එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු මහතා අගෝස්තු 8-9 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.Sri Lanka Latest News
එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිවේදනය කරන්නේ ඒ මහතා සමගින් දිවයිනට සැපත්වන ධුත මණ්ඩලයට එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණ-විරෝධී විශ්ලේෂක ඩිලන් එයිකන්ස් මහතා ද ඇතුළත් වන බවය.
කොළඹ ගත කරන කාලසීමාව තුළ නෙෆියු මහතා ආණ්ඩු පාර්ශවයේ, විරුද්ධ පාර්ශවයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ විවිධ අය හමුවීමට අදහස් කරතිබේ.
දූෂණය මර්දනය කිරීම සඳහා දරන වෑයම් පිළිබඳව මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමත් අනාගත සහයෝගීතා සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වේ.









