• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව දින 365යි, හැබැයි 182න් සටන පටන් ගනී, රටම ලෑස්ති වෙන්න, ඊළඟ ජනාධිපති තෝරන්න I Sri Lanka Latest News

August 5, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 පිහිටුවූ ආණ්ඩුවට ජාතික ලයිස්තුවෙන් එක්වූ ජී.ඇල්. පීරිස්, පසුව ඇගේ පාලනය පෙරළා දමන්නට රනිල් සමග එක්වූ එස්.බී,, බන්දුල ගුණවර්ධන ඇතුළු කැරළිකාර පිලට එක් විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී මහින්දට පලා බෙදන්න පටන්ගත් පසු රාජපක්ෂවාදීන් බිහිකළ පොහොට්ටුවට දරදිය ඇදි ජී.ඇල්. පසුව රාජපක්ෂ සමාගම සතු පොහොට්ටුවේ සභාපති ධුරයටද පත්වූයේය.(Sri Lanka Latest News)

එහෙව් ජී.ඇල්. අද ඉන්නේ පොහොට්ටුවෙන් ඉවත්වී ඩලස්ලා සමගය. ඒ ඉන්නා ගමන් ඔහු ජාතික දේශපාලනයට දැනෙන ප්‍රකාශද කරන්නේය. ජනාධිපතිවරණයට හරියටම දින 365ක් බව පසුගිය සඳුදා ජී.ඇල්. ලංකාවටම මතක් කර දුන්නේය.

ජී.ඇල්.ගේ ප්‍රකාශය ජනතාව තුළ යම් ප්‍රබෝධයක් මෙන්ම තැතිගැන්මක්ද ඇතිකරන්නට සමත් වූයේය. ඊට හේතුව පළාත් පාලන මැතිවරණය කුප්‍රකට තර්කයක් හමුවේ අකුළා දැමූ වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයටද ඒ හැන්දෙන්ම බෙදනු ඇතැයි වන ඔවුන් තුළ හටගෙන ඇති බිය බවට සැක නැත. නැගෙන ජනතා විරෝධය සහ මසකට අධිකරණය හමුවේ ගොනුවන ආණ්ඩුවට එරෙහි නඩු ගණන බලන කළ ජනතාව හමුවට පැමිණ බලය ඉල්ලන්නට අමේ ආණ්ඩුවට හැකියාවක් නැති බව පැහැදිලිය. එහෙත් ජනාධිපතිවරණය යනු පළාත් පාලන මැතිවරණය තරම් පහසුවෙන් අකුළන්නට පුළුවන් මැතිවරණයක් නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇත්තෙක් පවා දනී.

මේ ලිපිය ලියන මොහොත වන විට ජනාධිපතිවරණයට දින 360ක් ඉතිරිව ඇත්තේය. ඒ අනුව මැතිවරණ උණුසුම ජනතාවට දැනෙන්නට තව මාස හයක් අවම වශයෙන් ගතවිය යුතු බව සඳහන් කළ යුතුව ඇත. එහෙත් මේ ගෙවෙන්නේ හරියටම කියනවා නම් සංක්‍රාන්ති සමයකි. රටේ බොහෝ අංශ කඩාවැටී හමාරය. සෞඛ්‍ය අංශය බරපතළ අර්බුදයකය. ඉතා සරල හර්නියා සැත්කමක් වෙනුවෙන් කරන නිර්වින්දනය පවා මරණයෙන් කෙළවර වූ අවස්ථාද වාර්තා වේ. තවත් සරල සැත්කමක් වූ ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු බොහෝ රෝගීන් අන්ධභාවයට පත්වූ අතර, දැන් ඒ ගැන හොයන්නට ආණ්ඩුව කොමිසමක්ද පත්කර ඇත්තේය.

බත් කන මිනිසුන් සිටින රටක අද විකුණා ගැනීමට නොහැකිම නිෂ්පාදනය වී ඇත්තේ වී අස්වැන්නය. වී මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලයට සල්ලි නැත. එහෙයින් රුපියල් සියයක් පමණ වැයකර නිෂ්පාදනය කරන ලද වී කිලෝව රුපියල් හැටට විකුණන තරමේ ඛේදවාචකයකට ජනතාව මුහුණ දී ඇත. උඩවලව ජලාශයෙන් වගා කළ කුඹුරු අක්කර 60,000කට වඩා ජල හිඟයෙන් විනාශ වෙමින් සිටී. මෙතරම් තීරණාත්මක අර්බුද ගහන රටක තීරණාත්මකම මැතිවරණය වන ජනාධිපතිවරණයට වසරක් තබා මිනිසුන් සූදානම් වීමේ අරුමයක්ද නැත.

