• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවසීලන්ත පාර්ලිමේන්තුවේදී අපේ මන්ත්‍රීවරියන්ට ලොකු පිළිගැනීමක් හිමිවෙද්දී අපේ පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන ගැන හොයන්න කමිටුවක් පත් කරයි! Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නවසීලන්ත පාර්ලිමේන්තුවේදී අපේ මන්ත්‍රීවරියන්ට ලොකු පිළිගැනීමක් හිමිවෙද්දී අපේ පාර්ලිමේන්තුව ඇතුළේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන ගැන හොයන්න කමිටුවක් පත් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවසීලන්තයේ අධ්‍යයන චාරිකාවක නිරත වී සිටින අතරතුර පසුගියදා (01) නවසීලන්ත පාර්ලිමේන්තු රැස්වීමක් නැරඹීමට එක්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බව නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායකවරයා පාර්ලිමේන්තුවට මෙහිදී නිවේදනය කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් නවසීලන්ත පාර්ලිමේන්තු කථානායකවරයාගේ විශේෂ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට එක්වූහ. එහිදී සියළු නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සිය අසුන්වලින් නැගිට අත්පොළසන් දෙමින් ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන් වෙත සිය ප්‍රසාදය පළ කළහ.

නවසීලන්ත පාර්ලිමේන්තුව වෙත පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිළිගනු ලැබුවේ එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ග්රෙග් ඕ කොන(ර්) මහතා ඇතුළු මන්ත්‍රීවරයන් පිරිසක් විසින් නවසීලන්තයේ මාඕරි (Māori) සංස්කෘතියට අනුව ආශිර්වාද ගීතිකා ගායනා කිරීමෙනි.

අනතුරුව ශ්‍රී ලාංකික දූත පිරිස නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ඒඩ්‍රියන් රුරාවේ, නියෝජ්‍ය කථානායක ග්රෙග් ඕ කොන(ර්) සහ සහකාර කථානායකවරියක් වන ජැකී ඩීන් යන මහත්ම මහත්මීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

මෙම අධ්‍යයන චාරිකාව අතරතුර නවසීලන්ත පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඩේවිඩ් විල්සන් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන් අතර විශේෂ හමුවක් පැවති අතර දෙරටේ පාර්ලිමේන්තුවල ක්‍රියාකාරිත්වය පිළිබද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම නවසීලන්ත පාර්ලිමේන්තු සේවා ප්‍රධානී රෆායෙල් ගොන්සාලෙස්, එරට කාන්තා ඇමතිනිය සහ අධ්‍යාපන අමාත්‍ය ජැන් ටිනෙට්ටි, ප්‍රජා සහ ස්වේච්ඡා අංශ පිළිබද අමාත්‍ය ප්‍රියංකා රාධක්‍රිෂ්ණන්, කම්කරු පක්ෂයේ සභාපති ජිල් ඩේ, එරට කාන්තාවන්ගේ නියෝජ්‍ය සභාපතිනි කැරොල් බොමන්ට්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම, වනුෂි වෝල්ටර්ස් ඇතුළු කම්කරු පක්ෂ සාමාජිකයන් ඇතුළු මහත්මීහු පිරිසක් සමග සාකච්ඡාවන්හි නිරත වීමේ අවස්ථාවද ශ්‍රී ලාංකික මන්ත්‍රීවරියන්ට හිමි විය.

නවසීලන්ත පාර්ලිමේන්තුවේ සමාජසේවා සහ ප්‍රජා ස්ථාවර කාරක සභාවට සජීවීව සහභාගී වී එහි අත්දැකීම් ලබා ගැනීමටද සහ එරට පාර්ලි‍මේන්තුවේ සන්නිවේදන කණ්ඩායම විසින් පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගී වීමටද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන්ට හැකිවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කොට තිබිණි. මෙම අධ්‍යයන චාරිකාවට මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ , විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, රෝහිණි කුමාරි විජේරත්න, (නීතිඥ) පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, (නීතිඥ) තලතා අතුකෝරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, (ආචාර්ය) හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමණාකාරිනි නිම්මි හාතියල්දෙනිය යන මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙරට දේශපාලනය තුළ කාන්තා නායකත්වය සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරක්ෂිත කිරීම මෙන්ම ශ්‍රී ලාංකීය කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කෙරිණි.

මේ අතර පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික හිංසන සිදුවෙන බවට පළවන චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවය.

SendShareShare
Previous Post

ලංකාවේ හොරකම් ගැන හොයන්න අමෙරිකාවේ ලොක්කෙක් ලංකාවට එයි! හැම පාර්ශ්වයක්ම හමුවෙන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

ලංකාවේ වෙළෙඳ පහසුකම් සැලසීමට රනිල් මුලපුරයි! ආර්ථිකය ඩිජිටල්කරණයට! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper