිමක් බවත් 75 වසරක ඉතිහාසය ගැන කතා කරන විට ඒ ඉතිහාසය පුරාම හිටපු නායකයෝ වැඩ කලේ ආණ්ඩුවේ බලය අරගෙන බවත් විපක්ෂය සිදු කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කිරීම වුවත් වත්මන් විපක්ෂය විසින් ඒ සියලු දේ වෙනස් කර විපක්ෂයේ සිට තුන් වැනි මාවතක ගමන් කරන බවත් වැඩ කරන මාවත එය බවත් කතා කරන දේ ක්‍රියාවට නංවන මාවත එය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දි පැවසීය.

මිහින්තලේ සිදු කළා මෙන් රටේම තිරසර වැඩසටහනක් දියත් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය බවත් මුළු රටම අපේක්ෂාවෙන් සිටින සිස්ටම් එකේ වෙනස සමගි ජන බලවේගය ඇති කර තිබෙන බවත් හොරකම වංචාව තුරන් කර සත්‍යවාදී ශක්තිමත් දේශයක් ගොඩ ගැනීමට කටයුතු කරන බවත් හොරුන් සමග කිසිදු අවස්ථාවක ගණුදෙනුවක් නොමැති නිසා පසුගිය කාලයේ බලය ලබා ගැනීමට ඉල්ලීම් සිදු කළත් එය නොකළ බවත් ජනතා වරමකින් පමණක් එම බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක අවස්ථාවාදීත්වය මුල් කර ගෙන කටයුතු නොකරන බවත් ඕනෑ තරම් අභියෝග ආවත් කිසිදු අවස්ථාවක ඒ වෙනුවෙන් නොසැලෙන බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් බවත් රටට වැඩක් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් සදහා සූදානම් බවත් ශක්තිමත් ඒක්‍රගතාවක් අනුව යමින් ලොව ප්‍රථමයා බවට අපේ රට පත් කිරීමට යන ගමනට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අප රටේ විහාරස්ථාන 10089ක් ද දහම්පාසල් 10018ක් ද පිරිවෙන් 820කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මේ සෑම ආගමික ආයතනයක්ම අනාගතයේ දී ශක්තිමත් ආගමික සංවර්ධන වැඩපිළිවෙළකට යොමු කිරීමට අදහස් කරන බවත් අතීතයේත් වර්තමානයේ දී විවිධ පාලකයන්ගේ හැසිරීම් රටාව තුළ සමගි ජන බලවේගයේ ගමන සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට නොඑළඹෙන ලෙසත් දස රාජ ධර්මය කේන්ද්‍ර කර ගත් ගමනක් සමගි ජන බලවේගය වර්තමානයේත් අනාගතයේත් ඉදිරියට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත වන විටත් කට වචනයට සීමා නොවී සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සෑම ආගමික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමාජ සේවා, ආගමික හා දේශපාලන ගමනක් යන බලවේගයක් ලෙස ඉතිහාසයෙන් ගත යුතු ධනාත්මක පාඩම් ගෙන ඉවත් කළ යුතු සෘණාත්මක කරුණු හොඳින් අවබෝධ කර ගෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ අවවාද උපදෙස් අදහස් යෝජනා ලබා ගෙන උපරිම ආකාරයෙන් නිවැරදි ගමනක් යන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම විහාරස්ථානයකටම මෙන්ම ආගමික සිද්ධානයකටම සංවර්ධන අරමුදලක් ඇති කරන බවත් ගමේ නගරයේ පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයෙන් සිදු කරන දහම් පණිවිඩය ජන සමාජයේ විනයගරුක භාවය ශීලාචාරාත්වය ශිෂ්ටසම්පන්න භාවය ව්‍යාප්ත කර දැහැමි ප්‍රශස්ත ප්‍රබුද්ධ පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ගමේ දහම්පාසල, පිරිවෙන ආදී ස්ථාන ශක්තිමත් කරන බවත් විශේෂයෙන් ම මේ වන විට සෑම විෂයක් කේන්ද්‍ර කර ගෙන ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති කමිටුව තුළින් සෑම විෂයක් පිළිබද නූතනවාදී දැක්මක් තුළින් ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න කටයුතු කරන බවත් පන්සලේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න ජාතික වැඩපිළිවෙළක් දියත් කරන බවත් විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන මුහුණ දෙන විදුලි ජල ගැටලු වැනි විවිධ ගැටලුවලට තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිගේ ක්‍රියාකලාපය ජාතික සමගියට බාධාවක් – ආචාර්ය අකුරැටියේ නන්ද හිමියන්

මම දේශපාලනඥයෝ විශ්වාස නොකළාට සජිත් මහත්තයා විශ්වාස කරනවා – තිනියාවල පාලිත ස්වාමීන් වහන්සේ

බංකොලොත් රට ගොඩ ගැනීමේ වගකීම විපක්ෂය සතු යි – දිදුල මාධ්‍ය ජාලයේ සභාපති මාලිගාවිල අස්සජී ස්වාමීන් වහන්සේ

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මිය, ගයන්ත කරුණාතිලක මහතා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටිය හ.

සමහරුන්ට ටොන් ගණන් උපදෙස් ලැබුණත් බාරගන්නේ මිලිග්‍රෑම් ගණනින්! හැබැයි සජිත් කවදාවත් හාමුදුරු කෙනෙක්ට අපහාස කරන්නේ නෑ! තර්ක කරන්නෙ නෑ! විරුද්ධව කතා කරන්නෙත් නෑ! හිත රිදවන්නෙත් නෑ! ඕන දේකට ඇහුම්කන් දෙනවා! සජිත් කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න දියමන්තියක්! රටක් වටින රත්තරන් මනුස්සයෙක්! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී තීනියාවල පාලිත හිමියෝ සජිත් ගැන කවුරුත් දැනගෙන හිටියෙ නැති කතා ගොඩක් කියයි! VIDEO I Sri Lanka Latest News
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඉඩෝරය නිසා කිරි ගවයන්ට තණකොළ නෑ! කිරි නිෂ්පාදනය 50%කින් අඩු වෙලා! Sri Lanka Latest News

Next Post

තංගල්ලේ කොල්ලෙක්ට වෙඩි තියලා මරලා පැය කීපයයි ගියේ! දික්වැල්ලේත් එකෙක්ට වෙඩි තියලා මරලා! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.