මැතිවරණයේ තීරණාත්මක සාධක අතරින් ප්‍රධාන සාධකය ලෙස රාජ්‍ය සේවකයන් දැක්විය හැක්කේය. ගණනින් මිලියන 1.5කට ආසන්න ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් මැතිවරණයකදී තීරණාත්මක වන්නා සේම මැතිවරණයක් පැවැත්වීමේදීද තීරණාත්මක වැඩ කොටසක් ඉටුකරන්නේය. සම්මත නීති ප්‍රකාරව රාජ්‍ය සේවකයා නිර්දේශපාලන විය යුතු වුවද පවතින දූෂිත දේශපාලන තත්ත්වයන් හමුවේ රාජ්‍ය සේවකයාට පමණක් හුදකලා ඒකකයක් ලෙස පැවැතිය නොහැක.

එහෙයින් ලංකාවේ රාජ්‍ය සේවය සැලකිය යුතු තරමට දේශපාලනීකරණය වී ඇති බව අප පිළිගත යුතුය. එහෙත් මැතිවරණයක් සමීපයේදී මෙම තත්ත්වය ඉඳුරාම වෙනස් වන්නේය. ක්ෂේත්‍ර රාජකාරියේ යෙදෙන ග්‍රාම නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා සියලු රාජ්‍ය සේවකයෝ දේශපාලන පක්ෂපාතීත්වයන් ඉවත දමා කටයුතු කිරීම ආරම්භ කරති. ඒ අනුව අදින් තවත් මාස හයක් ගතවුණු තැන ලංකාවේ සියලු රාජ්‍ය සේවකයන් සිය දේශපාලන බැඳියාවන් ඉවත දමා කටයුතු කළ යුත්තේය.

ඊළඟ වැදගත් සාධකය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභාවන්ය. මධ්‍යස්ථ රාජ්‍ය පාලනයක් සහතික කරනු වස් ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී ඇති ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වය මැතිවරණ සමයේ වඩාත් පැහැදිලිව දැකගත හැකි වනු ඇත. මෙහිදී බොහෝ දෙනකුගේ අවධානයට ලක්වනුයේ ස්වාධීන මැතිවරණ කොමිසම පමණක් වුවත්, පොලිස්, අල්ලස් සහ රාජ්‍ය සේවා කොමිෂන් ද ජනාධිපතිවරණය සාධාරණව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාමට වැදගත් මෙහෙයක් ඉටුකරනු ලබයි.

සාමාන්‍ය නීතිය අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු රාජ්‍ය සේවයේ ස්ථාන මාරු කළ නොහැක. එවැනි ක්‍රියාවන් නොවන බව තහවුරු කිරීම සඳහා කොමිෂන් සභාවන්ට විශාල බලයක් හිමිවේ. එමෙන්ම මැතිවරණ සමයේදී මාධ්‍ය නියාමනයටද මැතිවරණ කොමිසම කටයුතු කරන අතර, එහි වඩාත් සක්‍රීය දායකත්වය 2105 ජනාධිපතිවරණයේදී දැකගත හැකි විය. එවර බලයේ සිටි ජනාධිපතිවරයාගේ පෝස්ටර් කටවුට් පවා ඉවත් කිරීමට එවක මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කටයුතු කළ අතර, එම ක්‍රියාව සමාජයේ ඉහළින් අගය කිරීමට ලක්විය.

මැතිවරණයක් සමීපයේදී වඩාත් වෙනස්කම් සිදුවන ආයතනයක් ලෙස පොලිසිය දැක්විය හැක. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයද සාධාරණ සහ අපක්ෂපාතීව පැවැත්වීම සඳහා පොලිසියට විශාල කැපකිරීමක් කිරීමට සිදුවනු ඇත. තම රාජකාරියට නිතර දෙවේලේ අත දමන දෙශපාලනඥයන් නොතකා කටයුතු කිරීමට ඔවුනට සිදුවනු ඇත. එහෙත් හොඳම කරණම් දැකගත හැකි වන්නේ දේශපාලන පිටියේය. දැත් ශක්තිමත් කරන්නට එන්නන් දිනන පැත්තට පෝලිම් ගැසී පැමිණීමෙන්ම පරදින අපේක්ෂකයන්ගේ නැව්වලින් පනින දේශපාලන මීයන්ද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ජනතාවට දැකගත හැකි වනු ඇත.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු වඩාත් විශාල වෙනස සිදුවන්නේ සාමාන්‍ය සමාජයේය. එදිනෙදා සාකච්ඡාවට ගැනෙන ක්‍රිකට් තරග, නාට්‍ය, චිත්‍රපට ආදිය දෙවැනි තැනට දමමින් සමාජයේ මුල් තැනට ජනාධිපතිවරණය පත්වීම තවත් මාස හයක් තුළ සිදුවනු නොඅනුමානය. ඒ අනුව බස් රියේ, දුම්රියේ මෙන්ම වැඩපළ සහ කඩපිලේද ප්‍රධාන මාතෘකාව ජනාධිපතිවරණය බවට පත්වීම ඊළඟ මාස හය අතුළත බලාපොරොත්තු විය හැකිය.

මෙලෙස ජනාධිපතිවරණය ගැන අනාගතයේදී මතුවන සමාජමය කතිකාව අප සුළුකොට තැකිය යුතු නොවේ. ඊට හේතුව අතීතයේ දේශපාලන රැස්වීම් නිසා සිය දේශපාලන දිශානතිය තීරණය කළ ලංකාවේ පාවෙන ඡන්දදායකයන් අද වන විට තමා ගසන කතිරය තීරණය කරන්නට මෙකී සමාජ කතිකාවන් යොදාගන්නා බව මත විමසුම්වලදී තහවුරුව ඇති බැවිනි.

තවත් මාස හයකික් පසු ලංකාවේ ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ වුවහොත් වඩාත් කාර්යබහුල වන පිරිසක් ලෙස සමාජ මාධ්‍ය හසුරුවන්නන් පත්වනු ඒකාන්තය. ඊට හේතුව වඩාත් වේගයෙන් සහ සිත් කාවදින ආකාරයෙන් තම පණිවුඩය සමාජගත කරන්නට සමත් මෙවලම බවට සමාජ මාධ්‍ය පත්වීමය. එදා හයිඩ් පිටිය, කැම්බල් පිටිය, කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය ආදී රට පුරා වේදිකාවල ගොඩනැගුණු දේශපාලන ප්‍රචාරණය වර්තමානයේ ගොඩනැගෙන්නේ සයිබර් අවකාශයේය.

එහෙයින් පෝස්ටු සෑදීම, බෙදාහැරීම, පළකිරීම ආදී සෑම කාර්යයකම නියැළෙන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කාර්යබහුල වනු ඇත. අපේක්ෂකයන්ට රෙදි ඇන්දවීමත්, ඇඳ සිටින රෙදි ගැළවීමත් බොහෝ විට සිදුවන්නේ මෙකී සමාජ මාධ්‍ය භවිත කරන්නන් මගිනි. ඊට අමතරව මැතිවරණයක් සමීපයේ ලංකාවේ ඇති සමාජ මාධ්‍ය ගිණුම් ගණනට වඩා ව්‍යාජ ගිණුම් ඇතිවීම සුලබ අත්දැකීමකි. එම නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමත් සමග ලංකාවේ ෆේක් එක්වුන්ට් ගණන රොකට් වේගයෙන් ඉහළ යාමට ඉඩ තිබේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග සිදුවිය හැකි වැදගත්ම සහ රහසිගතම කාර්යයක්ද වෙයි. ඒ, මහජනයාගේ දේශපාලන මතය වෙනස් වීමය. 2015 ජනාධිපතිවරණය අවසාන දින කිහිපයට එන තුරුම පැවැතියේ මහින්ද රාජපක්ෂගේ තනි සටනක් ලෙසය. ඔහු එදා මැතිවරණ වේදිකාවේ කීවේ තමා ෂැඩෝ බොක්සිං තරගයකට ඉදිරිපත්ව ඇති බවයි. ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ප්‍රතිවාදියෙක් නැති බව විමල් වීරවංශ පවා ප්‍රසිද්ධියේ කීවේය. එදා ජය අතේ තබාගෙන සිටි මහින්දට තරු පෙනෙනුයේ පාන්දර යාමයේය.

තම අතිජාත මිත්‍රයා වන ‍රනිල් ජනාධිපති මන්දිරයට කැඳවා ෂේප් එකේ මැදමුලනට පසුබසින්නට වේ යැයි මහින්ද නොසිතුවේය. මේ මහා පරිවර්තනය සිදුවූයේ අන් කිසි තැනක නොව ජනතාවගේ පපු කුහර තුළය. එදා මහින්ද මුහුණ දුන්නේ ජනතාවගේ හද ගැස්ම කියවා නොගැනීමේ කරුමයටය. එදා ජනතාවගේ පපු කුහරයන්ට එබී බැලීමට මහින්ද අමතක කළ අතර, වත්මන් ජනාධිපති රනිල්ටද ඊට කිසිම ඕනෑකමක් නැත.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

ලක්ෂ 41ක ලයිට් බිල ගෙව්වා කියලා දැනටමත් සජිත් මහත්තයාට මඩ ගහන්න පටන් අරන්! කළුවරේ ඉඳගෙනම මිහින්තලාවේ නායක හිමියෝ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

CCTV එකට අහුවුණු වැලිවේරියේ වෙඩි තැබීම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.